IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


රිචඩ් පීරිස් ෆිනෑන්ස් සමාගමට බදු ගෙවීමට පෙර රුපියල් මිලියන 292 ක ලාබයක්

2025 සැප්තැම්බර් 30 වැනි දිනෙන් අවසන් වූ මාස හයක කාලය සඳහා රිචඩ් පීරිස් ෆිනෑන්ස් ලිමිටඩ් ශක්තිමත් මූල්‍ය වර්ධනයක් වාර්තා කර ඇති අතර එය අඛණ්ඩ කාර්ය සාධන වර්ධනයක්, විනයානුකූල මෙහෙයුම් කළමනාකරණය සහ තිරසාර ලාබදායිතාවේ ශක්තිමත් බව පිළිඹිබු කරයි. කෝවිඩ් වසංගතය, ද්‍රවශීලතා පීඩන සහ ඉහළ යන පොලී පිරිවැය ඇතුළු මෑත වසරවල අභියෝගාත්මක ආර්ථික තත්වය මධ්‍යයේ වුවද සමාගම සතු ඔරොත්තු දීමේ හැකියාව සහ වර්ධනයේ පැහැදිලි ගමන් මග පෙන්නුම් කර ඇත.
වත්මත් මූල්‍ය වර්ෂයේ පළමු භාගය සඳහා සමාගම බදු ගෙවීමට පෙර රුපියල් මිලියන 292 ක ලාබයක් වාර්තා කළ අතර එය මූලික ණය ලබාදීමේ මෙහෙයුම් වැඩිදියුණු කිරීම විනයගරුකව පිරිවැය, කළමනාකරණ සහ සවිබල ගැන්වු විවිධාංගීකරණයේ සමූහ ප්‍රතිඵලයක් ලෙස සනිටුහන් වේ. ප්‍රධාන කාර්ය සාධන දර්ශක මගින් ශක්තිමත් මූල්‍ය පදනමක් පිළිඹිබු කරන ලද අතර, පසුගිය වසරට සාපේක්ෂව බදු ගෙවීමට පෙර ලාබය සියයට 75කට වඩා වැඩි වර්ධනයක් ද, බදු ගෙවීම් පසු ලාබයේ සියයට 47ක වර්ධනයක් සහ මුළු වත්කම්වල සියයට 20ක වැඩිවීමක් එනම් රුපියල් බිලියන 20 ඉක්ම වීය. මධ්‍ය කාලීනව එහි වත්කම් පදනම රුපියල් බිලියන 50 දක්වා වර්ධනය කරගැනීමට අප සමාගම අරමුණු කර ඇත. එහි ණය සමතුලිතව පවතින අතර, වාහන ලීසිං, රන් ණය, ඉස්ලාමීය මූල්‍ය පහසුකම් සහ මෑතකදී හඳුන්වා දුන් “සරුමග” ඉඩම් උකස් මූල්‍ය ණය පහසුකම් විශේෂයෙන්ම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශ කෙරෙහි අවධානය යොමු කර ඇති අතර එමඟින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට වැඩි පහසුවක් සලසයි.
සමාගමේ මූලිකාංග ශක්තිමත්ව පවතින අතර ස්ථාවර තැන්පතු සහ දූරදර්ශී අවදානම් කළමනාකරණයෙන් සහාය වන අතර ෆිච් (Fitch) ශ්‍රේණිගත කිරීම්වලින් ස්ථාවර ඉදිරි දැක්මක් සහිත එහි ‘A(lka)’ ණය ශ්‍රේණිගත කිරීමෙන් තවදුරටත් ශක්තිමත් වන අතර සමාගමේ මූල්‍ය ශක්තිය, ආයතනික ස්ථාවරත්වය සහ වෙළෙඳපොළ විශ්වාසය තවදුරටත් ශක්තිමත් කරයි. 
සභාපති නලින් විජේකෝන් මහතාගේ නායකත්වය යටතේ සමාගමේ පාලන ප්‍රතිපත්තිය තවදුරටත් සවිබල ගැන්වෙමින් පවතින අතර, අවදානම් කළමනාකරණය, විගණනය, මූල්‍ය, උපාය මාර්ග, මානව සම්පත්, ඩිජිටල් පරිවර්තනය සහ ආයතනික කළමනාකරණය යන ක්ෂේත්‍රවල විශේෂඥතාවක් ඇති අධ්‍යක්ෂ මණ්ඩලයක නොමසුරු සහාය ද නිරන්තරයෙන්ම හිමිවේ. පසුගිය වසර දෙක තුළ සමාගමේ වර්ධනය තිරසාරව පවත්වා ගැනීමට සහ එහි උපායමාර්ගික දිශාවට මග පෙන්වීමට මෙම ගැඹුරු නායකත්වට සුවිශේෂී කාර්යභාරයක් ඉටු කර ඇත.



අදහස් (0)

රිචඩ් පීරිස් ෆිනෑන්ස් සමාගමට බදු ගෙවීමට පෙර රුපියල් මිලියන 292 ක ලාබයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 121 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 361 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 375 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site