
ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආර්ථික හා වාණිජ නිලධාරී ඩැනියෙල් ජැක්සන් මහතා සහ වාණිජ හා ආර්ථික සහකාර තිලෝමා අබේනායක මහත්මියගේ සහභාගිත්වයෙන් අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) සභාපති මංගල විජේසිංහ මහතා සමග සාකච්ඡාවක් පැවැත්විණ.
එම හමුවට වැඩ බලන අතිරේක අධ්‍යක්ෂ ජනරාල් (සංවර්ධන) කුමුදිනී මුදලිගේ, කෘෂි අපනයන අංශයේ අධ්‍යක්ෂ ජනක් බදුගම, වෙළෙඳ පහසුකම් සහ වෙළෙඳ තොරතුරු අංශයේ අධ්‍යක්ෂ ආචාර්ය එස්.යූ. රත්නසේකර යන මහත්ම මහත්මීන් ඇතුළු EDB ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද සහභාගී වූ අතර, දෙරට අතර වෙළෙඳ සබඳතා ව්‍යාප්ත කිරීම හා ආයෝජන අවස්ථා පිළිබඳව මෙහිදී සාකච්ඡා කර ඇත.
මෙම සාකච්ඡාවේදී දෙපාර්ශ්වයම තම ආයෝජන අවස්ථා ගවේෂණය කළ අතර ජැක්සන් මහතා ශ්‍රී ලංකා අපනයනකරුවන්ට වොෂින්ටනයේ පැවැත්වීමට නියමිත SelectUSA 2026 ආයෝජන සමුළුවට සහභාගී වන ලෙස ආරාධනා කළේය. මෙය ජාත්‍යන්තර ආයෝජකයන් එක්සත් ජනපද ආර්ථික සංවර්ධන සංවිධාන සමග සම්බන්ධ කිරීම සඳහා වන ප්‍රමුඛ වේදිකාවකි.
අපනයන සංවර්ධන මණ්ඩල සභාපති මංගල විජේසිංහ මහතා එක්සත් ජනපද ගැනුම්කරුවන්, ආයෝජකයන් සහ මාධ්‍ය නියෝජිතයන්ට ශ්‍රී ලංකා එක්ස්පෝ 2026 සඳහා සහභාගී වන ලෙස ආරාධනා කළ අතර මෙය රටේ විවිධාකාර අපනයන හැකියාවන් සහ ආයෝජන විභවයන් ප්‍රදර්ශනය කරන බව වැඩිදුරටත් සඳහන් කරන ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd