IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


රුපියලේ අගය ඩොලරයට සාපේක්ෂව ස්ථාවර අගයක

හර්ෂණ තුෂාර සිල්වා
 
ශ්‍රී ලංකාව මහ බැංකුව අද (5) නිකුත් කළ විනිමය අනුපාතවලට අනුව එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ විකුණුම් අගය 156.96ක් දැක්විණි. 

එම විනිමය අනුපාතවලට අනුව ඩොලරයට සාපේක්ෂව රුපියල ගැනුම් අගය 153.18ක් ලෙස දැක්විණි.
 
පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලය නිකුත් වීමෙන් අනතුරුව රුපියල දිගින් දිගටම වාර්තාගත ලෙසින් අවප්‍රමාණය වූ අතර ආනයන ඉල්ලුම ඉක්මවා යමින් අපනයන ඩොලර් විකුණුම් ඉහළ යෑම නිසා පසුගිය සතියේ බදාදා දිනය වනවිට රුපියලේ අගය ඩොලරයට සාපේක්ෂව ස්ථාවර අගයක පැවැති බව රොයිටර් පුවත් සේවය වාර්තා කළේය. ඒ අනුව එම සතියේදී ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 155.10ත් 155.20ත් පැවැතුණි. 
 
පසුගිය සතියේ සිකුරාදා (2) ඩොලරයට සාපේක්ෂව රුපියලේ විකුණුම් අගය 156.90ක් ලෙසද පෙබරවාරි මස අවසන් දිනය වූ 28 වැනිදා රුපියලේ විකුණුම් අගය 156.72ක් ලෙස දැක්විණි. 
 
අද (5) දහවල් වෙළෙඳාම අවසන් වන විට බ්ලූම්බර්ග් වෙබ් අඩවියට අනුව රුපියලේ අගය ඩොලරයට සාපේක්ෂව 155.20ත් 155.30ත් අගයක පැවැතුණි. 
 
මේ වසරේ දී රුපියල 1.3කින් අවප්‍රමාණය වී ඇතැයි රොයිටර් දත්ත සඳහන් කරයි. 



අදහස් (7)

රුපියලේ අගය ඩොලරයට සාපේක්ෂව ස්ථාවර අගයක

Nuwan Monday, 05 March 2018 07:48 PM

ඔවු ඔවු පසුගිය ආණ්ඩු කාලේ වගේ තියන සංචිත ඉවරවුනාම අච්චු ගහන්න. අපිව අන්දන්න ඔක්කොම සූරයෝ.

:       58       111

Kalana Tuesday, 06 March 2018 06:48 AM

මල හත් ඉලව්වේ 2015 රුපියලේ අගය කීයද කියල බැලුව නම් තමා හොද .....

:       105       43

RathnaakaraThursday, 15 March 2018 04:48 AM

2015 දීත් රුපියලට ශත 100 ම තමයි.

:       0       1

Senarath Tuesday, 06 March 2018 09:14 AM

ස්ථාවර වෙච්ච තරම පෙනෙනවා........මේ අවුරුදු 3 ට විතරක් ඩොලරය රුපියල් 33 කින් ඉහල ගියා. තවමත් ජනතාව රවටන්න හදනවා.

:       173       348

Bamunuarachchi Saturday, 10 March 2018 02:41 PM

නැවත බැංකුවක් මංකොල්ල කෑවාම හරි දේශපාලකයින්ට කාර් ටිකක් ගෙනාවම ඕක නිකම්ම ඉහළ යයි.

:       2       42

Bamunuarachchi Tuesday, 13 March 2018 02:06 AM

ඉහලට නගින ගමන් මහන්සියට ටිකක් නැවතුනාම මෙයාල කියනවා ස්ථාවරයි කියලා. ඇයි දෙයියනේ ඔය නගින නැගිල්ලට ඩොලරයටත් මහන්සි නැද්ද?

:       0       0

Udarath Thursday, 15 March 2018 07:10 AM

මේක නවතන්නේ කොහොමද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 647 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17682 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 731 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site