නිමල කොඩිතුවක්කු


ලෝක ආහාර වැඩසටහනේ ශ්‍රී ලංකා උපාය මාර්ගික සැලැස්ම ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
උපාය මාර්ගික ප්‍රමුඛතා සහ වැඩසටහන් ඇතුළත්ව 2023-2027 කාලසීමාවට අදාළ වන පරිදි වසර 4 ක කාලයකට ප්‍රධාන සැලසුම් මෙවලමක් වශයෙන් ලෝක ආහාර වැඩසටහනේ ශ්‍රී ලංකා උපායමාර්ගික සැලැස්ම සකස් කරනු ලැබ ඇත.
ශ්‍රී ලංකාව සඳහා වන එම සැලැස්ම යටතේ ඇමෙරිකා ඩොලර් මිලියන 74.87 ක ප්‍රතිපාදන වෙන්ව තිබේ. එම උපාය මාර්ගය විධිමත් හා අන්‍යෝන්‍ය එකඟතාවකින් යුක්තව දෙපාර්ශ්වය අතර අවබෝධතා ලිපියක් අත්සන් කිරීමෙන් ක්‍රියාත්මක වේ.
ඒ අනුව, එම උපායමාර්ගික සැලැස්ම සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා පහසුකම් සැලසීම අරමුණු කර තිබේ.