භානුක අමරසිංහ
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත පුනර්ජනනීය බලශක්ති සමාගමක් වන රිසස් එනර්ජි පීඑල්සී (Resus Energy PLC) සමාගම සිය කොටස් අතුරු බෙදීමක් සිදු කිරීමට සූදානමින් සිටින බව පවසයි. ඒ අනුව දැනට නිකුත් කර ඇති සෑම එක් ඡන්ද හිමි කොටසක්ම, තවත් කොටස් පහක් ලෙස එම බෙදීම සිදු කරන බව සමාගම සදහන් තරයි.
මෙම කොටස් අතුරු බෙදීමත් සමගින්ම දැනට නිකුත් කර ඇති සාමාන්‍ය ඡන්ද හිමි කොටස් සංඛ්‍යාව 86,184,827 සිට 430,924,135 ක් දක්වා ඉහළ යනු ඇතැයි සමාගම පවසයි. එසේම මෙම කොටස් අතුරු බෙදීමත් සමගින් සමාගමේ ප්‍රකාශිත ප්‍රාග්ධනයේ වෙනසක් සිදු නොවනු ඇති බවත්, එය දැනට පවතින රුපියල් 967,483,260ක් ලෙස පවතිනු ඇති බවත් සමාගම පවසයි.
රිසස් එනර්ජි පීඑල්සී සමාගමේ ප්‍රධානතම කොටස් හිමිකරුවන් දෙදෙනා වන ට්‍රයිඩන් පාර්ට්නර්ස් (පෞද්) සමාගම සහහ ACL Cables PLC යන සමාගම් වෙත පිළිවෙළින් කොටස් 28,042,146ක් සහ 28,033,101ක් හිමිව තිබේ. එය සමස්ත කොටස් අතරින් ප්‍රතිශතයක් ලෙස පිළිවෙළින් සියයට 32.54ක් සහ 32.53ක් වෙයි.
2025 නොවැම්බර් මස 04
849
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2489
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1790
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රිසස් එනර්ජි වෙතින් 1:5 ක් බැගින් කොටස් අතුරු බෙදීමක්