IMG-LOGO

2025 දෙසැම්බර් මස 09 වන අඟහරුවාදා


ලංකා රාජ්‍ය ජාල ව්‍යාපෘතිය එළිදැක්වෙයි

(  රොමේෂ් ධනුෂ්ක සිල්වා)

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම රාජ්‍ය ආයතන 3500ක් අධිවේගී අන්තර්ජාල තාක්ෂණය හරහා එකිනෙකට ජාල ගත කිරීමේ ‘ලංකා රාජ්‍ය ජාල ව්‍යාපෘතිය’ (LGN 2.0 ) නිල වශයෙන් එළිදැක්වීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී අද (07) පැවැත්විණ.

විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යංශය මගින් මෙය සංවිධානය කෙරෙන අතර  ‘එක අහුරට වැඩ පොකුරක්’ යන තේමාව යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

ජනාධිපති ලේකම් කාර්යාලය , අග්‍රාමාත්‍ය කාර්යාලය , සියලු අමාත්‍යංශ , රෝහල් ,බන්ධනාගාර ,දිස්ත්‍රික් ලේකම් කාර්යාල , ප්‍රාදේශීය ලේකම් කාර්යාල , ඇතුළු බොහෝ රජයේ කාර්යාල මේ යටතේ මහජනතාවට වඩා පහසුවෙන් රජයේ සේවාවන් ලබා ගැනීම පිණිස එකිනෙකට ජාල ගත කෙරේ.

එහිදී අදහස් දැක්වූ අගමැතිවරයා කියා සිටියේ නුතන ඩිජිටල් තාක්ෂණය අනාගත පරපුරට ලබා දීමේ අරමුණින් එන වසරේදී මෙරට උසස් පෙළ හදාරන සියලුම සිසුන්ට ටැබ්ලට් පරිගණක ලබා දීමට කටයුතු කරන බවයි. 



අදහස් (0)

ලංකා රාජ්‍ය ජාල ව්‍යාපෘතිය එළිදැක්වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 420 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 449 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 408 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site