IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


ලංකාවේ උසම ගම්මානයේ සංචාරක කර්මාන්තය නැංවීමට Eagle’s View Point

 

  • මුහුදු මට්ටමේ සිට උස අඩි 6182 ක්

  • ඉදිකිරීම් අාරම්භ කළේ පසුගිය ජ ූලි මාසයේ 

  • මූල්‍ය අනුග්‍රහය සංචාරක සංවර්ධන අධිකාරියෙන්

  • සංචාරකයන් ඉලක්ක කර ලංකාවේ තේ ප්‍රවර්ධන වැඩසටහනක්

  • ගම්මානයේ පදිංචිකරුවන්ට ව්‍යාපාර ඇරැඹීමට වෙළෙඳකුටි


ජායාරූප හා සටහන නොර්වුඩ් රංජිත් රාජපක්ෂ 


ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ඉදි කරන ලද ඊගල්ස් නැරඹුම් ස්ථානය (Eagle’s View Point) විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙන් විවෘත කෙරිණ.

මුහුදු මට්ටමේ සිට අඩි 6182 උසකින් පිහිටි ලංකාවේ උසම ගම්මානය වශයෙන් හැඳින්වෙන නුවරඑළිය ශාන්තිපුර ගම්මානයේ මෙම නැරඹුම් ස්ථානය ඉදි කර ඇත.

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය දියුණු කරමින්, දේශීය ආර්ථිකය ඉහළ දමමින්, දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනා ගැනීමේ අරමුණ ඇතිව මෙම නැරඹුම් මධ්‍යස්ථානය 2024.07.31 දින ඉදිකිරීම් කටයුතු ආරම්භ කෙරිණ.

මේ සඳහා සංචාරක සංවර්ධන අධිකාරියෙන් මූල්‍ය අනුග්‍රහය දක්වා ඇති අතර, ශ්‍රම දායකත්වය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඉංජිනේරු සහය සැලසුම් ඒකකය විසින් ලබා දී ඇත.

විවෘත කරනු ලැබු ඊගල්ස් නැරඹුම් මධ්‍යස්ථානයේ සිට නුවරඑළිය නගරය, පේදුරුතැන්න, හග්ගල, ග්‍රේගරි වැව, කිකිළියාමාන්න, ශ්‍රී පාදය, සප්ත කන්‍යා කදුවැටිය ඇතුළු බොහෝ ප්‍රදේශ සංචාරකයන්ට දැක බලාගත හැක.

ගුවන් හමුදාව විසින් වසර පහක කාලයක් මෙම නැරඹුම් ස්ථානයේ පාලන කටයුතු සිදු කරන අතර, මෙම ස්ථානයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් වෙනුවෙන් කිව් ආර් (QR) කේතය සහිත ප්‍රවේශපත්‍රයක් නිකුත් කරයි. දේශිය සහ විදේශ සංචාරකයන් වෙනුවෙන් විවිධ ගාස්තු යටතේ ප්‍රවේශපත්‍ර නිකුත් කරනු ලබයි.

මෙම නැරඹුම් මධ්‍යස්ථානයට පැමිණෙන විදේශීය සංචාරකයන් ඉලක්ක කරගනිමින් ශ්‍රී ලංකාවේ තේ ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක්ද දියත් කර ඇති අතර, මෙම නැරඹුම් මධ්‍යස්ථානය ඉදි කිරීමෙන් නුවරඑළිය ශාන්තිපුර ගම්මානයේ පදිංචිකරුවන්ට සංචාරකයන් ඉලක්ක කර ගනිමින් තම ව්‍යාපාර කටයුතු කිරීමට වෙළෙඳ කුටි කිහිපයක්ද ඉදි කර ඇත.

ඊගල්ස් නැරඹුම් ස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය මධුර සෙනවිරත්න, නුවරඑළිය රාජ්‍ය ආයතන නිලධාරින්, සංචාරක සංවර්ධන අධිකාරියේ නිලධාරින්, ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලයේ නිලධාරින්, ගුවන් හමුදා නිලධාරින් සහ ප්‍රදේශවාසීන් විශාල පිරිසක් සහභාගි වූහ.



අදහස් (0)

ලංකාවේ උසම ගම්මානයේ සංචාරක කර්මාන්තය නැංවීමට Eagle’s View Point

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 237 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 73 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 773 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site