රජයේ ඩිජිටල් ආර්ථික උපායමාර්ගය සහ එය ක්‍රියාත්මක කිරීම පිළිබඳව අමාත්‍යාංශ ලේකම්වරුන් දැනුවත් කිරීමේ විශේෂ වැඩමුළුවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත්දා ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
රජයේ නවතම ඩිජිටල් ආර්ථික උපාය මාර්ග සහ ඒවා ක්‍රියාත්මක කිරීම කෙරෙහි මෙම සැසිය අවධානය යොමු කළ අතර, රාජ්‍ය අංශයේ කාර්යයන් සඳහා කෘත්‍රිම බුද්ධිය ඇතුළත් කරගන්නා ආකාරය පිළිබඳව එහිදී සාකච්ඡාවට ලක්වී තිබිණි. රජයේ ඩිජිටල් ආර්ථික ඉලක්ක සපුරා ගන්නේ කෙසේද යන්න පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡාවට බඳුන්වී තිබූ අතර රාජ්‍ය සේවාවල කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සඳහා ඩිජිටල්කරණය භාවිත කිරීම මෙන්ම නාස්තිය හා දූෂණය තුරන් කිරීම කෙරෙහිද අවධානය යොමුවී තිබිණි.
අග්‍රාමාත්‍ය ලේකම් ජී.පී. සපුතන්ත්‍රි, ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජයසූරිය, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රොෂාන් ගමගේ සහ විවිධ අමාත්‍යාංශවල ලේකම්වරු මෙම අවස්ථාවට සහභාගී වූහ.
2025 දෙසැම්බර් මස 18
490
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
258
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රජයේ ඩිජිටල් ආර්ථික ඉලක්ක සපුරා ගන්න සාකච්ඡා