IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


ලාංකික ශ්‍රමිකයින් ගැන බහරේන් ඇමතිගෙන් පැසසුම්

( විනීතා එම් ගමගේ )

බහරේනයේ සේවය කරන ශී‍්‍ර ලාංකික සේවයකයන්ගේ සේවය පිළිබඳව එරට කම්කරු සහ සමාජ  සංවර්ධන අමාත්‍ය ජමීල් බින් මොහමඞ් මහතා ශ්‍රී ලංකා අධිකරණ හා විදේශ රැකියා ඇමතිනි තලතා අතුකෝරල මහත්මිය හමුවේ ප‍්‍රසංශාව පළ කළේය.

අතුකෝරළ මහත්මිය අද බහරේන් රාජ්‍යයේ කම්කරු සහ සමාජ සංවර්ධන අමාත්‍ය ජමීල් බින් මොහමඞ් මහතා එරට දී හමුවූ අවස්ථාවේ මෙම අදහස් පළ කළ අතර දෙරට අතර සහයෝගීතාවය වර්ධනය කිරීම සඳහා ඉදිරියේදී ගන්නා නව කි‍්‍රයාමාර්ග පිළිබඳව ද ඔවුහු සාකච්ඡා කළහ.

මේ වන විට බහරේනයේ ශී‍්‍ර ලාංකිකන් 11,000 ක පමණ ප‍්‍රමාණයක් රැකියාවල නිරත බවත් ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයින්ගේ සුරක්ෂිතතාවය වෙනුවෙන් සොයා බලා කටයුතු කරන බවත් බහරේන් කම්කරු සහ සමාජ සංවර්ධන අමාත්‍යවරයා එහි දී පවසා ඇත.

එසේම අමාත්‍යවරිය මෙහිදී මැදපෙරදිග රාජ්‍යයක් ලෙස බහරේන් රාජ්‍යය ලංකාවට ලබාදෙන රැකියා අවස්ථා සම්බන්ධව සතුටු වන බවත් ඉදිරියේදී වැඩි රැකියා අවස්ථා ප‍්‍රමාණයක් ශී‍්‍ර ලාංකිකයින්ට ලබා දීමට කටයුතු කරන ලෙසත් ඉල්ලීමක් කර ඇත.


මීට අමතරව විගමණික ශ‍්‍රමිකයින්ගෙන් ශී‍්‍ර ලංකාවට වැඩි ආදායමක් ලැබෙන බවත් ගත වූ වසරේදී ඇමෙරිකන් ඩොලර් බිලියන 7.9ක ආදායමක් විදේශ ගත ශ‍්‍රමිකයින්ගෙන් ලැබුණු බවත් පැවසූ අමාත්‍යතුමිය එම අදායම ශී‍්‍ර ලංකාවට විදේශ විනිමය ගෙනෙන තේ, පොල්, රබර්, ඇඟලූම් කර්මාන්තය, සහ මැණික් හා ස්වර්ණාභරණ යන අංශයන්ට වඩා වැඩි බව ප්‍රකාශ කළාය.



අදහස් (4)

ලාංකික ශ්‍රමිකයින් ගැන බහරේන් ඇමතිගෙන් පැසසුම්

menna Thursday, 14 September 2017 03:17 PM

මිනිස් වෙළඳම අපිට හරියන්නේ නැහැ. ඕක නතර කරමු.

:       66       102

paala Friday, 15 September 2017 07:55 AM

ඔව් ඔව් වැඩිපුර අපේ මිනිස්සුන්ට රක්ෂා දෙන්න අපට තව සැප වාහන ටිකක් ඕනෑ වෙලා තියනවා....

:       0       0

lalith Friday, 15 September 2017 04:19 PM

ඉතින් තවත් මොනවද? ඡන්දෙට ඉස්සරලා ආණ්ඩුව ගානේ බෙදන්න තවත් රැකියා ටිකක් දෙන්නම් කිව්වද?

:       0       0

don Sunday, 17 September 2017 09:20 AM

අද වෙනකොට සුද්දෝ මේ රට පාලනය කලානම් අපේ රටේ හැම නිවසකම වගේ වැඩට ඉන්දියා, බංගලාදේශ, පිලිපීන්, පාකිස්තාන් සේවකයෝ....

:       8       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 640 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17657 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 729 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site