සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු
තවත් භාණ්ඩ තුන් දහසක පමණ රේගු බඳු නොවන ආනයන බඳු අහෝසි කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (25) පැවසීය.
මුදල් රාජ්‍ය ඇමතිවරයා මේ බව පැවසුවේ විසර්ජන පනත යටතේ යෝජනාව පිළිබඳ විවාදයේදීය.
ඉරාන් වික්‍රමරත්න මහතා මෙසේද කීය.
රේගු බඳු නොවන ආනයන බඳු අහෝසි කරනවා.අප කලින් භාණ්ඩ 1200ක වරාය , ගුවන්තොටුපළ බඳු අහෝසි කළා. අපි වක්‍ර බඳු සියයට 60කට අඩු කළ යුතුයි.සෘජු බඳු වැඩි කළ යුතුයි. මේවා කරද්දී ඉහළ තැන්වලින් නොයෙකුත් සද්ද එන්න පුළුවන්.අපි අඩු පොලියට බිලියන 14ක ණය දුන්නා.තවත් බිලියන 20ක ණය දීමට බලාපොරොත්තු වෙනවා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට රට විතරක් නොවෙයි මිනිස්සුත් ණයයි කියන්න වෙනවා. මිනිස්සු කරන්නේ ලොකු ණය අරගෙන තව පොඩි ණයක් පොලිය සමඟ ගෙවා දැමීමයි. හැමදාම ජනතාවගේත් ණය බර වැඩිවෙනවා.
රේගු නිලධාරීන් අවංකව ආනයනය කරන ආනයනකරුවන්ටත් එච්.එස් කෝඩ් ආදිය වැරදියි කියමින් කරදර කිරීම සහ වාප්පු නිලධාරීන්ගේ රැවටීලි වලින් ආරක්ෂා කිරීමට විදියක් යොදන්න. එච්.එස් කෝඩ් එක ලෝකෙටම එකයි කිව්වට අපේ අයියලාට දවසින් දවස වෙනස් වන්නේ ඇයි?
මහා ජනතාවට බදු ගහනවා. අනෙක් බදු අයින්කරනවා අපුරු ප්‍රතිපත්ති .
ඔව් ඉතින් අනික් බදු සේරම රේගු බද්දට එකතුකලාම ඉතිරිවෙන්නේ ඒක විතරක් තමයි.
ජ්‍යෙෂ්ඨ වැසියන් අර්ථසාධේ දැහැමින් සෙමින් අවුරැදු 30,40 ගණන් එකතුවු මුදල් ස්ථාවර ගිණුම් වල තැබුවෙ රෝහල්වල ලක්‍ෂ ගණන්වූ බිල් වලට පිටරට උගෙනුම ලබන දරුවන්ට වියදමටයි මේ ආණ්ඩුව ඉතා අශෝභන විදියට එයට බදු අය කරන්නේ උද්ධමනයට ගැළපෙන පොළියක් පවා නොගෙවායි. මේදේ වෙනුවට රජය කළයුත්තේ මන්ත්‍රී වැටුප වහා අඩුකොට දීමනාවක් කිරීම ,කෝටි ගණන් වාහන බදු සහන නවතා දැමීම වැනි ප්‍රගතිශීලී වැඩ කටයුතුයි.
ඔය රේගු බදු අඩු කලාට රේගු නිලදාරීන්ගේ පෞද්ගලික බදු තියෙනවා රේගුවේ. ඒවා නොගෙවා භාණ්ඩ රේගුවෙන් මුදවා ගන්නවා බොරු. ලංකාවේ දුෂිතම නිලදාරීන් ඉන්නේ රේගුවේ.