IMG-LOGO

2025 ජුලි මස 08 වන අඟහරුවාදා


රජය සතු ඉඩම්: පෞද්ගලික ආයෝජන

පළාත් පාලන ආයතන පොදු වත්කම් කළමනාකරණය කරන ආකාරය නැවත සිතා බැලීම ආර්ථික හා මූල්‍යමය අවශ්‍යතාවක් වන්නා සේම සදාචාරාත්මක අවශ්‍යතාවක් ද වන්නේය.
ඇත්ත වශයෙන්ම පළාත් පාලන ආයතනය නගරයේ විශාලතම ධනය කළමනාකරණය කරන්නා ලෙස පිළිගැනීමද ඊට අයත්ය.
පළාත් පාලන මට්ටමේදී දේපළ වෙළෙඳාම බොහෝ දුරට වඩාත් වැදගත් වූ දේපොළ අංශය වන අතර දුම්රිය මාර්ග, ගුවන්තොට සහ වරාය ආදී ප්‍රවාහනයට සම්බන්ධ අංශ මෙන්ම නගර මධ්‍යස්ථාන සමීපයේ පැවති පැරණි කාර්මික ප්‍රදේශ ද ඒවාට ඇතුළත්ය.
ඒ සඳහා වූ සාක්ෂි වඩාත් පැහැදිලිය. මෙම මහජන දේපළවල වාණිජ කළමනාකරණය ඔස්සේ සෑහෙන තරම් ආදායම් උත්පාදනය කළ හැකිය. හොංකොං හි රේල්වේ සමාගමට (MTR Corporation Ltd) එම්.ටී.ආර්. කෝපරේෂන් ලිමිටඩ් මේ සඳහා වූ හොඳම උදාහරණයයි. නගරයේ ජනතාවගේ වැඩි වන ප්‍රවාහන අවශ්‍යතා උදෙසා එකින් එකකට මාරු විය හැකි දුම්රිය මාර්ග පද්ධයක් ගොඩනගා එහි මෙහෙයුම් පවත්වා ගැනීම සඳහා එය ගොඩ නැගිණි. හොංකොං ආණ්ඩුවේ භාරකාර සමාගම ජපානයේ දුම්රිය මාර්ගවලින් මේ සඳහා නිර්මාණවේශය ලැබුවේය. එහිදී මහජනයා උදෙසා යටිතල පහසුකම් සැපයීමේ පිරිවැය සිය දුම්රිය මාර්ගවලට සම්බන්ධ දේපළ සංවර්ධනය කිරීමෙන් පියවාගන් වෙනත් ස්ථානද   ආදර්ශයට ගැනුණේය.
සිය MTR භාරකාර සමාගමෙන් මෙම කාර්යය කිරීම උදෙසා අත ගැසූ හොංකොං රජය සමස්ථ දුම්රිය මාර්ග පද්ධතියම, බදු ගෙවන්නන්ගේ මුදල් උපයෝගී කර ගැනීමෙන් තොරව, නිව්යෝර්ක් නගරය සමස්ත දුම්රිය මාර්ග පද්ධතියේ විශාලත්වයෙන්ම ඉදිකිරීමට පෙළඹුණේය. බදු ගෙවන්නන්ගේ මුදල් උපයෝගී කර ගැනීම වෙනුවට දුම්රිය මාර්ග හා ඒකාබද්ධ දේපළ මොඩලය තුළින් දුම්රිය මාර්ග ඉදිකිරීමට මුදල් යොදා ගැනිණි.
දුම්රිය මාර්ග ඉදිකිරීමේ ප්‍රාග්ධන පිරිවැය උදෙසා දේපළ සංවර්ධනයෙන් මුදල් උපයා ගැනීමට මුලින්ම අදහස් නොකෙරිනි. මුලදී අදහස් කරන ලද්දේ හදිසි සංචිතයක් ඔස්සේ සහ MTR හි මුදල් ප්‍රවාහ වැඩිකර ගැනීමෙන් එම කාර්ය කිරීමටයි.
කෙසේ වුවද 1990 ගණන්වල අගභාගයේ පටන් MTR හි සමස්ත ආදායමෙන් දේපළ ආදායම සියයට 40 දක්වා වැඩි වීමත් සමග එහි දේපළ සංවර්ධන ආදායම සෑහෙන තරමින් වැඩි වූයේය.
රාජ්‍ය අංශයේ, ඉඩම් හා දේපළ වාණිජමය කළමනාකරණයට ලක් කිරීමේ වාසි පෙන්වා දෙන තවත් උදාහරණයක් ස්වීඩනයෙන් ලැබේ. 1990 ගණන්වල ස්වීඩනයේ දුම්රිය මාර්ගවල නියාමන ඉවත් කිරීමට පියවර ගැනීමේදී එවකට එරට පැවති ආණ්ඩුව දුම්රිය ඒකාධිකාරිය විවිධ මෙහෙයුම් අංශවලට වෙන් කරනු ලැබුවේය. භාණ්ඩ ප්‍රවාහනය සහ මගී කටයුතු එසේ වෙනත් අංශවලට බෙදා  වෙන් කරනු ලැබුවේ තරග කිරීමේ හැකියාව ලබා දීමටත්, පෞද්ගලික අංශයේ ආයෝජන ආකර්ෂණය කර ගැනීමටත්ය. කලින්  ඒකාධිකාරියට අයත්ව තිබූ සියලු ඉඩම් හා දේපළ එහි ප්‍රතිඵලයක් ලෙස වෙන වෙනම සමාගම්වලට හිමිවිය. ජර්න්හුසෙන් (Jernhusen) …සමාගම ඍජුවම රජයට අයත් වූයේය.
වෘත්තීය නිපුනතාවෙන් හෙබි ඉඩම් හා දේපළ සංවර්ධනයන්ගෙන් සමන්විත කළමනාකරණ මණ්ඩලවලින් සමන්විත වීම සමග දුම්රිය මාර්ග මෙහෙයුම් වලින් ස්වාධීන වූ විට අලුත ගොඩ නැගුණු වෙන්වූ ශේෂ පත්‍රවල දැවැන්ත සංවර්ධන අවස්ථා දිස්වන්නට ගැනුණේය. කලින් එම අවස්ථා එකිනෙක සැඟවගොස් තිබිණි. නැතහොත් දුම්රිය මාර්ග පවත්වා ගැනීමට ප්‍රමුඛතාව දීම හේතුවෙන් එම අවස්ථා යථාවත් නොවූයේය.
ප්‍රධාන දුම්රිය ස්ථාන වටා සහ ඒවාට ඔබ්බෙන් දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති නිමවූයේය. මධ්‍යම ව්‍යාපාර දිස්ත්‍රික්කවල දුම්රිය මාර්ග අද්දර කරන ලද ඉදිකිරීම් ඔස්සේ අමතර නිවාස හා වාණිජ සම්පත් නිර්මාණය වීම උදාහරණයකි. ස්ටොක්හෝම් නුවර මධ්‍යයේ භාවිතයට නොගත් දුම්රිය මාර්ගවලට යාබද ඉඩම් අලුත නවීකරණය වූ ජනාවාස දිස්ත්‍රික්ක බවට පරිවර්තනය වූයේය. ස්ටෝක්හොම් නුවර ජන තදබද ඇති මාර්ග ඉහිල් කිරීමට දුම්රිය මාර්ග යටිතල පහසුකම්වල ධාරිතාව දෙගුණ කිරීම ඇතුළුව ජාතික වශයෙන්  යටිතල පහසුකම්වලට යෙදවූ ආයෝජනවලට  සෑහෙන තරම් සමාගමේ අරමුදල උපකාරී වූයේය. මෙම  ව්‍යාපෘතිවලින් දැවැන්ත ව්‍යාපාරික හා ආයෝජන අවස්ථා ආර්ථිකය මල් ඵල ගැන්වීම උදෙසා පෞද්ගලික අංශය පුරා නිර්මාණය විය.
භාවිතයට නොගත් වරාය යටිතල පහසුකම් ආශ්‍රයෙන් කළ අධ්‍යයන වලින් පොදු ඉඩම්  හා දේපළ සාර්ථකව කළමනාකරණය කිරීමේ උදාහරණ ලැබේ.
මේ ආකාරයේ ඕනෑම සංවර්ධනයක් උදෙසා වන තීරණාත්මක අවශ්‍යතාවක් නම් වාණිජමය සංවර්ධන ව්‍යාපෘති දිසාවට යොමු වූ වෘත්තීය කළමනාකරණ ඒකරාශී කිරීමය. ඕනෑම පෞද්ගලික අංශයේ භාරකාර සමාගමක් හා සමාන වූ නිපුණතාවක් එහි කළමනාකරණයට තිබිය යුතු වේ.  ගණකාධිකාරී කණ්ඩායමෙන් සංවර්ධකයත් වාණිජමය රාජ්‍ය දේපළවලින් ආදායම් උත්පාදනය කිරීමේ හැකියාවත් යුක්ත විශ්ලේෂකයන්ගේ එකලස් කර ගැනීමත් එම කළමනාකරණයට අයත් වේ.
රජයේ හිමිකාරිත්වය යටතේ සංවර්ධනය කළමනාකරණය කරනු වෙනුවට වඩාත්ම වේගවත්ම සහ පහසුම මාර්ගය වන්නේ මුළු දේපළ සියල්ලම පෞද්ගලික අංශයේ සංවර්ධන කාර්ය කරන්නවුන් හට සින්නක්කර විකුණා දැමීමය. එහෙත් ඕනෑම වානිජ ගිවිසුමකින් අවදානම ගන්නා පාර්ශ්වයම ව්‍යාපෘතියේ උන්නතියක විභවතාවක් ද ලබා ගත යුතුය. එම නිසා රජයෙන් රාජ්‍ය දේපළ එකවර සින්නක්කර විකුණා දමන විට, මහජන ධනය පෞද්ගලික අංශයට අයථා හුවමාරු වීමට මගපෑදීම නොවැළැක්විය හැක්කකි. හොංකොං හා …හැම්බර්ග් නාගරික ධන සම්පත් ඔස්සේ පෙන්නුම් කෙරෙන්නේ ඊට හාත්පසින් වෙනස් තත්වයකි. නගරයේ ජනවරමෙන් මාර්ගෝපදේශ ලැබ, වෘත්තීය නිපුණයන්ගේ කැපවීමෙන් හා දේශපාලන බලපෑම් වලින් නිදහස්ව සමස්තයක් වශයෙන් සමාජයේම උපකාරය තකා මහජන දේපළ කළමනාකරණය කිරීමේ දක්ෂතාව ඒවා සතුවිය.
මෙම නාගරික ධන සම්පත්, රාජ්‍ය අංශයේ ඉඩම් හා දේපළ කළමනාකරණය කිරීමේ කාර්ය හා බද්ධ වී තනි තනි ඉදිකිරීම් ව්‍යාපෘති පෞද්ගලික අංශය සමග සමසේ අවදානම හා ප්‍රතිලාභ බෙදා ගනිමින්ද ආයෝජකයන්ගේ අනන්‍යතාවත් හා ඒක රේඛීය වන ආකාරයෙන් සහයෝගයෙන් පවත්වාගෙන යා හැකිවේ. එවැනි සහයෝගීතාවයකින් ඉඩම් පරිභෝජන නියාමන මූල්‍යකරණ බෙදාහැරීම් හා ගිවිසුම්ගත අංශයන් උදෙසා නාගරික යටිතල පහසුකම් සංවර්ධන කාර්ය වැනි සංකීර්ණ දුෂ්කර කාර්යයන්ට ඇති  බාධක අඩු කර විධිමත්ව කාර්ය කළ හැකි වේ.
තාක්ෂණික අභියෝගය සාපේක්ෂ වශයෙන් ඉතා සරළය. වාණිජ දේපළ පෞද්ගලික අංශයේ සියවස් ගණනක් තිස්සේ දෛනික වශයෙන් සාර්ථකව කළමනාකර තිබේ
මූලික අභියෝග දේශපාලනික අභියෝගයන්ය. සමාජය වෙනුවෙන් මහජන දේපළ කාර්යක්ෂම ලෙස කළමනාකරණය කිරීම දේශපාලන නායකත්වයේ කැමැත්ත මත මුළුමනින්ම තීරණය වන්නකි.


2025 මැයි 22 Daily FT හි පළවූ Leveraging Government Owned Land as  for Private Investment නම් ලිපියේ පරිවර්තනය 
සමන් පුෂ්ප ලියනගේ



අදහස් (0)

රජය සතු ඉඩම්: පෞද්ගලික ආයෝජන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 162 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 651 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1058 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site