භානුක අමරසිංහ
කොළඹ කොටස් හුවාමරුවෙහි ලැයිස්තුගත ලංකා අශෝක් ලේලන්ඩ් පීඑල්සී සමාගමෙහි ස්වාධීන නොවන විධායක නොවන අධ්‍යක්ෂවරයකු සහ අධ්‍යක්ෂ මණ්ඩල සභාපතිවරයා ලෙස මිල්ටන් අමරසිංහ මහතා පත් කරගත් බව එම සමාගම පවසයි.
2025 පෙබරවාරි 17 වැනිදා සිට බලාත්මක වන පරිදි මෙම නව පත් කිරීම සිදු කර තිබේ. මෙතෙක් කලක් සමාගමෙහි සභාපතිවරයා ලෙස කටයුතු කළ ලෙෂාන් ද සිල්වා මහතා එම ධුරයෙන් ඉවත් කරමින් මිල්ටන් අමරසිංහ මහතා එම ධුරයට පත් කරගත් බව සමාගම සඳහන් කරයි.
මිල්ටන් අමරසිංහ මහතා මීට පෙර ක්‍රීඩා අමාත්‍යාංශයේ උපදේශකවරයකු ලෙස මෙන්ම, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙසින්ද කටයුතු කළේය. ඒ මහතා සතුව රාජ්‍ය පරිපාලන සහ පෞද්ගලික අංශයෙහි වසර 50කට අධික අත්දැකීම් සහිත බවත්, ජ්‍යෙෂ්ට කළමනාකරණ තනතුරු දරා ඇති බවත් සමාගම පවසයි.
මෙම නව පත් කිරීමත් සමගින්ම ලංකා අශෝක් ලේලන්ඩ් පීඑල්සී සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය වන්නේ මිල්ටන් අමරසිංහ (සභාපති), ගෝපාල් මහාදේවන් (ස්වාධීන නොවන විධායක නොවන අධ්‍යක්ෂ), එස්. අරෝරා (ස්වාධීන නොවන විධායක නොවන අධ්‍යක්ෂ), කේ. සමරරත්න (ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂ), දිනේෂ් වීරක්කොඩි ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂ කිත්සිරි ජයවර්ධන (ස්වාධීන නොවන විධායක නොවන අධ්‍යක්ෂ) යන මහත්වරුන්ය.
2025 දෙසැම්බර් මස 04
741
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ලංකා අශෝක් ලේලන්ඩ් නව සභාපති මිල්ටන් අමරසිංහ