(තිළිණි ද සිල්වා)
ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අපනයන සඳහා වැඩි ඉඩක් ලබාදීමට කුර්දිස්ථානය (ඉරාකය) එකඟතාවය පළ කළ බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශය සඳහන් කරයි.
අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සහ කුර්දිස්ථාන කාර්මික හා වාණිජ මණ්ඩල නියෝජිතයන් අතර පැවති සාකච්ඡාවක දී මෙම එකගතාවය පළ වූ බවද එම අමාත්‍යාංශය කියයි.
කාර්මික අපනයන හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශයේ දී පැවැති එම සාකච්ඡාවට කුර්දිස්ථාන කාර්මික හා වාණිජ මණ්ඩලයේ සභාපති ධාරා ජාලිල් ඛාලීල් මහතා ඇතුළු නියෝජිතයෝ 16 දෙනෙක් එක් ව සිටියහ.
ඉරාක ශ්‍රී ලංකා කොන්සාල්ජෙනරාල්වරයා සහ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය මෙම හමුව සංවිධානය කර තිබිණි.
මෙම නියෝජිතයන් ඇමති ප්‍රසන්න රණතුංග මහතාට පෙන්වා දුන්නේ කුර්දිස්ථානයට පුහුණු ගුරුවරුන්ගේ හිඟයක් පවතින බවයි. ආර්ථික සහයෝගිතාවයක් ලෙස පුහුණු ගුරුවරුන්ට කුර්දිස්ථාන ප්‍රාන්තයේ රැකියා අවස්ථා ලබා දීමේ හැකියාව ද මෙහි දී අවධාරණය කෙරිණි.
කෘෂිකාර්මික අපනයන සඳහා කුර්දිස්ථානයෙන් වැඩි අවස්ථාවක් ලබා දිය හැකි බව පෙන්වා දුන් කුර්දිස්ථාන නියෝජිතයෝ මෙරට තේ හා කුරුදු සඳහා ඉහළ ඉල්ලුමක් තිබෙන බව ද කීහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගුරුවරුන් සඳහා පමණක් නොව හෙද වෘත්තිකයන් සඳහාද ලෝක වෙළද පලේ ඉහළ ඉල්ලුමක් ඇත. මෙයින් බොහෝ ප්‍රමාණයක් සපුරන්නේ ඉන්දියාව විසිනි. අපි තවමත් ගෘහ සේවිකාවන් පමණක් රට පටවමින් සිටිමු. අපේ බලධරයින්ගේ ඇස් ඇරෙන විට බොහෝ විට අප ප්‍රමාද වී තිබීමට පුළුවනි..
MCC එක අත්සන් කළොත් ඉරානේ අපේ බඩුගන්න එක තියා, අපිට ඉරානෙන් ලැබෙන තෙල් ටිකවත් ලැබෙන්නේ නැහැ... ගොයියෝ. ඕන් දැන් කිව්වා කියලා ලියලා තියාගන්න. ඉරානේ හැමවෙලේම අපිට උදව් කරේ හදවතින් මුස්ලිම් රටක් වුණත්, තෙල් දුන්නෙත්, අපේ තේ ගත්තෙත්... ඇමරිකාව කවදාවත් අපිට එහෙම කරන්නේ නැහැ. උන්ට වාසියක් නැත්තන්...
බඩු මුට්ටු නම් ඕන තරම් යැව්වට කමක් නැහැ. නමුත් ගුරුවරු යවලා ඒ අය සහරාන්ලා වෙලා අපහු අවොත් විනාශයි. ඒක නිසා ගුරුවරු යවන වැඩේ අල්ලලා දාන්න.