(සුජිත් හේවාජුලිගේ)
රටේ ආර්ථිකය නැංවීමට අලූත් නීති අණ පනත් හඳුන්වා දෙන බවත් රාජ්‍ය ඉඩම් බැංකුවක් හා ආයෝජන කලාප ඇති කිරීමට තව පනත් දෙකක් ඉදිරිපත් කරන බවත් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පැවැසීය.
අගමැතිවරයා මේ බව පැවසුවේ අරලියගහ මන්දිරයේදී සඳුදා (3) සවස පැවැති ආයෝජන වාතාවරණය සැලසීම පිළිබඳ මාර්ගෝපදේශන මාලාවක් හඳුන්වා දීමේ උත්සවයේදීය.

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා එහිදී මෙසේද කීය.
මේ කටයුත්තට දායක වුණු ලෝක බැංකුවට, ඕස්ටේ‍්‍රලියානු රජයට ස්තූතිවන්ත වෙනවා. මේ හඳුන්වා දෙන්නේ රටේ ආයෝජන නංවා, අපනයනය නංවා රට සංවර්ධනය කිරීමේ උපාය මාර්ගයයි.
අද වන විට අපට ලොකු ණය බරක් ඉතිරි වී තිබෙනවා. ඒක රටට, ජනතාවට ලොකු බරක්. ඒ බර අඩු කරන්න කටයුතු කළ යුතු වෙනවා. ඒ සඳහා ඇති එකම විසඳුම ආයෝජන හා අපනයන වැඩිකර ගැනීමයි. ඒ සඳහා අපි ගත හැකි සෑම උත්සාහයක්ම දරනවා.
පසුගිය කාලයේ රටේ ප‍්‍රමාණවත් නිෂ්පාදනයක් ඇතිවුණේ නැහැ. ඒ නිසා විදේශ වෙළෙඳපොළට යෙදවිය හැකි භාණ්ඩ ප‍්‍රමාණයක් උත්පාදනය වුණේ නැහැ. ඒ නිසා අපේ කි‍්‍රයාකාරිත්වය අඩුවුණා. ආර්ථිකය නැංවීමට යෙදවීම් අවශ්‍ය වෙනවා. අපි අපනයන්ට වැඩි අවධානයක් යොමු කළ යුතුයි.
මැලේසියාව, තායිලන්තය මේ වන විට ලොකු සංවර්ධනයකට ගොස් තියෙනවා. අපි ඒ අය අනුගමනය කරමින් ඉදිරියට යා යුතුයි. අපේ කලාපයේ වියට්නාමය, කාම්බෝජය යන රටවල් හිටියේ අපට වඩා ගොඩක් පස්සෙන්. අද වන විට අපි පසුකර යන තත්ත්වයක් ඇතිවෙලා.
අප නව ආණ්ඩුවක් පිහිටුවා ගන්නේ රටට නව ව්‍යවස්ථාවක් හා ආර්ථික ප‍්‍රතිසංස්කරණ ඇති කරන්නයි. අපි දැන් ඒ කටයුතු සාර්ථකව කරගෙන යනවා. ඒ ප‍්‍රතිසංස්රණ හරහා විරැකියාව නැති කිරීමට ආදායම් වැඩි කිරීමටත් බලාපොරොත්තු වෙනවා.

මේ උත්සවයට උපාය මාර්ග සංවර්ධන හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික‍්‍රම, මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික‍්‍රමරත්න, ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන, උපාය මාර්ග සංවර්ධන හා ජාත්‍යන්තර වෙළඳ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ, එම අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.ඒ.ඞී.එස්. ගුණසිංහ, ලෝක බැංකුවේ ග‍්‍රාමීය අධ්‍යක්ෂ ඉද්‍ර ස්වරායි, ඕස්ටේ‍්‍රලියාවේ නියෝජ්‍ය මහ කොමසාරිස් ටිමි හියුගියස් යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් ද සහභාගි වූහ.
2025 දෙසැම්බර් මස 04
302
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
418
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
393
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
’රටේ ආර්ථිකය නංවන්න අලූත් නීති අණ පනත් ගේනවා’
lalith Wednesday, 05 July 2017 06:30 PM
ඔබ තුමාටත් තියෙන්නේ මාර බලාපොරොත්තු ගොඩක්නේ? එත් යනවිදියටනම් අර දීකිරි මුට්ටියට වුනු දේම වෙයි වගේ? වෙලාවකට හිතෙනවා ඇත්තටම ඔබතුමාද කියල? දොරටුපාලයා එහෙම නොවෙයි නේද?
Lal Thursday, 06 July 2017 08:55 AM
මෙයාලගේ ක්‍රමේ හැටියට රටේ සම්පත් ටිකයි මුලු රටමයි වික්කානම් ඉවරයිනේ.. බොරු බයිලා කියන්නේ නැතුව...
Gayan Thursday, 06 July 2017 01:13 PM
රටත් ඉවරයි වගේ.. මෙහෙම ගියොත් ගන්න යමක්වත් නැතිවේවි..
ranil Friday, 07 July 2017 04:22 AM
කට ඇරියොත් ඉතින් ටොම් පචයක්ම තමා