රජයේ නිලධාරීන්ට තීරු බදු රහිත මිලට මෝටර් රථ ගෙන්වීමේ ක්‍රමය සංශෝධනය කිරීමට පියවර ගත් බව මුදල් අමාත්‍යංශය කියයි.
ඒ අනුව සහනදායී මිලට මෝටර් රථ ගෙන්වීමේදී උපරිම මිල ඩොලර් 30000ට (රුපියල් 43,47517) සීමා කර ඇති අතර එයට 50%ක බදු සහනයක් ලබාදී ඇත.
රාජ්‍ය නිලධාරීන්ට, රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත ආයතනවල විධායක ශ්‍රේණියේ නිලධාරීන්ට, වෛද්‍යවරුන්ට, නීතිඥවරුනට, විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ට ආදී පිරිසට වසර 6ක සේවා කාලයකින් පසු මේ සඳහා පහසුකම් හිමිවේ.
එසේ පහසු මිලට මෝටර් රථ ලබාගැනීම සඳහා බලපත් දෙකක් හිමිවන අතර එක් බලපත්‍රයක් ලබාගෙන වසර 10කට පසු අනෙක් බලපත්‍රය ලබාගැනීමට හැකියාව ඇත.
මේ සඳහා නිකුත් කළ චක්‍රලේඛය මුදල් අමාත්‍යංශයේ වෙබ් අඩවියනේ ලබාගත හැකි බවද එම අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රුවන් සහ විරාජ් බය වෙන්න එපා ඒ ඔක්කොම ඇතුලත් කරල තියෙන්නේ.(හේ)
පිට රට ඉදල සල්ලි එවන වෙලාවට රට විරුවෝ කෙලින්ම් රටේ ආර්ථිකයට සම්බන්ද රට ඉන්න අපි ගැන මොන රජයද හිතුවේ. (ර)
පිට රට ඉදල සල්ලි එවන වෙලාවට රට විරුවෝ කෙලින්ම් රටේ ආර්ථිකයට සම්බන්ද රට ඉන්න අපි ගැන මොන රජයද හිතුවේ මුන් ඔක්කොම ලොකුවට කටකරන්නේ විදෙස විනිමය ගැන පිටරටවල දුක් විදලා සල්ලි එවන අපි නිසා උන්ට කිරි අපිට වතුරත් නෑ?........(රේ)
අවුරුදු 20 කට වැඩිය අරාබිකරයේ දුක්විඳපු, රට සල්ලි ලංකාවට එවපු අපිට හුළං! අඩුගානේ හොඳ යතුරුපැදියක්වත් ගෙනෙන්න සහන දෙන්නේ නැහැ. මේක මහා අසාධාරණයක්. (නි)
මෙමඟින් කර ඇත්තේ තිබු වරප්‍රසාදයක් කප්පාදු කිරීමයි. රාජ්‍ය සේවයේ නියුතු වෘත්තිකයන්ට මෙම සහන බලපත්‍රය සෑහෙන කාලයක සිට වසර 5ක ට වරක් ලබාදෙන ලදී. මෙම රජය කර ඇත්තේ එය වසර 10 දක්වා වැඩි කිරීමය. මෙම රාජ්‍ය සේවකයින්ට ලබාදෙන බලපත්‍රයත් මැති ඇමතිවරුන් හට ලබාදෙන බලපත්‍රයත් දෙකකි. රාජ්‍ය සේවකයින්ට ලබාදෙනුයේ තීරු බදු සහන සහිත එකක් වන අතර මැති ඇමතිවරුන් ලබාගනුයේ තීරු බදු කිසිසේත්ම නොමැති බලපත්‍රයකි. තවද එහි රාජ්‍ය සේවකයින්ගේ මෙන් ඩොලර් හෝ එන්ජින් ධාරිතා සීමා පැනවීමකුද නැත. (නි)
විශ්ව විද්‍යාල වල ආචාර්ය වරුන්ගේ උපාධි තත්වයත් බලනවා නම් හොදයි. ගොඩක් ආචාර්ය වරුන්ට පළමු උපාධිය හෝ ලංකාවේම කරන පශ්චාත් උපාධිය පමණයි තියෙන්නේ. ආචාර්ය උපාධියක් නැති බොහෝ පිරිසක් වෙන ක්‍රම වලින් විශ්වවිද්‍යාල වල ලොකු තැන් වල ඉන්නවා. මොවුන්ට තවත් වර ප්‍රසාද නොදිය යුතුයි..(රේ)
රුවන් සහ විරාජ් බය වෙන්න එපා ඒ ඔක්කොම ඇතුළත් කරල තියෙන්නේ. මැති ඇමතිට ගෙන්වන වාහන සම්පූර්ණයෙන්ම බද්දෙන් නිදහස් වන අතර විකුණා තවත් අති වශාල මුදලක් හම්බ කළ හැක. ඒ ඔවුන් ගහන කොමිස් වලට අමතරවය. රජයේ හිඟන පඩි ගන්න සේවකයාට 50% ක බද්දක් ගෙවිය යුතු අතර බලපත්‍රය විකිණිමට නොහැක. ඔබලාට සතුටුද දැන්වත්. (බ)
දැන් කට්ටියටම හොදයි.(හේ)
රාජ්‍ය සේවකයන්ට මේ ප්‍රතිලාභ ලැබෙන්නේ නැද්ද?(හේ)
රාජ්‍ය සේවයට අගය කිරීමක් .(හේ)
රාජ්‍ය සේවයට අගය කිරීමක් . සතුටුදායකයි (හේ)
හැම රෙද්දම රජයේ උන්ටම දීපියව්...... පෞද්ගලික අංශයේ උන්ට පඩිත් නෑ මොන රෙද්දක්වත් නෑ...පෞද්ගලික අංශයේ උන් තමයි මැරීගෙන වැඩ කරන්නේ....(රේ)
පිටරට වැඩකරන විධායක නිලධාරින් ලංකාවට විශාල මුදලක් ගෙනෙනවා. . පිටරට වැඩ කරන බැංකු නිලධාරින්, නීතීඥයන්,වෛද්‍යවරුන් වගේ අයටත් බදු සහන බලපත් ලබාදීම වැදගත් වේවි (බ)
පිටරට වෑඩකරන විධායක නිලධාරින් ලංකාවට විශාල මුදලක් ගෙනෙනවා. . පිටරට වැඩ කරන බැංකු නිලධාරින්, නීතීඥයන්,වෙද්‍යවරුන් වගේ අයටත් බදු සහන බලපත් ලබාදීම වැදගත් වෙවි. (ම)
රජයේ සේවකයන්ට සියලු පහසුකම් ලබාදිය යුතුයි. අැමතිලට මන්ත්‍රීලට හොඳ නම් ඊටවඩා රටට වැඩක් කරන අයට මේ පහසුකම දියයුතුයි. (නි)
දිලුම්ට ලොකු ප්‍රශ්නයක් වගේ. මෙහෙම හරි දෙන්න පුළුවන් වීම අගය කරන්න. (බ)
පෞද්ගලික අංශයේ සේවකයෙන් මහන්සි වී වැඩකරන හින්ද තමයි රට පොඩ්ඩක් හරි දියුණු වෙලා තියෙන්නේ. (ර)
එතකොට පෞද්ගලික අංශයේ සේවකයන්ට මුකුත් නැද්ද ? (ර)
මම වසර 20 ක් පිට රට සේවය කොට විශාල මුදලක් අප රටට ඒවා ඇත . එහෙත් අපට බලපත් නැත . රජයේ සේවකයන්ට දෙන බලපත් විකිණීමට ඉඩ නොදිය යුතුය (ම)
මම වසර 20 ක් පිටරට සේවය කොට විශාල මුදලක් අප රටට ඒවා ඇත . එහෙත් අපට බලපත් නැත . රජයේ සේවකයන්ට දෙන බලපත් විකිණීමට ඉඩ නොදිය යුතුය (බ)
මම අවුරුදු 20ක් තිස්සේ ලංකාවට විදෙස් රැකියා කර මුදල් යවනවා. නමුත් අපිට ඩියුටි ෆ්‍රී බලපත් ලැබුණේ නෑ රජයේ සේවකයන්ට සිය බලපත් අවුරුදු 10ක් යනතුරු විකිණීමට ඉඩ නොතැබිය යුතුයි. මම දැකලා තියෙනවා පත්තරෙත් දැන්වීම් දානවා ඒවා විකුණන්න (බ)
මම වසර 20 ක් පිට රට සේවය කොට විශාල මුදලක් අප රටට ඒවා ඇත . එහෙත් අපට බලපත් නැත . රජයේ සේවකයන්ට දෙන බලපත් විකිණීමට ඉඩ නොදිය යුතුය (බ)
මම නම් මේ තීරණයට විරුද්ධ නැහැ (නි)
රජයේ සේවකයෝ කියන්නේ පින් පඩි කාරයෝ . (අ)
ඔබට සතුටුයිද දැන්? (නි)
යහපාලනය භංග වේවා! (නි)
රටේම හදන වාහන වර්ගත් තියෙද්දී පිටරටින්ම ගෙන්වන වහල් චින්තනයකට මිනිස්සු තල්ලු කරන්නේ ඇයි? රජයේ සේවකයන්ට රටේ හදන දේ ගනිව් කියා රජයට කියන්න බැරිද? (නි)
ඉතා හොඳ යෝජනාවක් ලෙස දකිමි (නි)
විදේශගත අපිටත් ඔවැනි යෝජනාවක් ඉදිපත් වෙන්නේ කවදාද? අපි රටේ ආර්ථිකයට සෘජුවම දායකවන පිරිස් නේද? පාලකයිනි, ඇයි අපිට වටිනාකමක් නොදෙන්නේ? (නි)
යහපාලනයට ජයවේවා! (නි)
රජයේ නිලධාරීන් කියන්නේ රටට වැඩක් කරන මිනිස්සු (නි)
මැති ඇමතිවරුන්ට දෙන එකේ ඒ මිනිස්සුන්ට දුන්නට වරදක් නැහැ (නි)
සාධාරණ තීරණයක් (නි)
කෙලින්ම කියනවනම් රටේ ව්‍යාපාරික සමාගම් සහ ජනතාව රටට විදේශ මුසල් උපයනවා. සතයක්වත් රටේ ජාතික අදායමට එකතු නොකරන මැති ඇමතිවරු සහ නිලධාරීන් එම මුදල බෙදාගන්නවා. මදි උනාම අයෙත් ජනතාවගෙන්, ව්‍යාපාරිකයින්ගෙන්, බදු වැඩිපුර අරන් අඩුව පියවනවා. (ර)
බෙනට්, කුහකකම දියත් කරන්න එපා. රජයේ සේවකයන්ට එක දවසක් වැඩ නොකර ඉන්න කියන්න බලන්න, පින් පඩියේ රඟේ බලන්න. (නි)
මෙම පර්මිට් වාහන අවුරුදු 5ක් යනතුරු විකිණීමත් තහනම් කළොත් හොඳයි (නි)
ඩියුටි ෆ්‍රී නම් 50% ක් අයකරන එකත් වැරදියි නේද? (නි)
මේ වාහන විකිණීමත් තහනම් කරන්න (නි)
විදේශගත අපිටත් ඔවැනි යෝජනාවක් ඉදිරිපත් වෙන්නේ කවදාද? (නි)
ඔව්...විදේශගත අපිටත් ඔවැනි යෝජනාවක් ඉදිපත් වෙන්නේ කවදාද? (බ)
මෙය හිතාගන්නවත් බැහැ බොහොම ස්තුතියි. (ර)
කාලෙකට පස්සේ හොද තීරනයක්. (ර)
කාලෙකට පස්සේ ගත්ත හොද තීරනයක් ඒ වගේම රඡයේ නිලධාරීන්ට තමන්ගේ හිමි තැන කියාදීමත් ඉතාම හොදයි ඒත් කොචිචර කාලෙකටද දන්නෑ. (ර)