IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


රත්මලාන ගුවන්තොටුපළින් කලාපීය ගුවන් මෙහෙයුම්


(තිළිණි ද සිල්වා)
 
රත්මලාන ගුවන්තොටුපළින් මාලදිවයින හා දකුණු ඉන්දියානු ගමනාන්ත ඉලක්ක කර කලාපීය ගුවන් මෙහෙයුම් ඇරඹීමට රජය තීරණය කර ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (15) පැවසීය.
 
ඊට අදාළව දැනටමත් ජාත්‍යන්තර ගුවන් සමාගම් සමඟ සාකච්ඡා කරමින් සිටින බව සංචාරක අමාත්‍යවරයා කීය.
 
ඒ අනුව මාලදිවයින් ගුවන් සමාගම සහ විලා ගුවන් සමාගම දැනටමත් සාකච්ඡා කර තිබෙන අතර,  දකුණු ඉන්දීය ගමනාන්ත සඳහා ගුවන් ගමන් ආරම්භ කිරීම සම්බන්ධයෙන් ද ඉන්දීය ගුවන් සමාගම් කිහිපයක් සමඟ සාකච්ඡා කර ඇතැයි ඇමති ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් පැවසීය.
 
රත්මලාන ගුවන්තොටුපළ තුළ ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් වැඩි කිරීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ ආයතනික හා ව්‍යාපාරික ජෙට් යානා සඳහා පහසුකම් සැපයීම, දේශීය සිවිල් හා වාණිජ මෙහෙයුම් වැඩිකිරීම, කලාපීය ගුවන් මෙහෙයුම් සඳහා ඇති ඉල්ලුම සැලකිල්ලට ගනිමින් මාලදිවයින හා දකුණු ඉන්දියානු ගමනාන්ත සඳහා ගුවන් මෙහෙයුම් ඇරඹීමට කැබිනට් අනුමැතිය හිමිව ඇතැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
 
ඒ අනුව රත්මලානේ ගොඩබස්සවනු ලබන ජාත්‍යන්තර ගුවන් යානා වසරක කාලයක් සඳහා ගොඩබෑමේ හා නතර කර තැබීමේ ගාස්තු වලින් සම්පූර්ණයෙන්ම නිදහස් කිරීමට තීරණය කර ඇතැයි බවත්, ඊට අදාළව ගැසට් නිවේදනය ද ඉකුත්දා ප්‍රකාශයට පත් කළ බවද සංචාරක අමාත්‍යවරයා පැවසීය.

තවද රත්මලාන ගුවන්තොටුපලට පැමිණෙන ජාත්‍යන්තර ගුවන්යානා සඳහා සහන මිල ගණන් යටතේ ඉන්ධන ලබාදීමටත්, රත්මලාන ගුවන්තොටුපලේ ගුවන්තොටුපළ අපගමන බද්දෙන් 50%ක මුදලක් වසරක කාලයක් සඳහා නිදහස් කිරීමටත් කැබිනට් මණ්ඩලය අනුමැතිය පල කල බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
 
1935 ඇරඹුණු රත්මලාන ජාත්‍යන්තර ගුවන්තොටුපළ මෙරට පළමු ජාත්‍යන්තර ගුවන්තොටුපළ වේ. කොළඹ නගරයේ සිට කිලෝ මීටර් 14ක දුරින් පිහිටි මෙම ගුවන්තොටුපළ වාණිජ මගී ගුවන්යානා, ගුවන්සේවා පුහුණු පාසල්, ජාත්‍යන්තර ආයතනික ජෙට් යානා, ප්‍රභූන් හා විශේෂ අමුත්තන්ගේ ගමන් බිමන්, ජාතික අර්බුදකාරී අවස්ථාවන්හිදී මානුෂීය මෙහෙයුම් හා ශ්‍රී ලංකාවේ ගුවන් හමුදාවේ ගුවන් මෙහෙයුම් ද ඇතුළුව දේශීය ගුවන්සේවා කේන්ද්‍රස්ථානය ලෙස රත්මලාන ගුවන්තොටුපළ දිනකට ගුවන්යානා මෙහෙයුම් 75ක් පමණ ක්‍රියාත්මක කෙරෙන බව ද සංචාරක අමාත්‍යාංශය කියා සිටී.



අදහස් (3)

රත්මලාන ගුවන්තොටුපළින් කලාපීය ගුවන් මෙහෙයුම්

sena Tuesday, 15 September 2020 07:55 AM

ඒ කියන්නේ අපේ දැනට තියෙන ජාත්‍යන්තර ගුවන් තොටුපළවල් වලට කරගන්න බැරිතරම් මෙහෙයවීම් සංඛ්‍යාවක් තියෙනවද?

:       0       14

de silva Tuesday, 15 September 2020 08:42 AM

කටුනායක සහ මත්තල වේලෙනවා. ඒ මදිවට පලාලිත් තියෙනවා. දැන් රත්මලානත් ජාත්‍යන්තර ගුවන් තොටුපළක් කරන්න හදනවා. ඔය ගුවන් තොටුපළ සම්පූර්ණයෙන්ම ආරක්ෂක සහ ගලවාගැනීමේ කටයුතු මෙහෙයවන්න ගුවන් හමුදාවට බාරදෙන්න.

:       3       60

chandima Tuesday, 15 September 2020 04:09 PM

ඒත් ඉතින් ප්ලේන් එකෙන් බැහැලා යන්න ඕනේ තැනට යන්න දවසක් විතර යනවනේ... ට්‍රැෆික්වලට අහුවෙලා කොටකොට යද්දී...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 17880 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10692 30

රනිල් අත්අඩංගුවට ගනියි
2025 අගෝස්තු මස 22 10609 45

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 152 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 48 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 743 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site