භානුක අමරසිංහ
ලංකා බැංකුව පසුගිය මැයි 15 වැනිදා කොළඹ කොටස් හුවමාරුව තුළ විවෘත කළ රුපියල් බිලියන 15ක් වටිනා ණයකර නිකුතුවට රුපියල් බිලියන 20.4ක අධි දායකත්වයක් හිමිව ඇතැයි එම බැංකුව පවසයි.
ඊයේ කොළඹ කොටස් හුවමාරුව වෙත නිවේදනයක් නිකුත් කරමින් බැංකුව මේ බව සඳහන් කර තිබේ.
මෙහිදී පළමු නිකුතුව ලෙස බාසෙල් III අනුකූල, අදියර 2, ලැයිස්තුගත, වර්ගකෙරුණු, සුරක්ෂිත නොවූ, උපප්‍රධාන, පිරිමුදවාගත හැකි ණයකර ලෙස ණයකර කොටස් මිලියන 100ක් නිකුත් කළ අතර, ඊට හිමි වූ අධි දායකත්වයත් සමගින් තවත් ණයකර කොටස් මිලියන 50ක් නිකුත් කෙරිණි.
ඒ අනුව මෙම ණයකර කොටස් මිලදී ගැනීම සඳහා අවස්ථාව පැවති මැයි 15 වැනිදා පස්වරු 4.30 වන විට අයදුම්පත්‍ර 53ක් හරහා ණයකර කොටස් 204,348,000ක් මිලදී ගැනීමට ඉදිරිපත්ව තිබූ බව බැංකුව පවසයි.
එක් ණයකර කොටසක් රුපියල් 100ක් බැගින් මිල කර තිබූ මෙම නිකුතුවේදී දායකත්වය ලබාදී තිබූ සමස්ත වටිනාකම රුපියල් 20,434,800,000ක් බව බැංකුව සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
528
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලංකා බැංකුවේ ණයකර නිකුතුවට රු.බි. 20.4ක අධිදායකත්වයක්