රාජා ජුවලර්ස් විසින් සිය නවතම ආභරණ පෙළ ඉදිරිපත් කිරීම සඳහා පින්තැන්න Oud ඔයිල් පෞද්ගලික සමාගම සමඟ පූර්ණ කාලීන හවුල්කාරීත්වයකට පසුගියදා අත්සන් තැබීය. උසස් ගණයේ ස්වාභාවික Oud සහ ද්‍රව රත්‍රං අන්තර්ගත ශ්‍රී ලංකාවේ සුවිශේෂ ස්වර්ණාභරණ පිළිබඳ උනන්දුවක් දක්වන පාරිභෝගිකයන් වෙත තිරසාරභාවයේ සහ නවෝත්පාදනයේ අද්විතීය සම්මිශ්‍රණක් පිරිනැමීම මෙහි ප්‍රධාන අරමුණ බව එම ආයතන සදහන් කරයි.
මෙම නව හවුල්කාරිත්වය පිළිබඳ සිය අදහස් දක්වමින් රාජා ජුවලර්ස් හි කළමනාකාර අධ්‍යක්ෂක අතුල එළියපුර මහතා මෙසේ සඳහන් කළේය. “මෙම හවුල්කාරීත්වය ඔස්සේ අපට තිරසාරභාවය ඉස්මතු කිරීමට පමණක් නොව නවීන බව සහ නවෝත්පාදනයනය මුල් කරගත් තවත් උසස් මට්ටමේ අද්විතීය ආභරණ පෙළක් නිර්මාණය කිරීමට හැකියාව ලැබෙනවා.”
පින්තැන්න පෞද්ගලික සමාගමේ සභාපති දේශබන්දු කුමාර් ධර්මසේන මහතා ද මෙම හවුල්කාරීත්වය පිළිබඳ සිය අදහස් මෙසේ පළ කළේය.“ අප ආයතනය සහ ස්වර්ණාභරණ කලාවේ දැවැන්තයා වන රාජා ජුවලර්ස් අතර මෙවැනි සහයෝගීතාවක් ආරම්භ කිරීමට ලැබීම ස්වර්ණමය සන්ධිස්ථානයක්. රාජා ජුවලර්ස් සතු උසස් හා අතිනවීන ශිල්පීය හැකියාවන් ඔස්සේ Oud හි සුවිශේෂි සුවඳ ද මුසු වූ අද්විතීය සහ නවීන ස්වර්ණාභරණ අත්දැකීමක් අපගේ දේශීය මෙන්ම ජාත්‍යන්තර ගනුදෙනුකරුවන් වෙත රැගෙන යා හැකි බව අපි දැඩිව විශ්වාස කරනවා.”
කර්මාන්තයේ පුරෝගාමී ආයතන ද්විත්වයක් විසින් තබන ලද මෙම නැවුම් පියවරෙන් තිරසාර ආභරණ කලාව සහ Oud හි ස්පර්ශය කැටි වූ නවතම ස්වර්ණාභරණ අත්දැකීමක් පිළිබඳ නව මාවතක් නිසැකවම විවර කරනු ඇත.
කාන්තා, පිරිමි මෙන්ම ළමයින් සඳහා ද සුඛෝපභෝගී වටිනා ආභරණ නිර්මාණය කිරීම පිළිබඳ ඉහළම හැකියාවක් රාජා ජුවලර්ස් සතු වේ. සැමවිටම වඩාත් ගුණාත්මක අමුද්‍රව්‍ය සහ තිරසාර මූලාශ්‍ර භාවිත කරමින් සැලසුම් කිරීමේ සිට නිෂ්පාදනය දක්වා වූ පුළුල් ක්‍රියාවලිය ඉතා සූක්ෂමව සහ සාර්ථකව සිදුකිරීම වෙනුවෙන් ඔවුන් දක්වන කැපවීම සවිමත් වෙළෙඳපොළක් නිර්මාණය කිරීම සඳහා ඉවහල් වී ඇත.
දිවංගත ඊ.ඒ. ප්‍රනාන්දු මහතා විසින් 1928 දී චැතැම් වීදියේ ‘ඊ.ඒ. ප්‍රනාන්දු ජුවලර්ස්’ ලෙසින් ආරම්භ කරන ලද රාජා ජුවලර්ස් පෞද්ගලික සමාගම මුල් කාලීනව රත්නපුර ප්‍රදේශයෙන් එකතු කරගන්නා ලද මැණික් ආශ්‍රිත ආභරණ නිර්මාණය කිරීම සිදු කළ අතර ඒ ඔස්සේ සුඛෝපභෝගී ආකර්ෂණීය ආභරණ නිර්මාණය කිරීමේ කලාවට ඔවුන් අවතීර්ණ විය. ශිල්පීය හැකියාවෙන් ඔබ්බට ගමන් කරමින් එයට ව්‍යවසායකත්වය පිළිබඳ කුසලතාද එකතු කිරීමට 1962 දී ඊ.ඒ. ප්‍රනාන්දු මහතාගේ පුත්‍රයා වූ රාජා ප්‍රනාන්දු මහතාට හැකියාව ලැබුණු අතර ඒ ඔස්සේ ඔහු ශ්‍රී ලංකාවේ ස්වර්ණාභරණ කර්මාන්තය තුළ වත්මනේදී වඩාත් ප්‍රචලිත වෙළෙඳ නාමය වනිරාජා ජුවලර්ස්’ ව්‍යාපාරය ගොඩනංවන ලදී. 1985 දී රාජා ප්‍රනාන්දු මහතාගේ තෙවන පරම්පරාව ලෙස ඔහුගේ පුතුන් වන අශෝක එළියපුර සහ අතුල එළියපුර මෙම ආයතනයේ භාරකාරීත්වයට පත් වූ අතර පසුව ඔවුන් විසින් ‘රාජා ජුවලර්ස් (පෞද්ගලික) සමාගම’ නමින් සීමිත වගකීම් සමාගමක් ලෙස ව්‍යාපාරය ලියාපදිංචි කරන ලදී.
Oud තෙල්, හඳුන්කූරු සහ bakhoor canisters වැනි විශිෂ්ට ගණයේ නිෂ්පාදන පරාසයක් පින්තැන්න Oud ඔයිල් (පෞද්ගලික) සමාගම විසින් නිෂ්පාදනය කරන අතර ඔවුන් ඒ සඳහා කර්මාන්තය තුළ ඉහළ ප්‍රසිද්ධියක් ලබා තිබේ.
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
582
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රාජා ජුවලර්ස් - පින්තැන්න Oud නවෝත්පාදන හවුල්කාරීත්වයක