IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


ලංකාවේ තෙවැනි සමාලෝචනය 28 වැනිදා IMF විධායක කමිටුවට

විමුක්ති එස්. රුද්‍රිගු


මෙරටට ලබා දී ඇති ආධාර වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙහිලා ලබාගෙන ඇති ප්‍රගතිය තක්සේරු කිරීමට සිදුකළ තෙවැනි සමාලෝචනය එළැඹෙන 28 වැනිදා විධායක කමිටුවට යොමු කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් එළැඹෙන 28 වැනිදා රැස්වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටුව, තෙවැනි සමාලෝචනයට අනුමැතිය ලබාදීම සඳහා එහිදී සලකා බලනු ඇතැයි පැවැසෙයි. තෙවැනි සමාලෝචනය සඳහා වන කාර්ය මණ්ඩල එකඟතාවට පසුගිය නොවැම්බර් මාසයේදී එළැඹි අතර එය විධායක කමිටු අනුමැතියට ඉදිරිපත් කිරීමට පෙර “2025 අයවැය”‍ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආධාර වැඩසටහනට අනුකූලව ඉදිරිපත් කිරීම ඇතුළුව පූර්ව ක්‍රියා කිහිපයක් ඉටු කිරීමට ශ්‍රී ලංකාවට සිදුවිණි.

පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ජුලී කොසැක් මහත්මිය ප්‍රකාශ කර සිටියේ මෙරටට ලබා දී ඇති වැඩසටහනේ පරාමිතීන්ට අනුකූලව “2025 අයවැය”‍ ඉදිරිපත් කිරීම සහ පෙර එකඟ වූ කොන්දේසි ඉටුකිරීම මත පසුගිය නොවැම්බර් කාර්ය මණ්ඩල එකඟතාවකට පැමිණි තෙවැනි සමාලෝචනයට විධායක කමිටුවේ අනුමැතිය ලැබෙනු ඇති බවයි.

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා “2025 අයවැය”‍ පෙරේදා (17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පරාමිතීන්ට අනුකූල වූ අයවැයක් විය. මේ වනවිට විධායක කමිටුවේ අනුමැතිය ලබා ගැනීම සඳහා ඉටුකළ යුතු පූර්ව ක්‍රියා බොහොමයක් ශ්‍රී ලංකාව සිදුකර අවසන් අතර ඒ අනුව එළැඹෙන 28 වැනිදා තෙවැනි සමාලෝචනයට විධායක කමිටුවේ අනුමැතිය හිමිවනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ පවසති.

 



අදහස් (0)

ලංකාවේ තෙවැනි සමාලෝචනය 28 වැනිදා IMF විධායක කමිටුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 232 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 70 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 769 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site