
(ටී.කේ.ජී. කපිල)
ඉන්දියානු සාගර කළාපය වෙත පියාසර කරන ලොව ප්‍රමුඛතම ගුවන් සේවය ලෙස ශ්‍රී ලන්කන් ගුවන් සේවය අඛණ්ඩව 5 වන වරටත් ලෝක සංචාරක සම්මාන උළෙලේදී පිදුම් ලබා තිබේ. මෙම සම්මාන උළෙල රැසියාවේ මොස්කව් නුවර දී පැවැත්විණි.
ශ්‍රී ලන්කන් ගුවන් සේවය 2016 වසරේ සිට අඛණ්ඩව මෙම සම්මානය දිනා ගෙන ඇති අතර, මෙම සම්මාන උළෙලේදී " ආසියාවේ ප්‍රමුඛ අලෙවිකරණ ව්‍යාපාරය " ට හිමි සම්මානය ද දිනා ගෙන ඇත.
ශ්‍රී ලන්කන් ගුවන් සේවය ඉන්දියාවේ ගමනාන්ත 11 කට ද , මාලදිවයිනේ මාලේ සහ ගැන් දූපත වෙත ද, බංගලාදේශයේ ඩකා, පාකිස්තානයේ කරච්චි සහ ලාහෝර් ඇතුළු දකුණු ආසියාවේ ජනප්‍රිය නගරවල පිහිටි ගුවන් තොටුපළ වෙත ද තම ගුවන් යානා පියාසර කරවයි.එසේම මාලදිවයිනේ මාලේ සහ එංගලන්තයේ ලන්ඩන් අතර ඍජු ගුවන් ගමන් සේවා ද ක්‍රියාත්මක කරවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුමයි... !!!
ලෝකයේ කාර්යක්ෂම හා සාධාරණ මිල ගණන් වලට සේවා සපයන ගුවන් සේවා සමාගම් වලට ලංකාවට ඒමට වැට බඳිමින්, විදේශ ගත ශ්‍රී ලාංකිකයින්ගේ මුදල් මංකොල්ල කන මංකොල්ලකාරයින්ගේ ග්‍රහණයේ පවතින, මේ සිරි ලන්කන් ගුවන් සමාගමට සම්මාන දුන්නු, හොර තක්කඩි කවුද කියලයි මම මේ කල්පනා කරන්නේ?
ලෝකෙට පරකාසේ.... ගෙදරට මරගාතේ කියන්නා වගේ... ඔවා සම්මාන දීපු අය දන්නේ නැතිව ඇති. ශ්‍රී ලංකන් ගුවන් සේවය ලබන පාඩුව...
අනේ මන්ද මොනවා කියන්නද කියල මේ සම්මානය පිලිබදව.....තරගයට හිටියේ අපේ රට විතරද නැත්නම් තරගයට අදාළ නිර්ණායක වල කුමක් හෝ අවුලක්වත් ද ???
අපිනේ දන්නේ අපේ කෙරුවාව.
කවුද අප්පා මෙ සම්මාන දෙන්නේ...?
අලෙවිකරණ ව්‍යාපාරය සුපිරි වුණාට සම්පුර්ණ ව්‍යාපාරයම දිර්ඝකාලීනව අලාභ ලබනවානම්. දත් මදින්නේ නැතිව පවුඩර් දානවා වගේ වැඩක් වෙන්න ඇති.
කවුද හැබෑටම මෙ සම්මානය දුන්නේ...?
කියන්න කණගාටුයි.... ශ්‍රී ලංකන් ගුවන් සේවය ඇත්තටම මුදල් ගරා ගෙන කන අන්තිම එපාවුණූ සේවයක්.. සම්මාන දෙන්න මොකක්ද තෝරගත්ත පදනම කියන එකයි ප්‍රශ්නය.... අපි නම් දැන් යන්නෙ එන්නේ වෙන ගුවන් සමාගම් වලින්... මෙ අයට කවදාවත් ලාබ ලබන තත්වයට කවදාවත් එන්න බැහැ...
"ආසියාවේ ප්‍රමුඛ අලෙවිකරණ ව්‍යාපාරය" විදිහට සම්මානෙ දීල තියෙන්නෙ. ලගදිම විකුණල දායි ආපහු.