IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


‘‘රටේ තත්ත්වය සංචාරක ව්‍යාපාරයට බලපාන්නේ නැහැ‘‘

(විනීතා එම් ගමගේ)

රටේ පවතින තත්ත්වය කිසිසේත්ම සංචාරක ව්‍යාපාරයට බලනොපාන බව විදේශ කටයුතු ඇමති ආචාර්ය සරත් අමුණුගම මහතා ප‍්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවට එන සංචාරකයන්ට ඒ ඒ රටවලින් අනතුරු අඟවා ඇතැයි පැවසීම බොරුවක් බවත් හෙතෙම ප‍්‍රකාශ කළේය.

පෙළපාලි, උද්ඝෝෂණ පවතින ස්ථානවලට නොයන්නැයි සමහර රටවලින් අවවාද කොට ඇතැයි කී අමාත්‍යවරයා එම අවවාදය මෙරටින් ද සංචාරකයින්ට ලැබෙන බවත් ඔහු කියා සිටියේය.  

සියලූ තානාපතිවරුන් සමඟත් සංචාරක ව්‍යාපාරයේ ප‍්‍රධානීන් සමඟත් සංචාරක ව්‍යාපාරය පිළිබඳව කථා කළ බවත් කිසිදු ප‍්‍රශ්නයක් නොමැති බව ඔවුන් තහවුරු කළ බවත් අමාත්‍යවරයා කීය.

මේ මොහොත වනවිට 4000 කට ආසන්න බ‍්‍රිතාන්‍ය ජාතිකයින් සංචාරකයන් සේ මෙරටට පැමිණ සිටින බවත් ඔවුන් පැමිණ ඇත්තේ ක‍්‍රිකට් තරඟ නැරඹීමට බවත් කී අමුණුගම මහතා මේ සංචාරකයින් ලොවට ලංකාවේ තොරතුැ කියන හො`දම තානාපතිවරුන් යැයි ද සඳහන් කළේය.

අමාත්‍යවරයා මේ අදහස් පළ කලේ ශ්‍රී ලංකා  පදනම් ආයතනයේ අද(05)  පැවති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදියෙකු නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.



අදහස් (11)

‘‘රටේ තත්ත්වය සංචාරක ව්‍යාපාරයට බලපාන්නේ නැහැ‘‘

LAKSITHA PARIS Monday, 05 November 2018 06:44 PM

මට හිනා

:       0       71

rocky Tuesday, 06 November 2018 12:04 AM

හොඳටම විශ්වාසද? ඔයගොල්ලන්ගේ උත්සව, පෙළපාලි, රැලි එහෙම නරඹන්න විදේශික සංචාරකයෝ හෝ ගලා ඒවි නේද?

:       0       217

lal Wednesday, 07 November 2018 01:02 AM

ට්‍රැවල් ඒජන්ට්ලට කතා කරලා බැලුවනම් ...

:       0       13

Sugath Thursday, 08 November 2018 04:36 AM

මේ මිනිහ කතාකරන්නේ අමුඩේ ඇඳගෙනද

:       0       43

Nilantha Thursday, 08 November 2018 10:29 AM

වියාපාර , සංචාරකයන් හා රට ගැන කිසිම දැනුමක් නැති කවටයන් තව තවත් පත්කර දියවන්නාවට යවමු

:       0       267

Saththaya Thursday, 08 November 2018 12:57 PM

මේ ජීවිත කාලයෙන් බාගයක් ලංකාවේ දේශපාලනය කර තිබෙන අයෙකුගේ ප්‍රකාශයක් . අසව් ''''''අසව් .

:       0       248

Dennis Perera Saturday, 10 November 2018 07:54 PM

අපට කුඩා සංචාරක නිකේතනයක් ඇත, වරකට එහි සංචරකින් 08 දනෙකුට නවතන් සපයන අතර, ගුවන් තොටුපලට සැතපුම් 5.4 දුරින් ඇති අපගේ නිකේතනයට 99% පැමිනෙනේ විදේශික ගුවන් මගීන්ය. ඔවුන් වනාහි අප රටෙහි සුන්දර තැන දැකීමට පමිනන්නන්ය. නව අගමැති පත්කරමින් රට තුල ඇතිවූ මෙම තත්වය මත එදින සිට අද දක්වා අපට කිසිම විදෙස සංචාරකයෙක් නොවෙම්බර් මාසය සඳහා නවතන් වෙන්කර නැති බව ඉතා විස්වාසවන්තව මෙහි ලිය තබමි. පසුගිය වසරට සමගාමිව බලනකල මෙම මාසය ඔවුන්ගේ පැමිණීම ඉතාමත් පහල මට්ටමක පවතී. අමාත්‍යවරයා කියනදේය සම්බන්දව එකඟ විය නොහැක.

:       0       14

Anura Tuesday, 13 November 2018 10:49 AM

මොන බොරු ද මේ කියන්නේ. අහල බලන්න හෝටල් වලින්. එතකොට දැනගන්න පුළුවන්.

:       0       11

suranga Tuesday, 13 November 2018 01:42 PM

මමත් ට්‍රැවල් ඒජන්ට් කෙනෙක්.. ගිය සතියේ 600$ බිස්නස් එකක් අහෝසි උනා. එයට හේතුව ලෙස දක්වා තිබුනේ රටේ අස්ථාවර දේශපාලන තත්වය නිසා බවයි. ජනවාරි මාසයේ තමා අපිට හොඳටම විදේශිකයන් පැමිණෙන මාසය.. චන්දය ආපු නිසා 20% වත් සංචාරකයන් පැමිණීම අඩුවේවි..

:       0       23

NilanthaSaturday, 17 November 2018 05:42 AM

ඇත්ත . අපිට සති දෙකක් හුලන්

:       0       4

Sudesh perera Thursday, 15 November 2018 04:09 PM

මුන්ට ඉතින් මොන ප්‍රශ්නද? හොර අගමැති හොර ඇමති ටික...

:       0       19

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 673 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 550 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site