IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ලංකාවේ ආර්ථික ගමන්මඟ ශක්තිමත් ව්‍යාපාරවලට විවෘත වූවක් - - BOI සභාපති

භානුක අමරසිංහ


ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රමුඛතම බුද්ධි මණ්ලයක ජ්‍යෙෂ්ඨ නියෝජිතයන් සහ පෞද්ගලික අංශයේ ව්‍යවසාය කිහිපයකම නියෝජිතයන් ඇතුළු 23 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් පසුගියදා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) සභාපති අර්ජුන හේරත් මහතා හමු වී සාකච්ඡාවක් පැවැත්වූ බව එම මණ්ඩලය පවසයි. 
මෙම කණ්ඩායම එක්සත් ජනපදයේ හඩ්සන් ඉන්ස්ටිටියුට්, ඇමෙරිකන් එන්ටර්ප්‍රයිස් ඉන්ස්ටිටියුට් යන ආයතනවල නියෝජිතයන් සහ එරට තාක්ෂණික සහ මානව ප්‍රාග්ධන සංවර්ධන අංශයන්හි විධායක නිලධාරීන් ඇතුළු පිරිසකගෙන් සමන්විත වී තිබේ.
ආයෝජන මණ්ඩලයේ සභාපති අර්ජුන හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු මෙම සාකච්ඡාවට රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ එක්සත් ජනපදයේ හඩ්සන් ඉන්ස්ටිටියුට්හි මහාචාර්ය වෝල්ටර් රසල් මෙඩ් ඇතුළු කණ්ඩායමක් සහභාගි වූ බව පැවසෙයි.
මෙම සාකච්ඡාවේදී විශේෂයෙන්ම ආර්ථික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම, ආයෝජන අවස්ථා පුළුල් කිරීම සහ වේගයෙන් වෙනස් වෙන භූගෝලීය පරිසරය තුළ ශ්‍රී ලංකාවේ උපායමාර්ගික භූමිකාව සම්බන්ධයෙන් අවධානය යොමු කෙරුණු බව ආයෝජන මණ්ඩලය සඳහන් කරයි.
මෙහිදී අදහස් දක්වා සිටි මහාචාර්ය මෙඩ්, සිය නියෝජිත කණ්ඩායම එක්සත් ජනපදයේ ව්‍යාපාරික නායකයන්, ආයෝජකයන්, අන්තර්ගත නිර්මාණය කරන්නන්, ප්‍රතිපත්ති විශේෂඥයන්ගෙන් සමන්විත වන බවත්, ඔවුන් ශ්‍රී ලංකාවේ ආර්ථික පරිවර්තනය, කලාපීය ස්ථානය සහ සංවර්ධන ප්‍රමුඛතා සම්බන්ධයෙන් අවබෝධය ලබා ගැනීමට අපේක්ෂා කරන බව පවසා තිබේ. එහිදී ඔවුන් ආයෝජන පරිසරය, තාක්ෂණයේ යොදා ගැනීම් සහ දේපළ වෙළෙඳාමේ සංවර්ධනය යන මාතෘකා සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ. 
මෙම කරුණු සම්බන්ධයෙන් සිය ප්‍රතිචාර දක්වා ඇති ආයෝජන මණ්ඩලයේ සභාපති අර්ජුන හේරත් මහතා, ශ්‍රී ලංකාව දේශපාලන ස්ථාවරත්වය, විනිවිදභාවය සහ ආර්ථික ප්‍රතිසංස්කරණ වෙත දායකත්වය ලබා දෙන බව පවසා තිබේ. “අපි ආර්ථික වර්ධනයක් ළගා කරන්නා අතරතුරදීම සාර්වආර්ථික ස්ථායිතාවත් පවත්වාගෙන යාමට අදහස් කරගෙන සිටිනවා. අපගේ රජය දැඩි ලෙස වෙළෙඳ පොළ දිශානතිය හා බැඳුණක්. ඒ වගේම මූල්‍ය විනය ආරක්ෂා කරගැනීම සඳහා සැමවිටම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමගින් සමීපව කටයුතු කරනවා. 
එහිදී දූෂණය පිටුදකිමින්, යහ පාලනයක් ඇති කිරිම සඳහා කටයුතු කරනවා. ශ්‍රී ලංකාවේ ආර්ථික ගමන්පථය ඉතාමත් ශක්තිමත්, ඉදිරියට දෙස බලන සහ ව්‍යාපාර වෙත විවෘත වුවක්.“ 
එසේම භූදේශපාලනික කරුණු සම්බන්දයෙන් අදහස් දක්වා ඇති සභාපතිවරයා ශ්‍රී ලංකාව දිගුකාලයක් පුරා නොබැදි විදේශ ප්‍රතිපත්තියක් පවත්වාගෙන ගිය බවත්, ඒ හරහා ලෝකයේ සියලු‍ම ප්‍රධාන බලවතුන් සමගින් වඩාත් ස්ථිරසාර සබඳතාවක් පවත්වාගෙන යාමට හැකියාව ලැබී තිබෙන බවත් සභාපතිවරයා සඳහන් කර තිබේ. 
මෙහිදී ආයෝජකයන් සඳහා ශ්‍රී ලංකාව සතු ක්‍රමෝපායික වාසි සම්බන්ධයෙන් කරුණු දක්වා ඇති සභාපතිවරයා, ඉහළ අධ්‍යාපනයක් ලැබූ, පුහුණුවලත්, ඉංග්‍රීසි භාෂා දැනුම ඇති ශ්‍රම බලකායක් රට තුළ සිටින බව අවධාරණය කර තිබේ. 
එසේම ශ්‍රී ලංකාව නැගෙනහිර සහ බටහිර නෞකා මාර්ග අතර උපායමාර්ගික වශයෙන් වැදගත් ස්ථානයක පිහිටා තිබෙන බවත්, සැපයුම් සේවා, පුනර්ජනනීය බලශක්තිය, තාක්ෂණය, ඖෂධ, ඛනිජ, ඇඟලු‍ම්, සංචරක සහ දේපළ සංවර්ධනය යන අංශ තුළ තරගකාරී අවස්ථාවන් පවතින බවත් පෙන්වා දී තිබේ. 
විශේෂයෙන්ම ඉදිරියේදී සිදුකරන මුලපිරීම් සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති සභාපතිවරයා තාක්ෂණය, ඇඟලු‍ම් සහ ඖෂධ සඳහා වන විශේෂිත ආර්ථික කලාප පිහිටුවීම සම්බන්ධයෙන් අදහස් දක්වා ඇත. 
එසේම නව ඩිජිටල් ආර්ථික මුලපිරීම් මෙන්ම වරාය සැපයුම් සේවා සහ කාර්මික යටිතල පහසුකම් යන ක්ෂේත්‍ර තුළද බොහෝ පුළුල් අවස්ථා පවතින බවත් පෙන්වා දී තිබේ. 
“අපි තවදුරටත් විවෘත, විනිවිදභාවයෙන්යුත් සහ එක්සත් ජනපදයත් සමගින් හවුල්කාරීත්වයක් ඇති කරගැනීමේ නොතිත් ආසාවෙන් සිටින රටක්. එහිදී ශ්‍රී ලංකාවේ යථාවත්වීම, ප්‍රත්‍යස්තතාව සහ ආයෝජන පිළිගැනීම සඳහා වන සූදානම මේ හරහා පෙන්නුම් කරනවා.“ යනුවෙන් ආයෝජන මණ්ඩලය මෙහිදී අවධාරණය කර තිබේ.



අදහස් (0)

ලංකාවේ ආර්ථික ගමන්මඟ ශක්තිමත් ව්‍යාපාරවලට විවෘත වූවක් - - BOI සභාපති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 519 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 478 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 418 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site