IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


රෝයල් නර්සින් හෝම් People’s Excellency සම්මාන දිනයි

සත්කාරක සේවා ක්ෂේත්‍රයේ කීර්තිමත් සමාගමක් වන රෝයල් නර්සින් හෝම් පෞද්ගලික සමාගම People’s Excellency  සම්මාන උළෙලේදී 2024 වසරේ ශ්‍රී ලංකාවේ විශිෂ්ටම සත්කාරක සේවා සැපැයුම්කරු ලෙස සම්මානයයෙන් පිදුම් ලැබීය. පසුගියදා කොළඹ බණ්‌ඩාරනායක අනුස්‌මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වුණු සම්මාන උළෙලේදී රෝයල් නර්සින් හෝම් නියෝජනය කරමින් මෙහෙයුම් කළමනාකාරවරියන් වන කුෂිණි කුමාරසිංහ මහත්මිය සහ රුවන්ති ෆර්නෑණ්ඩු මෙනෙවිය වෙත සම්මානය පිරිනමන ලදී.
2007දී 25ක පමණ කාර්ය මණ්ඩලයකින් ඇරැඹුණු රෝයල් නර්සින් හෝම් වර්තමානයේදී ශ්‍රී ලංකාවේ විශාලම හෙද සත්කාර සේවා සපයන්නා වේ. මහරගම, ගල්කිස්ස, කඩුවෙල, හංවැල්ල යන ප්‍රදේශවල මෙන්ම එක්සත් රාජධානියේ ලන්ඩන් නගරයේද සුඛෝපභෝගී සත්කාරක සේවා මධ්‍යස්ථාන පවත්වා ගෙන යන රෝයල් නර්සින් හෝම්හි වෛද්‍යවරු, හෙද පාලිකාවෝ, හෙදියෝ සහ අනෙකුත් සෞඛ්‍ය වෘත්තිකයෝ 1200ට වැඩි පිරිසක් සේවය කරන අති නවීන පහසුකම්වලින් සපිරි රෝයල් නර්සින් හෝම් පාරිභෝගිකයන්ට විශිෂ්ට සේවාවක් සපයයි. 2025 අවසානය වන විට 50,000කට වැඩි පිරිසකට සත්කාරක සේවා සැපැයීම ඔවුන්ගේ අරමුණ වේ. දෙස් විදෙස් සම්මාන සහ තත්ත්ව සහතික රැසක් ලබා ඇති එම සමාගම ISO 9001-2015  ජාත්‍යන්තර තත්ත්ව සහතිකය ලැබූ මෙරට ප්‍රථම සහ එකම සත්කාරක සේවා මධ්‍යස්ථානය වේ.

 



අදහස් (0)

රෝයල් නර්සින් හෝම් People’s Excellency සම්මාන දිනයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 582 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site