රැස් කරගන්නා මුදල් සබැඳි පාර්ශ්ව ගෙවීම් සහ බැංකු ණයෙන් කොටසක් පියවීමට යොදා ගැනීමට යයි
භානුක අමරසිංහ
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත ලංකෙම් සිලෝන් පීඑල්සී සමාගම හිමිකම් කොටස් නිකුතුවක් සහ කොටස් අතුරු බෙදීමක් සිදු කිරීමට සැලසුම් කර ඇතැයි පවසයි. සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය පසුගිය 18 දා මේ සඳහා වන මූලික අනුමැතිය ලබාදී තිබේ.
ඒ අනුව සමාගම මගින් මෙතෙක් නිකුත් කර ඇති සෑම සාමාන්‍ය ඡන්ද හිමි කොටස් තුනක් සඳහාම නව සාමාන්‍ය ඡන්ද හිමි කොටසක් නිකුත් කිරීම සැලසුම වී තිබේ. එහිදී කොටසක් රුපියල් 70 ක් බැගින් නිකුත් කෙරෙන සමස්ත කොටස් සංඛ්‍යාව 17,156,919 ක් වන අතර, එහි වටිනාකම රුපියල් 1,200,984,330 ක් ලෙස සටහන්ව තිබේ.
මෙලෙස රැස් කරගන්නා මුදල් සමාගම මගින් සබැඳි පාර්ශ්ව වෙත සිදු කළ යුතු ගෙවීම් සහ සමාගම සතු බැංකු ණයෙන් කොටසක් පියවීම සඳහා යොදා ගන්නා බව ලංකෙම් සිලෝන් පීඑල්සී සමාගම සඳහන් කර සිටියි. කෙසේ වෙතත් මෙම හිමිකම් කොටස් නිකුතුව සහ එය කොටස් හුවමාරුවේ ලැයිස්තුගත කිරීම සම්බන්ධයෙන් අදාළ නියාමන ආයතනවල මෙන්ම කොටස් හිමිකරුවන්ගේ අනුමැතියද හිමිවිය යුතුව ඇතැයි සමාගම සඳහන් කරයි.
මේ අතර අදාළ යෝජිත හිමිකම් නිකුතුවට හිමි වන සම්පූර්ණ දායකත්වයත් සමගින් සමාගම මගින් නිකුත් කර ඇති සමස්ත කොටස් සංඛ්‍යාව 68,627,676ක් දක්වා ඉහළ යන බව සමාගම පවසයි. අනතුරුව එම සෑම කොටසක්ම තවත් කොටස් දෙකක් ලෙස කොටස් අතුරු බෙදීමක් සිදු කිරීම සැලසුම වී තිබේ. ඒ අනුව සමාගම නිකුත් කර ඇති සාමාන්‍ය ඡන්ද හිමි කොටස් සංඛ්‍යාව 137,255,352ක් දක්වා ඉහළ යාම සිදු වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd