හර්ෂණ තුෂාර සිල්වා
ශ්‍රී ලංකාව මහ බැංකුව අද (5) නිකුත් කළ විනිමය අනුපාතවලට අනුව එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ විකුණුම් අගය 156.96ක් දැක්විණි.
එම විනිමය අනුපාතවලට අනුව ඩොලරයට සාපේක්ෂව රුපියල ගැනුම් අගය 153.18ක් ලෙස දැක්විණි.
පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලය නිකුත් වීමෙන් අනතුරුව රුපියල දිගින් දිගටම වාර්තාගත ලෙසින් අවප්‍රමාණය වූ අතර ආනයන ඉල්ලුම ඉක්මවා යමින් අපනයන ඩොලර් විකුණුම් ඉහළ යෑම නිසා පසුගිය සතියේ බදාදා දිනය වනවිට රුපියලේ අගය ඩොලරයට සාපේක්ෂව ස්ථාවර අගයක පැවැති බව රොයිටර් පුවත් සේවය වාර්තා කළේය. ඒ අනුව එම සතියේදී ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 155.10ත් 155.20ත් පැවැතුණි.
පසුගිය සතියේ සිකුරාදා (2) ඩොලරයට සාපේක්ෂව රුපියලේ විකුණුම් අගය 156.90ක් ලෙසද පෙබරවාරි මස අවසන් දිනය වූ 28 වැනිදා රුපියලේ විකුණුම් අගය 156.72ක් ලෙස දැක්විණි.
අද (5) දහවල් වෙළෙඳාම අවසන් වන විට බ්ලූම්බර්ග් වෙබ් අඩවියට අනුව රුපියලේ අගය ඩොලරයට සාපේක්ෂව 155.20ත් 155.30ත් අගයක පැවැතුණි.
මේ වසරේ දී රුපියල 1.3කින් අවප්‍රමාණය වී ඇතැයි රොයිටර් දත්ත සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔවු ඔවු පසුගිය ආණ්ඩු කාලේ වගේ තියන සංචිත ඉවරවුනාම අච්චු ගහන්න. අපිව අන්දන්න ඔක්කොම සූරයෝ.
මල හත් ඉලව්වේ 2015 රුපියලේ අගය කීයද කියල බැලුව නම් තමා හොද .....
ස්ථාවර වෙච්ච තරම පෙනෙනවා........මේ අවුරුදු 3 ට විතරක් ඩොලරය රුපියල් 33 කින් ඉහල ගියා. තවමත් ජනතාව රවටන්න හදනවා.
නැවත බැංකුවක් මංකොල්ල කෑවාම හරි දේශපාලකයින්ට කාර් ටිකක් ගෙනාවම ඕක නිකම්ම ඉහළ යයි.
ඉහලට නගින ගමන් මහන්සියට ටිකක් නැවතුනාම මෙයාල කියනවා ස්ථාවරයි කියලා. ඇයි දෙයියනේ ඔය නගින නැගිල්ලට ඩොලරයටත් මහන්සි නැද්ද?
මේක නවතන්නේ කොහොමද?