IMG-LOGO

2025 නොවැම්බර් මස 02 වන ඉරිදා


රටවල් 40 කට වීසා ගාස්තු නිදහස් කිරීම මෑත කාලීනව ගත් නිවැරදි තීරණයක්


විමුක්ති එස් රුද්‍රිගු


ධනනාත් ප්‍රනාන්දු

තවත් රටවල් 40 ක සංචාරකයන් සඳහා වීසා ගාස්තු නිදහස් කිරීමට රජය ගත් මෑත කාලීන තීරණය නිවැරදි තීරණයක් බවත් සංචාරක ව්‍යාපාරය හරහා මෙරටට ඇති ආර්ථික අවස්ථා සම්පූර්ණයෙන්ම විවෘත කර ගැනීම සඳහා වීසා ලබාදීමේ ක්‍රියාවලිය පුළුල් ලෙස ලිහිල් කරන ලෙස ඉල්ලා සිටින බවත් ඇඞ්වොකාටා ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පසුගියදා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාව මෙම වසරේදී ලක්ෂ 30 ක සංචාරකයන් පිරිසක් මෙරටට ගෙන්වා ගැනීමට බලාපොරොත්තු වන බවත් සංචාරකයන්ට හිතකර පරිසරයක් සමග ඒකාබද්ධ වූ විවෘත, පැහැදිලි සහ ස්ථාවර වීසා ප්‍රතිපත්තියක් තිබීම, ආයෝජනවලට හිතකර නියාමනයන් ක්‍රියාත්මක වීම සහ ඉහළ පෙළේ සංචාරකයන් ඉලක්ක කිරීම එම ඉලක්කය සපුරා ගැනීම සඳහා අත්‍යාවශ්‍ය බව තම ආයතනය විශ්වාස කරන බවත් ඇඞ්වොකාටා ආයතනය ප්‍රකාශ කළේය.

ඒ පිළිබඳ අදහස් දක්වමින් ඇඩ්වොකාටා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ධනනාත් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර සිටියේ රටවල් 40 කට නිදහස් වීසා පහසුකම් ලබාදීමට රජය ගත් ප්‍රතිපත්තිමය තීරණය නිවැරදි දිශාවට ගත් තීරණයක් බවයි. සංචාරක ව්‍යාපාරය යනු ශ්‍රී ලංකාවේ ක්ෂණික රැකියා උත්පාදනය කිරීමට හැකියාව තිබෙන සහ ආර්ථිකයට ධනාත්මකව වර්ධනය වීමට ඉහළ බලපෑමක් එල්ල කළ හැකි අංශ කීපයෙන් එකක් බවද ඔහු පැවැසුවේය.

මෙරටට ඇතුළුවීමේදී තිබෙන බාධක අඩු කිරීම තුළින් වීසා ගාස්තුවෙන් නිදහස් කිරීම වැනි සරල දෙයක් වුවද ශ්‍රී ලංකාව ගමනාන්තයක් ලෙස වඩාත් ආකර්ෂණීය කිරීමට බොහෝ සෙයින් දායක විය හැකි බව ධනනාත් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය.

 



අදහස් (0)

රටවල් 40 කට වීසා ගාස්තු නිදහස් කිරීම මෑත කාලීනව ගත් නිවැරදි තීරණයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1842 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1489 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 527 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site