විමුක්ති එස් රුද්‍රිගු
පසුගිය 5 වැනිදායින් අවසන් වූ තුන්වැනි සතියටත් විදේශීය ආයෝජකයින් ශ්‍රී ලංකා රජයේ සුරැකුම්පත් මිලදී ගැනීමට උනන්දුවක් දක්වා තිබෙන බවත් ඔවුන් මිලදී ගත් සුරැකුම්පත්වල දළ වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 9.1 ක් බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්ත වාර්තා පෙන්වා දුන්නේය.
අවසන් සති තුනේදී රුපියල් බැඳුම්කර විදෙස් ආයෝජකයන් මිලදී ගැනීම හේතුවෙන් මෙරටට ගලාආ මුදල් ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 19.2 ක් බවද එම දත්ත වාර්තාවල දැක්වේ. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරු බද්ද හේතුවෙන් පසුගිය කාලයේදී රුපියල් සුළු වශයෙන් පහළ වැටුණු අතර ඒ සමග විදෙස් ආයෝජකයන් රුපියල් බැඳුම්කරවලින් ඈත්වීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කළේය.
පසුගිය සති තුනේ දත්ත වාර්තාවලට අනුව නැවතත් රුපියල් බැඳුම්කරවලට නැඹුරු වීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd