(ටී.කේ.ජී. කපිල)
ඉන්දියානු සාගර කළාපය වෙත පියාසර කරන ලොව ප්‍රමුඛතම ගුවන් සේවය ලෙස ශ්‍රී ලන්කන් ගුවන් සේවය අඛණ්ඩව 5 වන වරටත් ලෝක සංචාරක සම්මාන උළෙලේදී පිදුම් ලබා තිබේ. මෙම සම්මාන උළෙල රැසියාවේ මොස්කව් නුවර දී පැවැත්විණි.
ශ්‍රී ලන්කන් ගුවන් සේවය 2016 වසරේ සිට අඛණ්ඩව මෙම සම්මානය දිනා ගෙන ඇති අතර, මෙම සම්මාන උළෙලේදී " ආසියාවේ ප්‍රමුඛ අලෙවිකරණ ව්‍යාපාරය " ට හිමි සම්මානය ද දිනා ගෙන ඇත.
ශ්‍රී ලන්කන් ගුවන් සේවය ඉන්දියාවේ ගමනාන්ත 11 කට ද , මාලදිවයිනේ මාලේ සහ ගැන් දූපත වෙත ද, බංගලාදේශයේ ඩකා, පාකිස්තානයේ කරච්චි සහ ලාහෝර් ඇතුළු දකුණු ආසියාවේ ජනප්‍රිය නගරවල පිහිටි ගුවන් තොටුපළ වෙත ද තම ගුවන් යානා පියාසර කරවයි.එසේම මාලදිවයිනේ මාලේ සහ එංගලන්තයේ ලන්ඩන් අතර ඍජු ගුවන් ගමන් සේවා ද ක්‍රියාත්මක කරවයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ලෝක සංචාරක සම්මාන උළෙලේදී ශ්‍රී ලන්කන් ගුවන් සේවය සම්මාන ලබයි
Dinesh Friday, 04 December 2020 03:14 PM
පුදුමයි... !!!
බද්රානි Friday, 04 December 2020 03:26 PM
ලෝකයේ කාර්යක්ෂම හා සාධාරණ මිල ගණන් වලට සේවා සපයන ගුවන් සේවා සමාගම් වලට ලංකාවට ඒමට වැට බඳිමින්, විදේශ ගත ශ්‍රී ලාංකිකයින්ගේ මුදල් මංකොල්ල කන මංකොල්ලකාරයින්ගේ ග්‍රහණයේ පවතින, මේ සිරි ලන්කන් ගුවන් සමාගමට සම්මාන දුන්නු, හොර තක්කඩි කවුද කියලයි මම මේ කල්පනා කරන්නේ?
Ruhunu Saturday, 05 December 2020 08:55 AM
ලෝකෙට පරකාසේ.... ගෙදරට මරගාතේ කියන්නා වගේ... ඔවා සම්මාන දීපු අය දන්නේ නැතිව ඇති. ශ්‍රී ලංකන් ගුවන් සේවය ලබන පාඩුව...
Raveendra Saturday, 05 December 2020 12:07 PM
අනේ මන්ද මොනවා කියන්නද කියල මේ සම්මානය පිලිබදව.....තරගයට හිටියේ අපේ රට විතරද නැත්නම් තරගයට අදාළ නිර්ණායක වල කුමක් හෝ අවුලක්වත් ද ???
thilak Saturday, 05 December 2020 12:12 PM
අපිනේ දන්නේ අපේ කෙරුවාව.
Shanaka Saturday, 05 December 2020 11:12 PM
කවුද අප්පා මෙ සම්මාන දෙන්නේ...?
menna Sunday, 06 December 2020 07:12 AM
අලෙවිකරණ ව්‍යාපාරය සුපිරි වුණාට සම්පුර්ණ ව්‍යාපාරයම දිර්ඝකාලීනව අලාභ ලබනවානම්. දත් මදින්නේ නැතිව පවුඩර් දානවා වගේ වැඩක් වෙන්න ඇති.
de silva Sunday, 06 December 2020 02:38 PM
කවුද හැබෑටම මෙ සම්මානය දුන්නේ...?
shantha Qatar Wednesday, 09 December 2020 03:48 PM
කියන්න කණගාටුයි.... ශ්‍රී ලංකන් ගුවන් සේවය ඇත්තටම මුදල් ගරා ගෙන කන අන්තිම එපාවුණූ සේවයක්.. සම්මාන දෙන්න මොකක්ද තෝරගත්ත පදනම කියන එකයි ප්‍රශ්නය.... අපි නම් දැන් යන්නෙ එන්නේ වෙන ගුවන් සමාගම් වලින්... මෙ අයට කවදාවත් ලාබ ලබන තත්වයට කවදාවත් එන්න බැහැ...
Priyanath Friday, 11 December 2020 08:15 PM
"ආසියාවේ ප්‍රමුඛ අලෙවිකරණ ව්‍යාපාරය" විදිහට සම්මානෙ දීල තියෙන්නෙ. ලගදිම විකුණල දායි ආපහු.