
ලංකා සම්බාහන මධ්‍යස්ථාන සංගමයේ (LSA) ජාතික මහා සමුළුව ‘Human Wellness 2025‘ නමින් පසුගියදා කොළඹ 7 ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්විණි. මෙරට සුවතා හා සම්බාහන මධ්‍යස්ථාන ක්ෂේත්‍රයේ අනාගතය පිළිබඳ ඉතා වැදගත් කතිකාවක් වූ ඊට සෞඛ්‍ය අමාත්‍යංශයේ පවුල් සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් ගුණවර්ධන, ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ජ්‍යෙෂ්ට කථිකාචාර්ය හා අධ්‍යක්ෂ ආචාර්ය සමන් වීරවංශ, විශේෂඥ වෛද්‍ය ඩබ්ලිව්. ඒ. ඬේලිනි ඈන් සිල්වා, නීති උපදේශක හා ජ්‍යෙෂ්ට නීතිඥ සුසන්ත ගුණවර්ධන, ලංකා සම්බාහන මධ්‍යස්ථාන සංගමයේ සභාපති ප්‍රසන්න මුණසිංහ ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ. සුවතා සහ සම්බාහන මධ්‍යස්ථාන ලියාපදිංචි කිරීමේදී සැපිරිය යුතු සුදුසුකම්, යටිතල පහසුකම් හා සෞඛ්‍යාරක්ෂිතභාවය පිළිබඳ ප්‍රමිති, කාර්ය මණ්ඩලය සතු විය යුතු සුදුසුකම්, ගාස්තු අය කිරීමට අදාළ ක්‍රමවේද, අදාළ සෞඛ්‍ය සහතික ගැනීමේ ක්‍රියා පටිපාටිය ඇතුළු සියලු දෑ සහිත ආචාර ධර්ම, නියාමන හා මාර්ගෝපදේශ සංග්‍රහය දියත් කිරීමද එහිදී සිදු විය. එය මීට පෙර සෞඛ්‍ය අමාත්‍යංශය සහ නීති දෙපාර්තමේන්තුව වෙත භාර දී තිබේ.
ලංකා සම්බාහන මධ්‍යස්ථාන සංගමය සහ ශ්‍රී ලංකා පදනම් ආයතනය හඳුන්වා දී ඇති සුවතා සහ සම්බාහන සහතික පත්‍ර පාඨමාලාව පිළිබඳව රැස් වී සිටි පිරිස දැනුවත් කිරීමටද කටයුතු යොදා තිබිණි. ජාතික වෘත්තීය සුදුසුකමේ (NVQ) සිව් වැනි මට්ටමේ පාඨමාලාවක් වන ඒ තුළින් වෘත්තිකයන් සතු කුසලතා ඉහළ නැංවීමටත්, ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමටත් අපේක්ෂා කෙරේ. ලංකා සම්බාහන මධ්‍යස්ථාන සංගමය නෛතික පදනමක් යටතේ පිහිටවූ ආයතනයකි. සම්බාහන මධ්‍යස්ථාන ශ්‍රී ලංකාව තුළ පිළිගත් ක්ෂේත්‍රයක් බවට පත් කිරීමට එම සංගමය විශාල කාර්යභාරයක් ඉටු කරයි. ඔවුන් සිදු කළ මැදිහත්වීම් දේශීය වෛද්‍ය අමාත්‍යංශය හරහා සුවතා හා සම්බාහන මධ්‍යස්ථාන සඳහා බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලිය හඳුන්වා දීමට ප්‍රධාන වශයෙන් හේතු විය. එම සංගමය ජනාධිපති ලේකම් කාර්යාලය, සෞඛ්‍ය අමාත්‍යංශය, ආයුර්වේද දෙපාර්තමේන්තුව, සංචාරක අමාත්‍යංශය, මහජන ආරක්ෂක අමාත්‍යංශය, ශ්‍රී ලංකා පොලිසිය ඇතුළු ආයතන රැසක් සමග සමීපව කටයුතු කරමින් ක්ෂේත්‍රය මුහුණ පාන අභියෝගවලට විසඳුම් සෙවීමටත්, සුවතා සංචාරක කර්මාන්තය හා මහජන යහපතට එම ක්ෂේත්‍රයේ ඇති බලපෑම පිළිබඳව ජනතාව දැනුවත් කිරීමටත් ප්‍රමුඛ අවධානය යොමු කරයි. ව්‍යාපාර අරමුණක ඇති ශක්තිය අවධාරණය කරයි.
2025 දෙසැම්බර් මස 04
507
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
474
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
417
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ලංකා සම්බාහන මධ්‍යස්ථාන සංගමයෙන් සුවතා හා සම්බාහන කර්මාන්තයට නව ප්‍රමිති