IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ලංකාවේ ආපදා අවස්ථාවේදී ජාත්‍යන්තරයේ එකතු වීම ප්‍රශංශනීයයි

ලෝකයේ රටවල් 21කින් මානුෂීය අරමුදල් සහාය, හදිසි සහන සේවා කණ්ඩායම්
පීඩාවට පත් ජනතාවට සහාය අවශ්‍ය ප්‍රධාන අංශ 7ක්
එම අංශ හත යටතේ කඩිනම් සහාය අවශ්‍යවී ඇති පුද්ගලයන් ලක්ෂ 12 ක් හඳුනාගෙන
ආහාර සුරක්ෂිතතාව තහවුරැ කර ගැනීමට 1,110,000 කට කෘෂි කර්මාන්තය පවත්වා ගෙන යාමට 1,000,000 කට සහාය අවශ්‍යයි
කුණාටුවෙන් යටිතල පහසුකම්වලට පමණක් නොව ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්ට මෙන්ම වගාකරැවන්ටද විශාල බලපෑමක්

විමුක්ති එස් රුද්‍රිගු
වියට්නාමය, තායිලන්තය, ඉන්දුනීසියාව වැනි රටවලද අපදා තත්වය වාර්තා වුවත් දිට්වා සුළි කුණාටුවෙන් මෙරටට සිදුවූ හානිය සහ ඉන් පීඩාවට පත් පුද්ගලයන් සංඛ්‍යාව අනෙක් රටවලට වඩා ඉහළ බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නේවාසික නියෝජිත මාර්ක් ඇන්ඩ්‍රේ ෆ්‍රැන්චේ මහතා ඊයේ (11) ප්‍රකාශ කළේය.
ලෝකයේ රටවල්, ජාත්‍යන්තර හවුල්කරුවන්, සිවිල් සංවිධාන සහ මෙරට ජනතාව අපාදා අවස්ථාවේදී එකතු වූ අයුරු ප්‍රශංසනීය බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය, මෙරට සවර්ධන හවුල්කරුවන් සහ තවත් සංවිධාන රාශියක් සමග එකතු වී ලෝකයේ රටවල් 21ක් මානුෂීය අරමුදල් සහාය, හදිසි සහන සේවා කණ්ඩායම් සහාය ඇතුළුව විවිධාකාරයෙන් මෙරට පීඩාවට පත් ජනතාවට සහාය ලබාදී තිබෙන බවත් ඔහු පැවැසුවේය.
ආහාර සුරක්ෂිතතාව, කෘෂිකර්මය සහ පෝෂණය, අධ්‍යාපනය, සෞඛ්‍ය, සුරක්ෂිතතාව, නවාතැන්, ජලය හා සනීපාරක්ෂාව, කඩිනම් ප්‍රතිසාධනය එක්සත් ජාතීන්ගේ සංවිධානය හඳුනාගෙන ඇති පීඩාවට පත් ජනතාවට සහාය අවශ්‍ය ප්‍රධාන අංශ 7බව ඔහු පැවැසුවේය.
එක්සත් ජාතීන්ගේ සංවිධානය, ජීවිතය පවත්වා ගැනීම සඳහා ඉහත අංශ හත යටතේ කඩිනම් සහාය අවශ්‍යවී ඇති පුද්ගලයන් ලක්ෂ 12 ක් හඳුනාගෙන ඇති බවත් ඉන් ඇතැම් පුද්ගලයන්ට ඒ යටතේ අවශ්‍යතා කීපයක් තිබෙන බවත් ඔහු ප්‍රකාශ කළේය. ඒ යටතේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කර ගැනීම සඳහා 1,110,000 කට සහාය අවශ්‍ය බවත් කෘෂි කර්මාන්තය පවත්වා ගෙන යාම සඳහා 1,000,000 කට සහාය අවශ්‍ය බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය හඳුනාගෙන තිබෙන බවත් ඔහු පැවැසුවේය. එසේම සෞඛ්‍ය සේවා ලබා ගැනීම සඳහා 1,200,000 කට සහාය අවශ්‍ය බවත් ජලය සහ සනීපාරක්ෂක පහසුකම් ලබාගැනීම සඳහා ලක්ෂ 1,100,000 කට සහාය අවශ්‍ය බවත් එහිදී අනාවරණය වී තිබෙන බවදත් ඔහු ප්‍රකාශ කළේය.

 



අදහස් (0)

ලංකාවේ ආපදා අවස්ථාවේදී ජාත්‍යන්තරයේ එකතු වීම ප්‍රශංශනීයයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 581 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site