හර්ෂණ තුෂාර සිල්වා
මේ වසරේ මේ දක්වා කාලයේදී ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය 4.5 % කින් වර්ධනය වී ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
ශ්‍රී ලංකා රුපියල දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකවලට අනුව අද (2) ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 176.66ක් ලෙසත් රුපියල් ගැනුම් මිල 172.82ක් ලෙසත් සටහන්ව තිබිණි.
ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ විකුණුම් මිල 176ක් දක්වා අඩු වූයේ මාස හතරකට පසුවය. දිගින් දිගටම අවප්‍රමාණය වූ ශ්‍රී ලංකා රුපියලේ විකුණුම් මිල ඉතිහාස ගත ලෙස ඉහළ ගියේය.
පසුගිය දෙසැම්බර් මාසයේදී ඩොලරයට සාපේක්ෂව රුපියලේ විකුණුම් මිල රුපියල් 180 ද ඉක්මවා ගියේය.
ජාත්‍යන්තර සහ දේශීය සාධක හේතුවෙන් පසුගිය වසරේදී දිගින් දිගටම අවප්‍රමාණය වූ ශ්‍රී ලංකා රුපියල මේ වනවිට වර්ධනයක් පෙන්නුම් කර තිබෙන අතර ශ්‍රී ලංකා මහ බැංකුව සතිපතා නිකුත් කරන ආර්ථික දත්තවලට අනුව ජනවාරි 1 වැනිදා සිට මාර්තු 29 දක්වා කාලයේ දී ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය 3.8 % කින් වර්ධනය වී ඇත.
එම දත්තවලට අනුව ඉහත සඳහන් කාලයේදී ශ්‍රී ලංකා රුපියල ස්ටාර්ලිං පවුමකට සාපේක්ෂව 0.7% කින්, ජපානයේ යෙන් මුදල් ඒකකයට සාපේක්ෂව 4.1% කින් සහ ඉන්දීය රුපියලට සාපේක්ෂව 2.6% කින් වර්ධනය වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටක දේශපාලන ස්ථාවර භාවය ආර්ථික වර්ධනය හා බැඳී පවතිනවා. රටට ආයෝජන ගලා ඒමට නම් දේශපාලන ස්ථාවර භාවය ඉතා වැදගත් සාධකයක්. පසු ගිය වසර හතර පුරාවටම නව රජය ජනතාව ලබාදුන් ජන වරම තහවුරු කරගෙන රට දේශපාලනිකව ස්ථාවර කර ගැනීමට උනන්දු උනේ නැහැ. ඒ වෙනුවට විපක්ෂයට රට අස්ථාවර කිරීමට ඉඩදී බලා සිටියා. මේ දුර්වල ආර්ථික වර්ධන වේගයට හේතුව ඒක. දවසින් දවස විනිමය අනුපාතිකය බිඳ වැටුනේ ඒ නිසා. නමුත් අධිකරණය මැදිහත් වී රටේ දේශපාලන ස්ථාවරභාවය ඇති කළ පසු ආර්ථිකය තරමක් යහපත් වර්ධනයක් කරා ගමන් කරන බව පෙනෙන්න තිබෙනවා
මන්ත්‍රී බන්දුල ගුණවර්දනයන්ගේ විශ්ලේෂණය කුමක්ද?
මේ විනිමය අනුපාත ස්ථාවර වීමක් නොවේ. දඹුල්ලේ වැහි කාලේ එළවලු මිලට වෙනදේ වෙලා තියෙන්නේ. ඒ ගැන තාම රජය දීර්ඝ එක පියවරක් වත් අරගෙන නෑ. ළඟ එන ඡන්දෙට ලෑස්ති වෙන ඝෝෂාවක් විතරයි ඇහෙන්නේ. එක්සත් ජනපද ශ්‍රේණිගත කිරීම් අනුව ඉන්දියාව 6 වෙනි තැන හිටියට, දකුණු ආසියා කලාපේ ඉන්දියාවයි, බංගලිදේශ ජීඩීචී වර්ධනය අතින් කරට කර ඉන්නේ. ආයෝජකයෝ අපි ගැන කතා වෙනවා අඩුයි. ඒ නිසා අපි තව තවත් දුප්පත් වීමේ අවධානමක ඉන්නේ. විදේශ ආයෝජන කොහොම උනත්, අමෙරිකාවෙන්, ජපානෙන්, චීනෙන්, ඉන්දියාවෙන් I ණය නං ගලාගෙන එනවා. ජාත්‍යන්තර ප්‍රාග්ධන ගලා යාමේ දිසාවට ලංකාව මායිකමකවත් නෑ. මේ පිලිබඳ කිසිම දත්ත මත පදනම් වූ එක ආර්ථික විග්‍රහයක් වත් වෙලා නෑ. සේරම ආර්ථික විද්‍යාඥයෝ ඇටිකෙහෙල් කාපු උගුඩුවො වගේ ඉන්නෙ. අඩු ගානේ පසුගිය මාස 4 ඇතුලේ රටට ඩොලර් ආවේ කොහොමද කියල මහා බැංකු විග්‍රහයක් වත් නෑ. සේවා වියුක්තියයි, උද්ධමනයයි එකතු කරලා හදන දර්ශකය. කලක් ධනවත් රටවල් වූ ආජන්ටිනාව, තුරිකිය වගේම තෙල් වලින් පොහොසත් වෙනිසුවෙලාවත් දැන් ඉන්නේ ඒ ගොඩේ. අපි අලියයි අන්ධයෝ ටිකයි වගේ, ඒ ළඟ ඉන්නේ.