IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


රොසෙල් අධ්‍යක්‍ෂ අධ්‍යක්ෂ මණ්ඩලයට සංජීව සහ ජිනේන්ද්‍ර පත්වෙති

මෙරට ප්‍රමුඛ පෙළේ ටයිල් ඇතුළු නාන කාමර උපාංග නිෂ්පාදන සමාගමක් වන රෝයල් සෙරමික් ලංකා පීඑල්සී සිය සමාගම් කළමනාකාරීත්වය තවදුරටත් ශක්තිමත් කරමින් ඔවුන්ගේ අධ්‍යක්ෂ මණ්ඩලයට නව අධ්‍යක්ෂවරුන් ලෙස සංජීව රේණුක ජයවීර මහතා සහ ජිතේන්ද්‍ර ආර්. ගුණරත්න මහතා පත් කළ බව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ජිතේන්ද්‍ර ආර්. ගුණරත්න මහතා වසර 40කට අධික කාලයක් ජෝන් කීල්ස් සමූහයේ සාර්ථක ලෙස නායකත්වය දැරූ ක්‍රියාකාරී සාමාජිකයෙකි. ඔහු 2005 සිට 2020 වර්ෂය දක්වා ජෝන් කීල්ස් සමූහයේ සමූහ විධායක කමිටුවේ සාමාජිකයකු ලෙස ද, 2016-2018 කාල සීමාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර උපදේශක සභාවේ සාමාජිකයකු ලෙසද, Beverage Association of Sri Lanka හි ආරම්භක සභාපති (2012-2018) ලෙස ද, 2018-2020 කාලය තුළ ලංකා සේව්‍ය සම්මේලනයේ හෝටල් සහ සංචාරක කවුන්සිලයේ සාමාජිකයකු ලෙස ද, ජෝන් කීල්ස් සමූහයේ සමාගම් කිහිපයක ද අධ්‍යක්ෂ තනතුරු දරා ඇත.

සංජීව රේණුක ජයවීර මහතා ද රොසෙල් හා සම්බන්ධ වීමට පෙර ජ්‍යෙෂ්ඨ කළමනාකරණ තනතුරු කිහිපයකම කටයුතු කර ඇත. ජෝන් කීල්ස් සමූහයේ මෙන්ම ප්‍රධාන පෙළේ සමාගම් කිහිපයක දශක දෙකකට අධික කාලයක අත්දැකීම් ඔහු සතුය. මූල්‍ය ගිණුම්කරණය, කළමනාකරණ ගිණුම්කරණය, හෝටල් කළමනාකරණය, නිෂ්පාදන හා විගණන යන ක්ෂේත්‍රවල වසර ගණනාවක විශේෂඥ දැනුම ද ඒ මහතා සතුය. ජයවීර මහතා 1996 වර්ෂයේ දී මාලදිවයින් හෝටල් අංශය වෙත, ජෝන් කීල්ස් සමූහය ව්‍යාප්ත කරන ලද මූලික කණ්ඩායමේ සාමාජිකයකු මෙන්ම, 2012-2013 කාල සීමාව තුළ Keelsසුපිරි වෙළඳසැල් ජාලයේ සහ 2015-2017 කාල සීමාව තුළ Ceylon Cold Stores PLC හි ඉහළ වර්ධනය වෙනුවෙන් කැපවී ක්‍රියා කළ නායකයෙකි.

ඡායාරූප විස්තරය

සංජීව රේණුක ජයවීර සහ ජිතේන්ද්‍ර ආර්. ගුණරත්න

 



අදහස් (0)

රොසෙල් අධ්‍යක්‍ෂ අධ්‍යක්ෂ මණ්ඩලයට සංජීව සහ ජිනේන්ද්‍ර පත්වෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 163 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site