විමුක්ති එස්.රුද්‍රිගු
රනිල් පතිරණ මහතා ඇක්සස් ඉංජිනියරින් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට විධායක නොවන ස්වාධීන අධ්‍යක්ෂවරයකු ලෙස පසුගියදා සම්බන්ධ වූවේය.
පතිරණ මහතා මූල්‍ය සහ කළමනාකරණය පිළිබඳ අත්දැකීම් සම්භාරයක් ඇති පුද්ගලයකු වන අතර ඔහු මූල්‍ය, ඇඟලුම් සහ බලශක්ති ක්ෂේත්‍රවල කටයුතු කළ ප්‍රවීණයෙකි. ඔහු දැනට හයිඩ්‍රාමනී සමාගම් සමූහයේ සහ එහි හෝල්ඩින්ග්ස් සමාගම් වන හයිඩ්‍රාමනී ඇපරල් හෝල්ඩින්ග්ස්, හයිඩ්‍රාමනී ඉන්වෙස්ට්මන්ට් හෝල්ඩින්ග්ස් සහ හයිඩ්‍රාමනී ලෙෂර් හෝල්ඩින්ග්ස්හි සමූහ අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කරයි.
ඔහු හයිඩ්‍රාමනී ජාත්‍යන්තර අපනයන සමාගමෙහි කළමනාකාර අධ්‍යක්ෂ සහ ඇඟලුම් අංශ විධායක කමිටුවේ කළමනාකාර අධ්‍යක්ෂවරයාද වේ. පතිරණ මහතා ලංකා හෝටල් සංස්ථාව, හේමාස් හෝල්ඩින්ග්ස්, වින්ඩ්ෆෝස් සමාගම, බී.පී.පී.එල් හෝල්ඩින්ග්ස්, දංකොටුව පෝසිලේන් සමාගම සහ ඔඩෙල් සමාගම යන ලැයිස්තුගත සමාගම්හි විධායක නොවන අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කරයි.
පතිරණ මහතා එක්සත් රාජධානියේ කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ වරලත් ආයතනයේ (FCMA - UK ) සාමාජිකයකු ද වේ.
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
582
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රනිල් පතිරණ ඇක්සස් ඉංජිනියරින් අධ්‍යක්ෂ මණ්ඩලයට