නිමල කොඩිතුවක්කු
මුදුන් ඇළ වැසි ජලාපවහන හා පරිසරය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය හිමිව ඇත.
මුදුන් ඇළ උප ජලපෝෂක කලාපයට අයත් පෑලියගොඩ සහ කැලණිය ප්‍රදේශවල සංවර්ධනය සඳහා දැඩි බලපෑමක් සිදු කරන වැසි ජලාපවහන ගැටලුව අවම කිරීමේ අරමුණින් ‘මුදුන් ඇළ වැසි ජලාපවහන හා පරිසරය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය ‘ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් යෝජනා කර ඇත.
2023 වර්ෂයේදී ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (JICA) විසින් සිදු කරනු ලැබ ඇති මුදුන් ඇළ ද්‍රෝණි කලාපයේ පූර්ව ශක්‍යතා අධ්‍යයනය සහ ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් 2024 වර්ෂයේදී සිදු කරනු ලැබ ඇති මුදුන් ඇළ ද්‍රෝණි කලාපයේ ශක්‍යතා අධ්‍යයනය මත පදනම්ව යෝජිතව්‍යාපෘතිය සැලසුම් කරනු ලැබ ඇත. එකී ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමෙන් මුදුන් ඇළ උප ජලපෝෂක ප්‍රදේශයේ පවතින වැසි ජලාපවහන ගැටලු සඳහා විසඳුම් ලබා දීමටත්, එමගින් දැනට ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති/ආර්ථික ක්‍රියාකාරකම් කෙරෙහි ජල ගැලීම් වලින් වන බලපෑම හා හානිය අවම කිරීමටත්, ඉදිරි සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය වන ඉඩම් නිදහස් කර ගැනීමටත් අපේක්ෂා කරනු ලබයි. රුපියල් මිලියන 46,190.6ක ඇස්තමේන්තුගත මුළු පිරිවැයක් යටතේ ‘මුදුන් ඇළ වැසි ජලාපවහන හා පරිසරය වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය‘ 2027-2036 කාලසීමාව තුළදී අදියර ගතව ක්‍රියාත්මක කෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd