( තිළිණි ද සිල්වා )
ඉතියෝපියාව තුළ ලාංකික විදුලි උත්පාදන නිෂ්පාදන හඳුන්වා දීමට ශ්‍රී ලාංකික සමාගමක් පියවර ගෙන ඇතැයි ඉතියෝපියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ හා විදේශයන් හි දැවැන්ත විදුලි ව්‍යාපෘති සඳහා විදුලි පුවරු නිෂ්පාදක සමාගමක් වන වෙනෝලා ලංකා බලශක්ති පුවරු පෞද්ගලික සමාගම විසින් මෙලෙස විදුලි බලය ලබාදෙන පාලන පද්ධති නිෂ්පාදන ආරම්භ කළ බව ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටියි.
මෙම සමාගම ඉන්දියාව, බංගලාදේශය, මාලදිවයින, මියන්මාරය, සීෂෙල්ස් සහ කෙන්යාව යන රටවල බලශක්ති උත්පාදන කටයුතු සඳහා විද්‍යුත් පැනල් පුවරු සපයනු ලබන සම්මානීය සමාගමකි.
නිෂ්පාදන හඳුන්වාදීමේ උත්සවය ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ අනුග්‍රාහකත්වයෙන් ඇඩිස්බාබා හි හර්මෝනි හෝටලයේදී පැවැත්වූ අතර ඊට ඉතියෝපියානු ව්‍යාපාරික ප්‍රජාව සහ ඉදිකිරීම් කර්මාන්තය, විදුලි ඉංජිනේරුවන්, විදුලි උපදේශකවරුන් සහ අනෙකුත් වෘත්තිකයන් ඇතුළු 50 කට අධික පිරිසක් සහභාගි වූහ.
මෙම උත්සවයේ දී අදහස් දක්වමින් ශ්‍රී ලංකා තානාපති සුමිත් දසනායක මහතා කියා සිටියේ ඉතියෝපියානු වෙළඳපොළේ ලාංකික නිෂ්පාදන එළිදැක්වීමෙන් දෙරට අතර ද්විපාර්ශවික වෙළඳාම සහ ආයෝජනය සඳහා ඇති කදිම අවස්ථාවක් බව කියා සිටියේය.
මෙවැනි පසුබිමක් යටතේ ඉතියෝපියානු ව්‍යවසායකයින්ට ශ්‍රී ලංකාවේ ආයෝජන සඳහා පැමිණෙන්නැයි ආරාධනා කළ තානාපතිවරයා ශ්‍රී ලංකාව තුළ සංචාරක, වෙළඳ හා විදේශීය ආයෝජන සඳහා ඇති අවස්ථා පිළිබඳව පැමිණි සිටි දැනුවත් කළේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඔය තාක්ෂනය අපේ ගම වලටත් හඳුන්වල දෙන්නකෝ. අපි බොහෝවිට ඉන්නේ කරුවලේ.
මම දන්නා තරමට 1980 වෙනි දශකයේ ගම්වවල සූර්ය කෝෂ සවිකිරීමේ ව්‍යාපෘතිය විදුලිබල මණ්ඩලය පටන් අරගෙන තිබුණා. එය අතහැර දැමීමට හේතුවනම් දන්නේ නෑ.