(සුජිත් හෙවාජුලිගේ)
ශ්‍රී ලංකා රාජ්‍ය හා සිංගප්පූරු රජය අතර අත්සන් කෙරුණු වෙළඳ ගිවිසුම පිළිබඳ දිනෙක විවාදයක් දෙන්නැයි ඒකාබද්ධ විපක්ෂයේ නායක, කොළඹ දිස්ත්‍රීක් මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා කතානායක කරු ජයසූරිය මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.
මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ සහකාර මහ ලේකම් තුෂාණි රෝහණධීර මහත්මියගෙන් කළ විමසුමකදී ඇය සඳහන් කළේ දිනේෂ් ගුණවර්ධන මහතා මේ ඉල්ලීම් ලිඛිතව කර තිබෙන බවයි.
විවාදය බොහෝ දුරට ලබන 18 වැනි දා පැවැත්වෙන ඇතැයි ද රෝහණධීර මහත්මිය පැවසුවාය.
මේ අතර ශ්‍රී ලංකා - සිංගප්පූරු ගිවිසුමේ තොරතුරු කිසිවක් මෙතෙක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නැතැයි ඒකාබද්ධ විපක්ෂය පසුගියදා රජයට චෝදනා කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිංගප්පුරුවේ ලංකාවට වඩා වැඩි වැටුප් දෙනවා කියනවනේද .එනිසා සිංගප්පුරු ජනයා මෙහෙ අඩු පඩියට වැඩකරන්න ඒවිද? පොදුවේ මන්ත්‍රීවරුන්ගේ පඩි හා දීමනා වැඩිකරන්න ගෙනෙන යෝජනාවකට හැර ආණ්ඩුව ගෙනෙන අනික් සෑම යෝජනාවකටම ඔබ විරුද්ධ වෙනවා ඔබ විපක්ෂයේ සිටින විට..
විවාද ඉල්ල ඉල්ලා රට අගාදයට දාන්න. රටේ කාලය නාස්ති කරන්න එපා. තව වැඩි වයසක් නැහැ නේද විවාද කර කර ඉන්න. ජනතාවට සේවයක් කරන්න, ගන්න වැටුපයි අනිකුත් දීමනා වලටයි හරියන්න. ඒවා මහජන මුදල්.
දියුණු රටක මිනිස්සු මේවගේ නොදියුණු රටක "අමන මැති ඇමතිලත් එක්ක" වැඩ කරන්න ඒවිද. නිකන් මිනිස්සුන්ව ගොනාට අන්දන එක දැන්වත් නවත්ත්වන්න මහත්තයෝ. ඔයාගේ පාසල් කාලේ මිත්‍රයත් ඔයාවගේම තමයි අගමැති වුනාට.
මෙතැන් තියෙන්න ප්‍රශ්නේ සිංගප්පුරු වැසියන් මෙහෙ එන එක නොවේ. මේ ගිවිසුම හරහා ඉන්දීය ජාතිකයන්ට මෙහෙ වැඩ කරන්න එන්න අවස්ථාව තියෙනවා. ඉන්දියානු සමාගමක් සිංගපූරුවේ ලියාපදිංචි කලොත් එක ලංකාවේ බ්‍රාන්ච් එකක් දැම්මොත්, එයාලට පුළුවන් ඉන්දීය ජාතිකයන්ව වැඩට ගන්න. එකයි ගැටලුව. දන්නේ නැති නිසා තමා විවාදයක් ඉල්ලන්නේ. ජනතාවට දැනුවත් වෙන්න. අර 20 වෙනි සංශෝධනේ ගැන දැනගත්ත වගේ.
අනේ හැම මගුලටම අදිරාජ්‍යවාදී ලේබල් ගහන්නේ නැතුව අඩු පාඩු තියනවානම් දෙගොල්ලෝ කතා කරලා හදාගෙන මේ වෙළද ගිවිසුම් සාර්ථක කර ගැනීම මේ දෙගොල්ලොගෙම වගකීමක්! සාර්ථක වෙළද ගිවිසුම් මගින් හැමෝටම ආර්ථික වාසි ගන්න පුළුවන්.
විවාද කරනවා කියන්නේ රටේ කාලේ කා දැමීමක් නොවේ. විවාද කිරීමෙන් රටට අහිතකර දේ තිබෙනවා නම් නිවැරදි කරගත හැකියි. රටේ මිනිස්සු ඒ දේවල් දැනගත යුතුයි.....
මෙයා අපේ රටට කරපු වැඩක් කියන්නකෝ කවුරු හරි දන්නවනම්.
බණ්ඩා මයා, ඇයි දූෂණයට කඩේ යාම.... ලේසි පහසු වැඩක් නෙමේ...
රජය ඉදිරිපත් කරන සැම යෝජනාවකටම දේෂපාලාන වාසි තකා විරුද්ධ වීම නොව ඒවා ගැඹුරින් අධ්‍යනය කල යුතුය. දැන බලන්න අපේ ප්‍රදේශවල මේෂන් බාස් කෙනෙක් වඩුවෙක් සොයා ගැනීම අතිශයින් අපහසුය. සිංගප්පුරුවෙන් ඉන්දියානු කාර්මිකයන් පැමිනෙන්නේනම් මෙම තත්ත්වයට විසඳුමක් ලැබේ. අනික, රජයේ සේවක වෛද්‍ය වෘත්තිකයන් විසින් ලෙඩුන් ප්‍රාන ඇපයට ගැනීමට නොහැකි වන පරිදි සිංගප්පුරුවෙන් හා ඉන්දියාව අතුළු වෙනත් රටවලින්ද මෙවැනි ගිවිසුම් හරහා මෙරටට වෛද්‍ය වෘත්තිකයන්ට පැමිනීමට ඉඩ දිය යුතුය. එයට ඉඩ ලබෙන පරිදි ,මහා බ්‍රිතාන්‍යයේ මෙන් ලංකාවේද මෙඩිකල් කවුන්සිලයේ SLMC සංයුතිය පාර්ලිමේන්තු පනතකින් වෙනස් කල යුතුය.
මිනිස් ජාවාරම අද ලෝකේ ලාභදායකම වෙළඳාමක්... මේ යටතේ ඉන්දුනීසියානු සහ ඉන්දියන් ශ්‍රමිකයින් ලංකාවට එවන්න පුළුවන්..
මෙයා මේ සිංගප්පූරු ගිවිසුම් ගැන කතා කරනවා. මහරජාගේ කාලේ නැට්ට පස්සේ ගහගෙන හිටියේ... මේ රටේ මොනතරම් අකටයුතුකම් වුණාද ඒ කාළේ? කතරගම දේවාලගම් ඉතිහාස පනත් හොරෙන් වෙනස් කරලා තමන්ගේ ගෝල බාල හමුදුරුගොල්ලෝ දාගෙන දේවාලේ පවා බලය රජා අතට ගත්තා.