තායිලන්තයේ බැංකොක් නුවර ක්වීන් සිරිකිට් ජාත්‍යන්තර ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී පැවැති 17 වැනි තායිලන්ත ජාත්‍යන්තර සංචාරක ප්‍රදර්ශනයේදී ශ්‍රි ලාංකික ව්‍යපාරිකයෙක් ශ්‍රි ලංකාව නියෝජනය කළේය. තායිලන්තයේ සංචාරක ඒජන්සියක් වන සීමාසහිත සවාරි ඉන්ටනැෂනල් සමාගමට ඒ අවස්ථාව ලැබිණී.
ලොව සංචාරක ව්‍යාපාරයට ඉතා ප්‍රසිද්ධ තායිලන්තයේ සංචාරක අවධානය දිනා ගැනීම සඳහා ලොව රටවල් විශාල සංඛ්‍යාවක් සමඟ විවිධ රටවල සංචාරක සමාගම් දෙදහසකට ආසන්න සංඛ්‍යාවක් මෙම ප්‍රදර්ශනයට එක්විය.
සීමාසහිත සවාරි ඉන්ටනැෂනල් සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ නාලක නිරෝෂන් කරුණාකළගේ තම සමාගම අරඹා මෙම ජාත්‍යන්තර ප්‍රදර්ශනය නියෝජනය කළේය. තම රටවල සංචාරක කටයුතු ප්‍රවර්ධනය කොට සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමට මෙම ප්‍රදර්ශනයේ දී අවස්ථාව ලැබේ.
මෙවැනි ජාත්‍යන්තර ප්‍රදර්ශනයකට වෙළඳ කුටියක් ලබා ගැනීම සඳහා විශාල ආයෝජනයක් සිදු කළ යුතු අතර මේ සඳහා ලබාගත් වෙළඳ කෘතියට තම පෞද්ගලික මුදලින් රුපියල් ලක්ෂ දහයකට ආසන්න මුදලක් ගෙවීමට කරුණාකළගේ මහතාට සිදුව තිබේ.
වාර්ෂිකව ඔහුගේ ව්‍යාපාරික ආයතනය මෙවැනි ජාත්‍යන්තර සංචාරක ප්‍රදර්ශන තුනකදීම ශ්‍රි ලංකාව නියෝජනය කිරිම ද විශේෂ කරුණකි.
වසර 15 කට ආසන්න කාලයක් තායිලන්තයේ බැංකොක් නුවර පදිංචිව සිටිමින් තම සංචාරක ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන යන ඔහු මෙරටින් එරටට සංචාරය සඳහා යන ශ්‍රි ලාංකිකයින්ට සේවා සපයන්නාසේම තායිලන්තයේ සිට විශාල තායි ජාතිකයින් පිරිසක් ශ්‍රි ලංකාවේ සංචාරය සඳහා වාර්ෂිකව රැගෙන එන ව්‍යාපාරිකයෙකි. ඔහුගේ සංචාරක ප්‍රවර්ධන කාර්යාලයක් ශ්‍රි ලංකාවේ ද පිහිටුවා තිබෙන අතර එරට එවැනි සංචාරක ප්‍රවර්ධන ව්‍යාපාරයක් පවත්වාගෙන යන එකම ශ්‍රි ලාංකිකයා ද කරුණාකළගේ මහතා වේ.
ශ්‍රි ලංකා සංචාරක කුටිය නැරඹීම සඳහා කරුණාකළගේ මහතාගේ ආරාධනයෙන් තායිලන්තයේ නව ශ්‍රි ලංකා තානාපතිනිය වන ක්ෂෙනුකා සෙනෙවිරත්න මහත්මිය සමඟ ශ්‍රි ලංකන් එයාර්ලයින් දේශිය කළමණාකරු ජයන්ත අබේසිංහ මහතා පැමිණියහ. කරුණාකළගේ මහතා තායිලන්ත ව්‍යාපාරික සහකරු ලෙස පිපුටි වොන් ඉන් මහතා කටයුතු කරයි.

![1_(1)[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/08/1_11.jpg)
![4[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/08/411.jpg)
![11855872_10152939065652385_6808997121417134205_n[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/08/11855872_10152939065652385_6808997121417134205_n1.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට මගේ සුබ පැතුම්. (නි)
ඔබ ගැන මට දැනෙන ආඩම්බරය කියල නිම කල නොහැක. ඔබ ඉතාමත් ක්‍රියාශීලී බුද්දිමත් පුද්ගලයෙකි. ඔබට දිගුගමනකට ඇශිර්වද කරන අතරම දීර්ගායු ප්‍රර්ථනා කරමි. බුදුසරනයි.(අ)
ඔබ ගැන මට දැනෙන ආඩම්බරය කියල නිම කළ නොහැකි. ඔබ ඉතාමත් ක්‍රියාශීලී බුද්ධිමත් පුද්ගලයෙකි. ඔබට දිගු ගමනකටආශිර්වාද කරන අතර දිර්ඝායු වේවා (ම)
ආඩම්බරයි ,ඔබට ශක්තිය! (නි)
සුබ පැතුම් ඔබට! (නි)
ලෝකය පුරාම මේ රට සෑදීමට රටට උදව් කරන්න මිනිස්සු හිටියත් රජයෙන් හෝ තානාපති සේවයෙන් ඔවුන්ට කිසිදු උදවුවක් නැහැ. එහෙත් මේ වගේ දිරිය මිනිසුන් තමන්ගේ වියදමින් රටට සේවය කරන්නේ දේශපාලකයින් මේ රට විනාශය කර ගෙන යද්දීයි. http://serendib-tea.org/ceylon-store-in-vacate/ (නි)
ශ්රී ලංකාවට ආඩම්බරයක්, (අ)
ලංකාවට ආඩම්බරයක්,(ම)
ලංකාවට ආඩම්බරයක්, ඔබට මගේ සුබ පැතුම්. හොරණ පළාතේ වෙච්ච අපිටත් අපිටත් අඩම්බරයක් (නදී)
ලංකාවට ආඩම්බරයක් (නදී)
මම නිතර යන එන තැනක් බැංකොක්. ඔබේ සේවය ගොඩක් හොඳයි (නදී)
ඔබට ජය (ම)
ඔබ ශ්‍රී ලංකාවට ආඩම්බරයක් (නි)
නාලක , ඔය අපට ගොඩක් උදව් කලා අපේ තිලන්ත සංචාරයේදී . හොරණ පළාතෙන් බිහිවෙච්ච ඔයා ගැන අපට ආඩම්බරයි (ම)
මගේ සුබ පැතුම් (ම)
ඔබ වැනි මිනිසෙකු මෙලොවට බිහිකළ ඔබගේ දෙමාපියන්ටත් ඔබටත් ජාතියේ ප්‍රණාමය! ව්‍යාපාරිකයන් කොපමණ සිටියත් රටට සේවයක් ජාතියට සේවයක් කරන්නේ ඔබ වැනි අතළොස්සක් පමණි ඔබට තව තවත් ශක්තිය දිරිය ලැබේවා ! (නි)
ඔබට ජය පතමි. තව තවත් දියුණු වේවා! (නදී)
නාලක, ඔබගේ ව්‍යාපාර කටයුතු තව තවත් දියුණුවෙන් දියුණුවට පත්වේවා... (නදී)
ඔබගේ ආයෝජනය අනාගතයේදී ඔබට සහ ශ්‍රී ලංකාවට ලාභ දායී දිගුකාලීන ආයෝජනයක් වේවා. වෙන රටකින් ශ්‍රී ලංකාවට කීයක් හරි ගෙන එන ව්‍යාපාරිකයෝ ඉන්නේ අතලොස්සයි. ඔබට ජය ! (නදී)
ඔබගේ ආයෝජනය අනාගතයේදී ඔබට සහ ශ්‍රී ලංකාවට ලාභ දායී දිගුකාලීන ආයෝජනයක් වේවා.... ! වෙන රටකින් ශ්‍රී ලංකාවට කීයක් හරි ගෙන එන ව්‍යාපාරිකයෝ ඉන්නේ අතලොස්සයි... ඔබට ජය ! (නදී)
නාලක සුභ පැතුම් (නදී)
ඔබගේ ව්‍යාපාර කටයුතු තව තවත් දියුණුවෙන් දියුණුවට පත්වේවා...ශ්‍රී ලංකාවට මෙන්ම හොරණ තක්ෂිලාවටත් ඔබ මහත් ආඩම්බරයක්. ඔබගේ සමාගම විසින් සපයනු ලබන සේවය සහ ආගන්තුක සත්කාරය ඉතා විශිෂ්ඨයි.(නදී)
නියමයි. සුභ පැතුම් !!! (නි)