(විනීතා එම් ගමගේ)
ශ්‍රී ලාංකිකයන් 1,111 දෙනෙකුට කොරියානු ජනරජයේ රැකියා අවස්ථා සඳහා වීසා ලැබී තිබේ.
මෙසේ වීසා ලැබී ඇත්තේ කොරියාවේ රැකියා සදහා යාමේ බලාපොරොත්තුවෙන් විභාග වලට පෙනී සිට ඉන් සමත් වී කොරියානු මානව සමපත් දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ රැඳී සිටින 5438 දෙනා අතරින් පිරිසකටය.
මේ වනතුරුත් කොරියාවට ගුවන් ගමන් ආරම්භ වී නොමැති අතර ආරම්භ වූ වහා කොටස් වශයෙන් මෙම පිරිස යැවීමට කටයුතු කරමින් සිටින බව විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොල විවධාංගිකරණ අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා ලංකාදීපයට පැවැසිය.
කොවිඩ් 19 වසංගතය හේතු කොට ගෙන විදේශ ගත කිරීම ප්‍රමාද වූ බැවින් එම පිරිස කොරියානු රැකියා සදහා පිටත්කිරීමට ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව අමාත්‍යාංශයේ ලේකම් සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඉහල නිළධාරීන් සමග සාකච්ඡා කල බවද හෙතෙම සඳහන් කළේය.
එම සාකච්ඡාවේදී මේ පිළිබඳව කොරියානු ජනරජය සමග සාකච්ඡා කොට කණ්ඩායම් වශයෙන් කොරියාව සදහා රැකියාලාභීන් පිටත් කිරීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමටත්, කොරියාව විසින් එරටට ගෙන්වා ගන්නා ශ්‍රමිකයින්ගේ අනුමත ලැයිස්තුව ලැබීමෙන් පසු එම ශ්‍රමිකයින් සදහා පිටත්වීමට පෙර ලබා ගතයුතු අනිවාර්යය PCR පරීක්ෂණ හා නිරෝධායන අවශ්‍යතාවයන් රජය විසින් සිදු කිරීමටත් තීරණය කළ බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
විභාගය සමත් අය සදහා කඩිනමින් රැකියා අවස්ථා ලබාගැනීමට සහ රටට ඇතුල්වීමේ අවසර ලබාගැනීම පිළිබදව කොරියානු නියෝජිතයින් සමග තවදුරටත් සාකච්ඡා කර වැඩසටහනක් සකස් කරන ලෙස අදාළ නිලධාරින්ට උපදෙස් දුන් බව කි අමාත්‍යවරයා ඉක්මණින් මේ පිරිස යැවීමට සෑම පියවරක්ම ගන්නා බව ද කියා සිටියේය.
2025 දෙසැම්බර් මස 04
804
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
590
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
467
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ලාංකිකයින් 1,111 දෙනකුට කොරියානු රැකියා සඳහා වීසා ලැබේ