
චීනය, යුරෝපය සහ ජාත්‍යන්තර වෙළෙඳපොළවල් 64 ක එකම දිනක දී එළි දක්වමින්, මෝටර් රථ ක්ෂේත්‍රයේ නව ඉතිහාසයක් සනිටුහන් කළ XPENG L03 ස්මාර්ට් විද්‍යුත් Coupe SUV රථය හිමිකර ගැනීමේ අවස්ථාව ලාංකික පාරිභෝගිකයන්ට ළඟදීම හිමිවනු ඇත. XPENG හි ලංකාවේ බලයලත් බෙදාහරින්නා වන Evolution Auto සමාගම විසින් ලංකාවට හඳුන්වා දෙනු ලබන මෙම L03 ලොව නවතම ස්මාර්ට් විද්‍යුත් මෝටර් රථ මාදිලිය ලංකාවේ විද්‍යුත් රථ (EV) වෙළෙඳපොළ නව මාවතකට ගෙන යයි.
ආරම්භයේ සිටම ජාත්‍යන්තර වෙළෙඳපොළ ඉලක්ක කරගනිමින් නිපදවන ලද XPENG L03 එළිදැක්වීම මගින් XPENG හි ගෝලීය ව්‍යාප්තිය තහවුරු කරයි. ලොව ප්‍රමුඛ පෙළේ මෝටර් රථ වෙළෙඳපොළේ දැකිය හැකි උසස්ම විද්‍යුත් ගමනාගමන අත්දැකීම ලාංකික පාරිභෝගිකයන්ට ද ලබා දෙමින්, XPENG L03 රථය ස්මාර්ට් තාක්ෂණය, ඉහළම සුවපහසුව, අති නවීන ආරක්ෂාව සහ විශිෂ්ට විදුලිබල ක්‍රියාකාරීත්වය ඒකාබද්ධ කරමින් නිර්මාණය කර ඇත.
Evolution Auto සමාගම හි අලෙවි ප්‍රධානි අශාන් වික්‍රමසිංහ මහතා මෙසේ පැවසීය. XPENG L03 මෙරටට පැමිණීම ලංකාවේ විද්‍යුත් මෝටර් රථ භාවිතයේ ඉතිහාසයට වැදගත් සංධිස්ථානයක් තහවුරු කරනවා. Evolution Auto හි අපගේ අරමුණ වන්නේ ක්‍රියාකාරීත්වය, ආරක්ෂාව සහ තාක්ෂණයෙන් නව සලකුණු තබන ලොව පිළිගත් EV සන්නාම ලංකාවට හඳුන්වා දීමයි. ජාත්‍යන්තර වෙළෙඳපොළේ අනාගතය වෙනස් කරමින් පවතින ගෝලීය මට්ටමේ ස්මාර්ට් EV තාක්ෂණය ලාංකික පාරිභෝගිකයන්ට ලබා දීමෙන් එම කැපවීම තහවුරු වේ. XPENG L03 ඔස්සේ අපි රුපියල් මිලියන 20 ට අඩු මිල කාණ්ඩයේ අපගේ පළමු මාදිලිය ද හඳුන්වා දෙන අතර, එමගින් Evolution Auto හි උසස් තත්වයේ නිෂ්පාදන සහ විශ්වාසනීය අලෙවියෙන් පසු සේවා ලාංකික පාරිභෝගිකයන් විශාල පිරිසකට වඩාත් පහසුවෙන් ලබා ගැනීමට අවස්ථාව හිමි වෙනවා. ”
Ferrari, Lamborghini, Audi, Genesis සහSEAT වැනි ප්‍රමුඛ පෙළේ මෝටර් රථ නිර්මාණය කළ ජාත්‍යන්තර මට්ටමේ ජනප්‍රිය මෝටර් රථ නිර්මාණ ශිල්පී ජුවාන්මා ලෝපෙස් ගේ මගපෙන්වීම යටතේ XPENG L03 නිර්මාණය කර ඇත. ඔහුගේ දීර්ඝ කාලීන නිර්මාණශීලී අත්දැකීම් මෙම රථයේ ඇති ක්‍රීඩාශීලී පෙනුම, ස්වරූපය, ආකර්ෂණීය Coupe SUV හැඩය සහ 0.228 Cd වැනි ඉතා අඩු වායු ප්‍රතිරෝධයක් සහිත වායුගතික සැලසුමෙන් මනාව පිළිඹිබු වේ.
එක්වරක් charge කරගත් විට කිලෝමීටර් 600 ක් (NEDC) දක්වා ගමන් කිරීමේ හැකියාව, 264 Nm ක උපරිම බලයක් (torque) සහ පැයට කිලෝමීටර් 180 ක උපරිම වේගයක් සහිත අතිනවීන විදුලි බල පද්ධතියකින් XPENG L03 සමන්විත වේ. තවද මීටර් 10.5 ක් වැනි කුඩා හැරවුම් වට ප්‍රමාණයක් ඇති නිසා පහසුවෙන් හසුරුවිය හැකි මෙම රථය, ඉහළ කාර්යක්ෂමතාවක් ලබා දෙන අතරම සිත්ගන්නාසුළු ධාවන අත්දැකීමක් තහවුරු වන පරිදි ඉංජිනේරුමය වශයෙන් සැලසුම් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd