(විනීතා එම් ගමගේ)
රටේ පවතින තත්ත්වය කිසිසේත්ම සංචාරක ව්‍යාපාරයට බලනොපාන බව විදේශ කටයුතු ඇමති ආචාර්ය සරත් අමුණුගම මහතා ප‍්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවට එන සංචාරකයන්ට ඒ ඒ රටවලින් අනතුරු අඟවා ඇතැයි පැවසීම බොරුවක් බවත් හෙතෙම ප‍්‍රකාශ කළේය.
පෙළපාලි, උද්ඝෝෂණ පවතින ස්ථානවලට නොයන්නැයි සමහර රටවලින් අවවාද කොට ඇතැයි කී අමාත්‍යවරයා එම අවවාදය මෙරටින් ද සංචාරකයින්ට ලැබෙන බවත් ඔහු කියා සිටියේය.
සියලූ තානාපතිවරුන් සමඟත් සංචාරක ව්‍යාපාරයේ ප‍්‍රධානීන් සමඟත් සංචාරක ව්‍යාපාරය පිළිබඳව කථා කළ බවත් කිසිදු ප‍්‍රශ්නයක් නොමැති බව ඔවුන් තහවුරු කළ බවත් අමාත්‍යවරයා කීය.
මේ මොහොත වනවිට 4000 කට ආසන්න බ‍්‍රිතාන්‍ය ජාතිකයින් සංචාරකයන් සේ මෙරටට පැමිණ සිටින බවත් ඔවුන් පැමිණ ඇත්තේ ක‍්‍රිකට් තරඟ නැරඹීමට බවත් කී අමුණුගම මහතා මේ සංචාරකයින් ලොවට ලංකාවේ තොරතුැ කියන හො`දම තානාපතිවරුන් යැයි ද සඳහන් කළේය.
අමාත්‍යවරයා මේ අදහස් පළ කලේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ අද(05) පැවති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදියෙකු නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට හිනා
හොඳටම විශ්වාසද? ඔයගොල්ලන්ගේ උත්සව, පෙළපාලි, රැලි එහෙම නරඹන්න විදේශික සංචාරකයෝ හෝ ගලා ඒවි නේද?
ට්‍රැවල් ඒජන්ට්ලට කතා කරලා බැලුවනම් ...
මේ මිනිහ කතාකරන්නේ අමුඩේ ඇඳගෙනද
වියාපාර , සංචාරකයන් හා රට ගැන කිසිම දැනුමක් නැති කවටයන් තව තවත් පත්කර දියවන්නාවට යවමු
මේ ජීවිත කාලයෙන් බාගයක් ලංකාවේ දේශපාලනය කර තිබෙන අයෙකුගේ ප්‍රකාශයක් . අසව් ''''''අසව් .
අපට කුඩා සංචාරක නිකේතනයක් ඇත, වරකට එහි සංචරකින් 08 දනෙකුට නවතන් සපයන අතර, ගුවන් තොටුපලට සැතපුම් 5.4 දුරින් ඇති අපගේ නිකේතනයට 99% පැමිනෙනේ විදේශික ගුවන් මගීන්ය. ඔවුන් වනාහි අප රටෙහි සුන්දර තැන දැකීමට පමිනන්නන්ය. නව අගමැති පත්කරමින් රට තුල ඇතිවූ මෙම තත්වය මත එදින සිට අද දක්වා අපට කිසිම විදෙස සංචාරකයෙක් නොවෙම්බර් මාසය සඳහා නවතන් වෙන්කර නැති බව ඉතා විස්වාසවන්තව මෙහි ලිය තබමි. පසුගිය වසරට සමගාමිව බලනකල මෙම මාසය ඔවුන්ගේ පැමිණීම ඉතාමත් පහල මට්ටමක පවතී. අමාත්‍යවරයා කියනදේය සම්බන්දව එකඟ විය නොහැක.
මොන බොරු ද මේ කියන්නේ. අහල බලන්න හෝටල් වලින්. එතකොට දැනගන්න පුළුවන්.
මමත් ට්‍රැවල් ඒජන්ට් කෙනෙක්.. ගිය සතියේ 600$ බිස්නස් එකක් අහෝසි උනා. එයට හේතුව ලෙස දක්වා තිබුනේ රටේ අස්ථාවර දේශපාලන තත්වය නිසා බවයි. ජනවාරි මාසයේ තමා අපිට හොඳටම විදේශිකයන් පැමිණෙන මාසය.. චන්දය ආපු නිසා 20% වත් සංචාරකයන් පැමිණීම අඩුවේවි..
මුන්ට ඉතින් මොන ප්‍රශ්නද? හොර අගමැති හොර ඇමති ටික...