IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ලංකා ක්‍රෙඩිට් ඇන්ඩ් ෆිනෑන්ස් ණයකර නිකුතුවට මහ බැංකුවේ අනුමැතිය

භානුක අමරසිංහ 


කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත බැංකු නොවන මූල්‍ය සමාගමක් වන ලංකා ක්‍රෙඩිට් ඇන්ඩ් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ යෝජිත ණයකර නිකුතුවට මහ බැංකුවේ අනුමැතිය හිමිව ඇතැයි පවසයි. 
වසර පහකින් කල් පිරෙන උප ප්‍රධාන, ලැයිස්තුගත, වර්ගකෙරු, සුරක්ෂිත නොවූ, පිරිමුදවා ගත හැකි බැදුම්කර ලෙස මෙම ණයකර නිකුතුව සැලසුම් වී තිබේ. එහිදී එක් ණයකර කොටසක් රුපියල් 100 බැගින්, උපරිම රුපියල් බිලියන 1.5ක වටිනාකමකින් එය නිකුත් කිරීමට මහ බැංකුව අනුමැතිය ලබාදී තිබේ. 
මේ අතර අදාළ ණයකර නිකුතුවමගින් රැස් කරගන්නා අරමුදල් සමාගමේ අදියර දෙක ප්‍රාග්ධන අවශ්‍යතා සපුරා ගැනීම සඳහා යොදා ගැනීම අරමුණ බව පවසන ලංකා ක්‍රෙඩිට් ඇන්ඩ් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී සමාගම, ඒ සඳහාද මහ බැංකුවේ අනුමැතිය බලාපො‍රොත්තු වන බවත් පවසා සිටියි. 

 



අදහස් (0)

ලංකා ක්‍රෙඩිට් ඇන්ඩ් ෆිනෑන්ස් ණයකර නිකුතුවට මහ බැංකුවේ අනුමැතිය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 7 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 696 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site