( රොමේෂ් ධනුෂ්ක සිල්වා)
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම රාජ්‍ය ආයතන 3500ක් අධිවේගී අන්තර්ජාල තාක්ෂණය හරහා එකිනෙකට ජාල ගත කිරීමේ ‘ලංකා රාජ්‍ය ජාල ව්‍යාපෘතිය’ (LGN 2.0 ) නිල වශයෙන් එළිදැක්වීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී අද (07) පැවැත්විණ.
විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යංශය මගින් මෙය සංවිධානය කෙරෙන අතර ‘එක අහුරට වැඩ පොකුරක්’ යන තේමාව යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.
ජනාධිපති ලේකම් කාර්යාලය , අග්‍රාමාත්‍ය කාර්යාලය , සියලු අමාත්‍යංශ , රෝහල් ,බන්ධනාගාර ,දිස්ත්‍රික් ලේකම් කාර්යාල , ප්‍රාදේශීය ලේකම් කාර්යාල , ඇතුළු බොහෝ රජයේ කාර්යාල මේ යටතේ මහජනතාවට වඩා පහසුවෙන් රජයේ සේවාවන් ලබා ගැනීම පිණිස එකිනෙකට ජාල ගත කෙරේ.
එහිදී අදහස් දැක්වූ අගමැතිවරයා කියා සිටියේ නුතන ඩිජිටල් තාක්ෂණය අනාගත පරපුරට ලබා දීමේ අරමුණින් එන වසරේදී මෙරට උසස් පෙළ හදාරන සියලුම සිසුන්ට ටැබ්ලට් පරිගණක ලබා දීමට කටයුතු කරන බවයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd