IMG-LOGO

2025 මැයි මස 08 වන බ්‍රහස්පතින්දා


ලෝක දුෂණ දර්ශකයේ ශ්‍රී ලංකාව තවත් පිරිහේ

ට්‍රාන්ස්පේරන්සි නවතම වාර්තාවෙන් හෙළිකරයි 


  • ලකුණු 32 ක් ලබාගනිමින් එම ශ්‍රේණිගත කිරීමේ 121 වැනි ස්ථානයට
  • ලංකාව 2023 වසරේ සිටියේ ලකුණු 34 ක් ලබා ගනිමින් 115 වැනි ස්ථානයේ
  • 2019  සමග සසඳද්දී පසුගිය වසරේදී ස්ථාන 27 ක්  පහළ ගිහින්
  • පළමු ස්ථානය හිමිකරගත් ලොව දූෂණය අවම රාජ්‍යය ඩෙන්මාර්කය
  • දෙවැනි ස්ථානය ෆින්ලන්තයට
  • තෙවැනි ස්ථානය නගර රාජ්‍යයක් වන සිංගප්පූරුවට

විමුක්ති එස් රුද්‍රිගු


මෙරට රාජ්‍ය අංශය දුෂිත එකක් බවට පිටපිට 5 වැනි වතාවටත් තහවුරු කරමින් ‘2024  දූෂණ සංජානන දර්ශක ශ්‍රේණිගත කිරීමේ”‍ ලකුණු 32 ක් ලබාගනිමින් එම ශ්‍රේණිගත කිරීමේ 121 වැනි ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව ඇත.

දූෂණ සංජානන දර්ශකයේ ශ්‍රී ලංකාව අඛණ්ඩව පිරිහීමට ලක්වූ පස්වැනි අවස්ථාව මෙය වන අතර 2020 වසරේ සිට ශ්‍රී ලංකාව එම ශ්‍රේණිගත කිරීමේ පහළට පැමිණෙමින් හෝ ලකුණු සංඛ්‍යාව අඩුකර ගනිමින් සිටී. දූෂණ සංජානන දර්ශකය ලෝකයේ රටවල් කෙතරම් දුෂිතදැයි මැන බැලීමක් සිදුකරන අතර ව්‍යාපාරිකයන් සහ විශේෂඥයන්ට අනුව දූෂණ සංජානන දර්ශකය මගින් ලෝකයේ රටවල රාජ්‍ය අංශය කෙතරම් දූෂිතදැයි මැන බැලීමක් සිදුකරයි.

එම දර්ශකයේ ගෝලීය සාමාන්‍ය ලකුණු සංඛ්‍යාව 43 ක් වන අතර එම මට්ටමට පහළින් සිටින රටවල් දුෂිතබව වැඩිම රටවල් ලෙස සැලකේ. ශ්‍රී ලංකාව 2023 වසරේ දූෂණ සංජානන දර්ශකයේ ලකුණු 34 ක් ලබා ගනිමින් 115 වැනි ස්ථානය හිමිකරගෙන තිබූ අතර ඒ අනුව පසුගිය වසරේදී ශ්‍රී ලංකාව ස්ථාන 6ක් පහළට පැමිණෙමින් 121 ස්ථානය හිමිකරගෙන ඇත.

ශ්‍රී ලංකාව 2020 වසරේ සිට නිකුත් වූ සෑම දූෂණ සංජානන දර්ශක ශ්‍රේණිගත කිරීමකදීම වසරින් වසර පිරිහී ඇති අතර 2020 වසරේ ලකුණු 38 ක් ලබා ගනිමින් 94 වැනි ස්ථානයත්, 2021 වසරේ ලකුණු 37 ක් ලබාගනිමින් 102 වැනි ස්ථානයත් හිමිකර ගෙන තිබිණි. එසේම 2022 වසරේදී ලකුණු 36 ක් ලබා ගනිමින් 101 වැනි ස්ථානයත්, 2023 වසරේදී ලකුණු 34 ක් ලබා ගනිමින් 115 වැනි ස්ථානයත්  ශ්‍රී ලංකාව හිමිකර ගත්තේය.

පසුගිය වසරේ දූෂණ සංජානන දර්ශක ශ්‍රේණිගත කිරීමේදී ශ්‍රී ලංකාව ලබාගත් ස්ථානය 2019 වසරේදී හිමිකරගත් ස්ථානය සමග සසඳා බලන විට පසුගිය වසරේදී ශ්‍රී ලංකාව දූෂණ සංජානන දර්ශකයේ ස්ථාන 27 ක් සැලකිය යුතු ලෙස පහළට පැමිණ ඇත. එය මෙරට රාජ්‍ය අංශයේ දූෂිත බව කියා පෑමට හොඳම නිදසුනක්ද වේ.

2021 වසරට සාපේක්ෂව 2022 වසරේදී ශ්‍රී ලංකාව දූෂණ සංජානන දර්ශකයේ එක් ස්ථානයක් ඉදිරියට පැමිණියත් එහිදී ශ්‍රී ලංකාවට එක් ලකුණක් අහිමි වී තිබිණි.

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය වාර්ෂිකව නිකුත් කරන මෙම ශ්‍රේණිගත කිරීම රාජ්‍ය අංශයේ දූෂණ පිළිබඳ සංජානන මත පදනම්ව සැකසෙයි.  දූෂණ සංජානන දර්ශකය සැකසෙන්නේ ලෝක බැංකුව, ලෝක ආර්ථික සංසදය, පෞද්ගලික අවදානම් සහ උපදේශන සමාගම් හා උපදේශකයන්, ඇතුළු බාහිර මූලාශ්‍ර 13කින් නිකුත් කෙරෙන දත්ත භාවිත කරමිනි.

දූෂණ සංජානන දර්ශකයට අනුව ලකුණු 100ක් ගන්නා රාජ්‍යය දූෂණයෙන් තොරම රාජ්‍යය වන අතර, ලකුණු බිංදුව ලබාගන්නා රට දූෂණයෙන් වැඩිම රාජ්‍යයයි. මෙම දර්ශකයට ලෝකයේ රටවල් 180 ක් ඇතුළත් වේ.

ගියවර මෙන්ම මෙවරද දූෂණ සංජානන දර්ශකයේ පළමු ස්ථානය ඩෙන්මාර්කය හිමිකර ගනිමින් ලොව දූෂණය අවම රාජ්‍ය බවට පත්ව ඇත. මෙවර දර්ශකයේ දෙවැනි ස්ථානය ෆින්ලන්තයටත්, තෙවැනි ස්ථානය නගර රාජ්‍යයක් වන සිංගප්පූරුවටත් හිමිව තිබේ. මෙවර ඉන්දියාව ස්ථාන තුනක් පහළට පැමිණෙමින් 96 වැනි ස්ථානය හිමිකරගෙන තිබේ.

ලෝකයේ 2012 වසරේ සිට මේ දක්වා රටවල් 32 ක් සිය රටවල දූෂණය අවම කරගෙන තිබෙන නමුත් රටවල් 148 තවමත් සිටි ස්ථානයේ හෝ එම ස්ථානයෙන් පහළට වැටී තිබෙන බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය පැවැසුවේය. තිරසාර ලෝකයක් ගොඩ නැගීමට දූෂණය ප්‍රධාන බාධකය වී තිබෙන බවද එම ආයතනය ප්‍රකාශ කළේය.

ආසියා ශාන්තිකර කලාපය පුරා රටවල නායකයන් දූෂණය තුරන් කිරීමට ලබාදී ඇති පොරොන්දු ක්‍රියාත්මක කිරීමට අසමත් වී තිබෙන බවත් ඒ හේතුවෙන් අසියා ශාන්තිකර කලාපයේ සාමාන්‍යය 44 දක්වා එක් ලකුණකින් වැඩිවී තිබෙන බවත් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය පැවැසුවේය. 



අදහස් (0)

ලෝක දුෂණ දර්ශකයේ ශ්‍රී ලංකාව තවත් පිරිහේ

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

දිගුකාලීන ආර්ථික වර්ධනයකට අඛණ්ඩව ප්‍රතිසංස්කරණ අවශ්‍යයි
2025 මැයි මස 06 61 0

කලාපීය ආර්ථිකය ශක්තිමත් ස්ථානයක සිට තවත් ඉදිරියට ගමන් කරමින් සිටියත් ඉදිරියේදී ඇතිවිය හැකි අවිනිශ්චිතා බොහෝයි වත්මන් තත්වය පිළිබඳව කලාපයට සෑහීමකට


ලංකාවේ ආයෝජනයට වියට්නාමයේ වින්ගෲප් සමූහයට ජනපතිගෙන් ඇරියුම්
2025 මැයි මස 06 112 0

වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ වින්ගෲප් (Vingroup) සමූහ ව්‍යාපාරයේ ඉහළ කළමනාකාරීත්වය හමුවී සාකච්ඡා පැවැත්වී


අප්‍රේල් මාසයේදී මහ බැංකුව ඩො.මි. 160 ක් මිලට අරන්
2025 මැයි මස 06 177 0

ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය අප්‍රේල් මාසයේදී මෙරට මූල්‍ය වෙළෙඳපොළෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 160 ක ඩොලර් ප්‍රමාණයක් මිලදී ගෙන ඇතැයි නවතම දත්ත වාර්තා පෙ


කොටස් ගනුදෙනු අද පැය තුනකට පමණයි
2025 මැයි මස 06 26 0

අද (06) දිනයේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය හේතුවෙන් කොළඹ කොටස් හුවමාරුවේ ගනුදෙනු පැය තුනකට සීමා වන බව එම හුවමාරුව පවසයි. ඒ අනුව පෙරවරු 9.30ට ආරම්භ කෙරෙන


එමිරේට්ස් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සමග හවුල්කාරීත්වය දීර්ඝ කරයි
2025 මැයි මස 06 31 0

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය තවදුරටත් සංවර්ධනය කිරීම අරමුණු කරගනිමින් එමිරේට්ස් හා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය (SLTPB) ඔවුන්ගේ හවුල්කාරීත්ව


හේලීස් රු.බි. 7ක ණයකර නිකුතුවට අධිදායකත්වයක්
2025 මැයි මස 06 26 0

කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත හේලීස් පීඑල්සී සමාගම රුපියල් බිලියන 7ක් රැස් කරගැනීම සඳහා සිදු කළ ණයකර නිකුතුවට අධි දායකත්වයක් හිමි වූ බව පවසයි. ඊයේ (05)


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1137 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 287 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1325 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site