
භානුක අමරසිංහ
ලංකා වාණිජ මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා පත් කරගත් බව එම මණ්ඩලය පවසයි. ඊයේ (26) පැවැත්වුණු එම මණ්ඩලයේ 186 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේදී මෙම නව පත් කරගැනීම සිදු කර තිබේ. බාලේන්ද්‍ර මහතා ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සමූහයෙහි සභාපතිවරයාද වෙයි.
ලංකා වාණිජ මණ්ඩලයේ සභාපතිවරයාව සිටි දුමින්ද හුලංගමුව මහතාගෙන් පසුව බාලේන්ද්‍ර මහතා එම ධුරය සඳහා පත් කෙරී තිබේ. අර්නස්ට් ඇන්ඞ් යන්ග් ශ්‍රී ලංකා ආයතනයේ මෙරට කළමනාකාර හවුල්කරුවා වන දුමින්ද හුලංගමුව මහතා, වත්මන් ජනපතිවරයාගේ ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශකවරයාද වෙයි.
ලංකා වාණිජ මණ්ඩලයේ නව උප සභාපතිවරයා ලෙස ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී බිඟුමාල් තෙවරතන්ත්‍රී මහතා පත් කර ගෙන තිබේ. නියෝජ්‍ය උප සභාපතිවරයා ලෙස හයිද්‍රාමනි සමූහයේ සභාපති විනෝද් හයිද්‍රාමනි මහතා පත් කරගෙන තිබේ.
2025 දෙසැම්බර් මස 18
548
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
274
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1074
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලංකා වාණිජ මණ්ඩලයේ නව සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර