IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


ලංකාවේ ආර්ථිකය සියයට පහකින් ඉහළට -මහ බැංකු අධිපති

(හර්ෂණ තුෂාර සිල්වා)

මේ වසරේදී මෙරට ආර්ථිකය 5% ක ආසන්න අගයකින් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අද (4) ප්‍රකාශ කළේය. 

ඉකුත් 2016 වසරේ වාර්තා වූ 4.5 % හා සැසඳීමේදී පසුගිය වසරේදී ආර්ථිකය වර්ධනය වූයේ 3.1% කින් යැයි ද එය අඩු අගයක් යැයි ද මහ බැංකු අධිපතිවරයා කීය.

මේ වසරේ දෙවැනි මුදල් ප්‍රතිපත්ති විවරණය ප්‍රකාශයට පත් කිරීම සඳහා අද (4) මහ බැංකු ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා එම කරුණු කීවේය. 

අහිතකර කාලගුණ තත්ත්වය පසුගිය වසරේ ආර්ථික වර්ධන වේගය අඩු මට්ටමක පැවැතීමට හේතු වූ බව කී මහ බැංකු අධිපතිවරයා පසුගිය වසරේ අපනයන සහ සෘජු විදෙස් ආයෝජනවලට වාර්තාගත වසරක් වූ බව ද කීවේය. 

ආර්ථික වර්ධනයට සහ සංවර්ධනයට දේශපාලන ස්ථාවරත්වය වැදගත් වුවද අප එකම වරද දිගින් දිගටම කරමින් සිටින බව ද මහ බැංකු අධිපතිවරයා මෙහිදි අවධාරණය කළේය. 

“මගේ තාත්තා මට කියපු දෙයක් තිබුණා. බුද්ධිමත් මිනිසුන් අනෙක් මිනිසුන්ගේ වැරැදිවලින් ඉගෙන ගන්නා. සාමාන්‍ය බුද්ධියක් තිබෙන මිනිසුන් තමන්ගේ වැරැදිවලින් ඉගෙන ගන්නවා. මෝඩයන් එකම වරද නැවත නැවත කරනවා. පසුගිය සති කිහිපයක කාලයක සිට මේ රටේ දේශපාලනය අස්ථාවර තත්ත්වයක තිබෙන්නේ. අපි එකම වරද නැවත නැවත සිදුකරමින් ඉන්නවා. මෙය බරපතළ වරදක්. මෙය රටේ සංවර්ධනයට හිතකර නැහැ. 

දේශපාලනය ගතිකත්වය තිබෙනවා. දේශපාලනය අඛණ්ඩව ගලා යා යුතුයි. එහෙත් රජයේ සංවර්ධන වැඩපිළිවෙළවල්, ආර්ථික කටයුතු, රජය සපයන මූලික සේවා, රජයේ අනෙකුත් ප්‍රතිපත්ති, සැලැසුම් යනාදිය අඛණ්ඩව ක්‍රියාත්මක විය යුතුයි. දේශපාලන තත්ත්වය කුමක් වුවත් රජයේ කටයුතු අඛණ්ඩව සහ පලදායී ලෙස සිදුවිය යුතුයි. එසේ නොවීම බරපතළ තත්ත්වයක්. 

රජය ඵලදායී ලෙස ක්‍රියාත්මක කළ යුතුයි. මූලික සේවා ක්‍රියාත්මක විය යුතුයි. සැලැසුම් සංවර්ධන ක්‍රියාවලිය අඛණ්ඩව ක්‍රියාත්මක විය යුතුයි. එය ඉතාමත් වැදගත්” යැයි මහ බැංකු අධිපතිවරයා තවදුරටත් කීය. 



අදහස් (5)

ලංකාවේ ආර්ථිකය සියයට පහකින් ඉහළට -මහ බැංකු අධිපති

ranga Wednesday, 04 April 2018 11:29 AM

මේ බැංකුව කොහෙද බන් තියෙන්නේ ,ණයක් ගන්න බැරිද ?

:       27       173

menna Wednesday, 04 April 2018 02:25 PM

ආර්ථිකය වර්දනය 1%ට කිට්ටු අගයක් තියාගත්තොත් හොඳයි. 5%~10% කියන්න තරමට මතුපිටින් පෙන්නේ හොඳයි කියල. ඒ වුනාට එකෙන් තේරුම් ගන්න පුළුවන් මිනිසුන් කොපමණ අසහනයෙන්ද ඉන්නේ කියල. පිටරට ඇදී යන මුදල් වැඩියි කියලත් හිත ගන්න පුළුවන්. රට ඇතුලේ සල්ලි නිසියාකාරව කරකැවෙනවා කියල හිත ගන්න අමාරුයි. ඔය විදියට තම රුපියල බාල්දු වෙන්නේ. රටේ සල්ලි තවම නිසියාකාරව පාලනය වෙනවයි කියල හිතාගන්න බැහැ. මානසික සහ කායික නිරෝගී සමාජයක් ලංකාව තුල තියෙනවා කියලා හිතාගන්න අමාරුයි.

:       38       6

Deshapriya Thursday, 05 April 2018 03:10 AM

බුද්ධිමත් මිනිසුන් අනෙක් මිනිසුන්ගේ වැරදිවලින් ඉගෙන ගන්නාවා. සාමාන්‍ය බුද්ධියක් තිබෙන මිනිසුන් තමන්ගේ වැරදිවලින් ඉගෙන ගන්නවා. මෝඩයන් එකම වරද නැවත නැවත කරනවා.

:       0       43

ලුම්බිණි Thursday, 05 April 2018 03:50 AM

පාලකයෝ එකිනෙකාට විරුද්ධව විශ්වාසභංග ගැන කතා කරමින් ගත කරනකොට කොහොමද ආර්ථිකයක් වර්ධනය වෙන්නේ?

:       95       33

ROSHAN Thursday, 05 April 2018 03:50 AM

මහා බැංකුවේ අදිපති තුමා දක්ෂයෙකු බව නහයෙන් පෙනෙනවා .

:       0       24

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 647 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17686 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 732 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site