(හර්ෂණ තුෂාර සිල්වා)
මේ වසරේ ජනවාරි 1 වැනි දා සිට මැයි 4 දක්වා කාලයේදී ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල සියයට 3.2කින් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
මේ අනුව වසරේ මුල් මාස තුන අවසානයේදී සියයට 3කින් අවප්‍රමාණය වී තිබූ රුපියල මුල් මාස හතර අවසන් වනවිට සියයට 3.2කින් අවප්‍රමාණය වී තිබේ.
අප්‍රේල් මස 25 වැනි දා රුපියල මෙතෙක් වාර්තා කළ පහළම අගය වාර්තා කළ අතර රුපියල තවදුරටත් අවප්‍රමාණය විය. එදින ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 159.04ක් දක්වා ඉහළ ගියේය.
ඉහත කාලයේදී ස්ටලින් පවුමකට සාපේක්ෂව රුපියල සියයට 4.1කින් ද, යූරෝවකට සාපේක්ෂව රුපියල සියයට 3.6කින් ද අවප්‍රමාණය වී තිබේ.
පසුගිය වසරේදී රුපියල සියයට 2.5කින් සහ 2016 වසරේදී රුපියල සියයට 3.9කින් අවප්‍රමාණය වුණු බව ශ්‍රී ලංකා මහ බැංකු දත්ත වාර්තා සඳහන් කරයි.
මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කරන දෛනික විනිමය අනුපාත අනුව අද දිනයේදී ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 158.99ක් දක්වා ඉහළ ගොස් තිබිණි.
2025 දෙසැම්බර් මස 04
532
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
480
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
420
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘රුපියල් සියයට 3.2 කින් අවප්‍රමාණය වෙලා’- මහ බැංකුව
Bamunuarachchi Wednesday, 09 May 2018 02:35 AM
2020 වෙනකොට 100% කින් අවප්‍රමාණ වේවි බය වෙන්න එපා.
DNH Wednesday, 09 May 2018 07:23 AM
ශ්‍රී ලංකා ආණ්ඩුව කියන්නේ පොල් පැලෙන බොරු.
dhamneth Monday, 14 May 2018 07:52 AM
අර ආර්ථික කමිටුව අහෝසිකළාට වැඩක් වෙලා නැහැනේද?