IMG-LOGO

රජයේ සමස්ත ආදායමේ සියයට 32.2 ක වර්ධනයක්

දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 13.5 වර්ධනයක් 
බදු නොවන ආදායම 2023 වසරට සාපේක්ෂව පසුගිය වසරේදී පහළ ගිහින්
ලියාපදිංචි බදු ගෙවන්නන් සංඛ්‍යාව 2023 වසරට සාපේක්ෂව පසුගිය වසරේදී 605,999 කින් ඉහළ ගිහින්


විමුක්ති එස් රුද්‍රිගු


ආදායම වැඩිකර ගැනීමට ගත් ක්‍රියා මාර්ග සහ ආර්ථික ක්‍රියාකාරකම් නැවත ආරම්භ කිරීම හේතුවෙන් පසුගිය වසරේ රජයේ සමස්ත ආදායම රුපියල් බිලියන 4030.8 ක් බවත් එය 2023 වසරට සාපේක්ෂව සියයට 32.2 ක වර්ධනයක් බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ 2024 වාර්ෂික ආර්ථික විවරණ වාර්තාව පෙන්වා දුන්නේය.
රජයේ ආදායම 2023 වසරේදී රුපියල් බිලියන 3048.8 ක් ලෙස වාර්තා වූ බවත් එය පසුගිය වසරේදී රුපියල් බිලියන 982 කින් වර්ධනය වෙමින් රුපියල් බිලියන 4030.8 දක්වා පැමිණ ඇති බවත් එම වාර්තාව අනාවරණය කළේය. පසුගිය වසරේ රජයේ ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සලකා බලනවිට එය සියයට 13.5 වර්ධනයක් බවද එම වාර්තාව පෙන්වා දුන්නේය.
එකතුකළ අගය මත බද්ද, නිෂ්පාදන හා සුරා බද්ද, තීරු බද්ද, විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද සමාජ ආරක්ෂණ බද්ද යන බදු වර්ගවලින් ලැබුණු බදු ආදායම ඉහළ යාම මෙලෙස රජයේ සමස්ත ආදායම පසුගිය වසරේදී සැලකිය යුතු ලෙස ඉහළ යාමට හේතුවී ඇත. පසුගිය වසරේ මෙලෙස සමස්ත බදු ආදායම ඉහළ යාමට 2023 වසරේ පෞද්ගලික සහ ආයතනික අදායම් බදු මෙන්ම ක්‍රමානුකූලව ආර්ථික ක්‍රියාකාරකම් සාමාන්‍යකරණය කිරීමට ක්‍රියාත්මක කළ ප්‍රතිපත්තිමය වෙනස්කම්වල බලපෑම හේතුවී ඇතැයි මහ බැංකු වාර්ෂික ආර්ථික විවරණ වාර්තාවේ දැක්වේ.
පසුගිය වසරේදී රජයේ සමස්ත බදු ආදායම රුපියල් බිලියන 3704.6 දක්වා ඉහළ ගොස් ඇති අතර එය 2023 වසරට සාපේක්ෂව සියයට 36.2 ක වර්ධනයකි. 2023 වසරේදී මෙරට බදු ආදායම රුපියල් බිලියන 2720.6 ක් ලෙස සටහන් වී ඇති අතර එය පසුගිය වසරේදී රුපියල් බිලියන 984 වර්ධනය වෙමින් රුපියල් බිලියන 3704.6 දක්වා පැමිණ ඇත.
රජයේ ආදායම 2023 වසරට සාපේක්ෂව පසුගිය වසරේ රුපියල් බිලියන 982 කින් ඉහළ යද්දී, බදු ආදායම රුපියල් බිලියන 984 කින් ඉහළ ගොස් තිබීම විශේෂත්වයකි. බදු ආදායම මෙලෙස සැලකිය යුතු ලෙස ඉහළ යද්දී බදු නොවන ආදායම 2023 වසරට සාපේක්ෂව පසුගිය වසරේදී පහළ ගොස් තිබීමද විශේෂත්වයකි.
පසුගිය වසරේදී රජයේ බදු නොවන ආදායම රුපියල් බිලියන 326.3 ක් ලෙස සටහන් වන අතර එය 2023 වසරට සාපේක්ෂව රුපියල් බිලියන 2 ක පහළ යාමකි.
බදු අනුකූලතාව ඉහළ දැමීම සඳහා වයස අවුරුදු 18 ට වැඩි පුද්ගලයන් බදු ගෙවන්නන් හඳුනා ගැනීමේ අංකයක් ලබා ගැනීම එලෙස ගත් ක්‍රියාමාර්ග අතර තිබෙන බව මහ බැංකුව පැවැසුවේය.
එහි ප්‍රතිඵලයක් ලෙස ආයතනික සහ ආයතනික නොවන කාණ්ඩ දෙකෙහිම ලියාපදිංචි බදු ගෙවන්නන් සංඛ්‍යාව 2023 වසරට සාපේක්ෂව පසුගිය වසරේදී 605,999 කින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළේය. 2023 වසරේදී ආයතනික සහ ආයතනික නොවන කාණ්ඩ දෙකෙහිම ලියාපදිංචි බදු ගෙවන්නන් සංඛ්‍යාව 879,778 ක් ලෙස සටහන් වූ අතර එය පසුගිය වසරේදී 1,485,777 දක්වා වර්ධනය වී තිබිණ. ලියාපදිංචි බදු ගෙවන්නන්ගේ සංඛ්‍යාව ඉහළ යාමත් සමග අදායම් බදු එකතු කිරීමද 2023 වසරට සාපේක්ෂව පසුගිය වසරේදී සියයට 12.6 කින් රුපියල් බිලියන 114.8 කින් ඉහළ ගොස් තිබුණේය.
එකතු කළ අගය මත බද්ද සඳහා ලියාපදිංචි විය යුතු සීමාව රුපියල් මිලියන 80 සිට 60 දක්වා අඩු කිරීමත්, එකතු කළ අගය මත බදු අනුපාතය සියයට 18 දක්වා වැඩි කිරීමත්, වාහන ආනයන සීමා ඉවත් කිරීමත්, අතර මග නැවතී තිබූ ආර්ථික ක්‍රියාකරකම් නැවත ආරම්භ කිරීමත් හේතුවෙන් පසුගිය වසරේ එකතු කළ අගය මත බදු ආදායම සියයට 88.6 කින් රුපියල් බිලියන 615.2 දක්වා වර්ධනයවී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළේය.
මේ අතර නිෂ්පාදන හා සුරා බද්දෙන් ලැබූ ආදායම 2023 වසරට සාපේක්ෂව පසුගිය වසරේදී සියයට 27.4 කින් රුපියල් බිලියන 128.9 දක්වා ඉහළ ගොස් ඇති බවත් වසර ආරම්භයේදී සුරා බදු සියයට 14 කින් ඉහළ දැමීම සුරා බද්දෙන් ලැබූ ආදායම ඉහළ යාමට හේතුවක් වී ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුව පැවැසුවේය. ආනයන ඉහළ යාම සහ තෝරාගත් ආනයනික භාණ්ඩ ආනයනය මත සෙස් බදු අනුපාත ඉහළ යාම හේතුවෙන් සෙස් බද්දෙන් ලද ආදායමද සැලකිය යුතු ලෙස ඉහළ යමින් 2023 වසරට සාපේක්ෂව පසුගිය වසරේදී සියයට 41.9ක වර්ධනයක් පෙන්නුම් කර ඇත.



අදහස් (0)

රජයේ සමස්ත ආදායමේ සියයට 32.2 ක වර්ධනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1678 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 565 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 653 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site