හර්ෂණ තුෂාර සිල්වා
රුපියලේ අගය තවදුරටත් අවප්‍රමාණය වෙමින් ඩොලරයට සාපේක්ෂව අද (14) දිනය අවසන් වනවිට රුපියලේ විකුණුම් අගය 156.74 ලෙස දැක්විණි. පළාත් පාලන මැතිවරණය නිසා ඇති වී තිබෙන අර්බුදකාරී දේශපාලන තත්ත්වය හේතුවෙන් රුපියල වාර්තාගත ලෙස අවප්‍රමාණය වෙමින් තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (14) නිවේදනය කළ විනිමය අනුපාතවලට අනුව ඩොලරයට සාපේක්ෂව රුපියලේ ගැනුම් මිල 152.97ක් දැක්විණි. ශ්‍රී ලංකා මහ බැංකුවේ විනිමය අනුපාතවලට අනුව එක්සත් රාජධානයේ ස්ටාර්ලිං පවුමකට සාපේක්ෂව රුපියලේ විකුණුම් මිල 218.84ක් ලෙසත් යුරෝවකට සාපේක්ෂව රුපියලේ විකුණුම් මිල 194.97ක් ලෙසත් දැක්විණි.
ආනයනකරුවන්ගෙන් ලැබුණු ඉහළ ඉල්ලුම නිසා ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 155.90ක වාර්තාගත පහළ අගයක් ගත් බව රොයිටර් පුවත් සේවය වාර්තා කළේය. වත්මන් දේශපාලන අවිනිශ්චිතතාව නිසා අපනයන ඩොලර් විකුණුම් අඩු වී ඇතැයි ද ගනුදෙනුකරුවන් උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබිණි.
දේශපාලන තත්ත්වය ස්ථාවර බවක් පෙන්නුම් කරන තුරු මේ තත්ත්වය දිගින් දිගටම පවතිනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වාදෙති.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
රුපියලේ අගය තවදුරටත් පහළ බසී
Nuwan Wednesday, 14 February 2018 06:33 PM
අනේ, රුපියල තව බාල්දුවෙලා.. අපි මැරිලා හරි කමක් නැහැ.. අපේ රට, ජාතිය රැක ගන්න පාර්ලිමේන්තුවට ඔබතුමන්ලාව පත්කරනවා..
Sunil Thursday, 15 February 2018 07:18 AM
මේ විදිහේ ඇතුලේ කචල් තියෙන අස්ථීර ආණ්ඩුවක් යටතේ හෙට, අනිද්දා 200 නොවුණොත් තමයි පුදුමේ...
බන්ඩිා Thursday, 15 February 2018 02:13 PM
බැඳුම්කර හොර කල්ලිය පාලන බලය අත හැරියොත් රුපියල විතරක් නෙවෙයි, රටත් ස්ථාවර වෙයි.
chamalTuesday, 27 February 2018 11:35 PM
මහින්දව එහෙම ලේසියෙන් පන්නන්න බැහැ