ශ්රී ලංකාවේ රාජ්‍ය බැංකු ජාත්‍යන්තර බැංකු තත්ත්වයට පත් කිරීම සඳහා ඇමෙරිකාවේ “ සිටි“ බැංකුව භාවිත කරන තාක්ෂණය මෙරටට හඳුන්වා දීමට සාකච්ඡා ආරම්භ කර තිබෙන බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය පවසයි.
ඇමෙරිකාවේ සිටි බැංකුවේ ජාත්‍යන්තර කටයුතු ප්‍රධානී ජූලි මොනාකෝ සහ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් අතර එහි මුල් සාකච්ඡාව සිදුවිණි.
අන්තර්ජාල බැංකු පහසුකම් පිළිබඳවද එහිදී සාකච්ඡා කැරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතිරි වෙලා තියෙන තුට්ටු දෙකත් ඇමෙරිකාවට දීල සාක්කුවට සල්ලි ටිකක් දාගන්න නම් ශෝක්. වැසිකිළියක්වත් නැති මිනිස්සු ඉන්න රටේ ඔය සල්ලි වලින් මිනිස්සුන්ගේ මුලික අවශ්‍යතාවයන් ටික ගැන බැලුවොත් නරකද බොරු වැඩ නොකර. (හේ)
මෙරට මේවා කළ හැකි දක්ෂයෝ නෑකම් හිතවත්කම් නැති නිසා ගෙවල්වල. නුසුදුස්සෝ රටේ වැදගත් ආයතන වල (නි)
පෙරහැරට කලින් කසකාරයො එනවා කියන්නේ මේවට. ශ්‍රි ලංකන් එයාලයින්, ලංකා හොස්පිටල් ඉරණම අපිට මතකයිනේ (නි)
ලොව ප්‍රධාන පෙළේ බැංකු දහස අතරට ලංකා බැංකුවද ඇතුළු වෙතියි ලන්ඩනයේ ‘ද බෑන්කර්‘ සඟරාව පසුගිය ජූලි කලාපයෙන් කියයි. ලංකා බැංකුව ශ්‍රී ලංකාවේ අංක එකේ බැංකුව ලෙසද එම සඟරාව හඳුන්වයි. 2015 ආසියාවේ ශක්තිමත්ම බැංකුව ලෙස ඒෂියන් බෑන්කර් සඟරාව ලංකා බැංකුව හැඳින්වීය. ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේ දී පිටපිටම අට වතාවක් ලංකා බැංකුව රන් සම්මානයෙන් පුද ලැබීය. මේ වසරේදී ලංකා බැංකුව දෙවැනි ට්‍රිලියන තැන්පතුවද හිමිකර ගත්තේය. ට්‍රිලියනය යනු ලක්ෂ කෝටියකි. (10000000000000) (අ)
කියන්නකෝ බලන්න ලංකාවේ දැවෙන ප්‍රශ්න ටික? ප්‍රශ්නය තියන්නේ දෙන් ලංකාවෙත්, මෙතනත් සංවර්ධන විශේෂඥයෝ ගොඩක් ඉන්න එක. කරුණාකර කරන දේ කරන්න ඉඩදීලා බලාගෙන ඉන්න, ඔබගේ අවස්ථාව ආවාම ඔබට ඔබගේ මතයට වැඩ කරන්න පුළුවන්.(හේ)
කියන්නකෝ බලන්න ලංකාවේ දැවෙන ප්‍රශ්න ටික?(හේ)
දැන් ලංකාවේ අලුතින් සංවර්ධන විශේෂඥයෝ වගයක් ඉන්නවා. එයාලට මොකක් කිව්වත් ඊට කලින් මේක කරන්න ඕනෑ නේද කියලා අහනවා. මේක කරමු කිවුවොත් නැහැ මේකට කලින් අරක කරන්න කියනවා. මෙතනත් එහෙම අය ප්‍රතිචාර දානවා. (නි)
දෙබරේ හැටි බලන්න නම් ගලක් ගහන්න ඕනෑ. (නි)
හොඳ දෙයක් කරන්න.(හේ)
ඔය සල්ලි වලින් අපේ රටේ මිනිස්සුන්ට වැඩදායි දෙයක් කරන්න.(හේ)
එ්ත් ඉතින් අර තාක්ෂණානුකූලව තේ වත්තකට බාපු අන්තර්ජාල බැලුම තවම යවාගන්න බැරිවුණා නේද? ඒක නැතුව කොහොමද? (නි)
දැන් කරන්න තියෙන්නේ මේ දේවල්ද,(හේ)
තව රටේ දැවෙන ප්‍රශ්න කොතරම්ද? ඒ දේවල් වලට පිළියම් යොදලා ඉන්න.(හේ)
කවදද හදුන්වා දෙන්නේ.(හේ)
ලලිත් මහත්තය දත්ටික මදින්න දත් බුරුසුව අතට අරගෙන දත් ටික නොමැද වෙන කොහේ හරි මැදලා, බුරුසුව හෝදලා පැත්තකින් තියන කෙනෙක් වගෙයි කතාවෙන් නම් පෙනෙන්නේ. (බ)
මේ කරන දේවල් සියල්ලම සාර්ථක වේවිද?(හේ)
අපේ බැංකුත් වෙනසක් විය යුතුයි.(හේ)
කරන්න යන දේ හොදයි.(හේ)
හොද දේ හොද දකින්න පුරුදු වෙන්න (ම)
හොද දේ හොද දකින්න පරුදු වෙන්න ලලිත් මහත්තයෝ. (බ)