IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


රැකියා අවස්ථා වැඩිකරන්නැයි ජෝර්දානයෙන් ඉල්ලයි


(තිළිණි ද සිල්වා)
 

ජෝර්දානයේ සේවය කිරීම සඳහා ලාංකිකයන්ට රැකියා අවස්ථා පුළුල් කිරීම සම්බන්ධයෙන් දෙරට අතර විශේෂ අවධානයක් යොමු කරන්නැයි   විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා එරට බලධාරීන් ගෙන් ඉල්ලා ඇත.

විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා ජෝර්දානයේ තෙදින නිල සංචාරයක නිරත වූ අතර එහිදී එරට බලධාරීන් හමුවේ මෙම ඉල්ලීම කර තිබේ.

මේවන විට ජෝර්දානයේ ලාංකිකයින් 12,000 කට අධික පිරිසක් කර්මාන්තශාලා ආශ්‍රිත විවිධ රැකියාවන්හී නිරතව සිටින අතර එම සංඛ්‍යාව වැඩි කරමින් පුහුණු හා නුපුහුණු සේවකයින් බඳවා ගැනීම දිරිගැන්වීම සම්බන්ධයෙන් විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ජෝර්දාන් බලධාරීන් සමඟ විශේෂ සාකච්ඡා පවත්වා ඇතැයි එම අමාත්‍යාංශ්‍ය කියා සිටියි.

සේවක බඳවා ගැනීම් වැඩි කිරීම මෙන්ම සේවයින් සඳහා නිසි සුබසාධන සහ සාධාරණ වැටුප් ගෙවීමේ පැකේජයක් සැපයීමේ වැදගත්කම ගැන ද රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා මෙහිදී දැනුම්වත් කර ඇත.

රජයේ ඇමැතිවරුන් සමඟ සෘජු සම්බන්ධතා පැවැත්වීම සඳහා ජෝර්දානු ව්‍යාපාරික අයිතිකරුවන් හා කළමනාකරුවන් අගය කළ රාජ්‍ය අමාත්‍යවරයා අනෙකුත් ශ්‍රම සැපයුම් රටවල් සමඟ ශ්‍රී ලංකාව තරග කිරීමට ලාංකිකයින්ට වර්තමාන බඳවා ගැනීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම සඳහා එම බලධාරීන් ගෙන් ඉල්ලුම් කිරීම අමතක නොකළේය.

විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා ජෝර්දානය සිදු කළ නිල සංචාරයක අතරතුර දී අම්මාන් නුවර පිහිටි එරට වාණිජ මණ්ඩල නිලධාරීන් හමුවිණි.

එහිදී ද්විපාර්ශ්වික වෙළඳ ගැටළු පිළිබඳව සාකච්ඡා කළ අතරම ලංකාවෙන් බහුල තේ ආනයනය යොදා ගනිමින් විවිධාකාර වූ දේශීය තොග සඳහා අගය එකතු කළ තේ ආහාර සැපයීමේ හැකියාව වර්ධනය කිරීමට ජෝර්දානයේ බලධාරීන් දිරිගන්වනු ලැබීය. 
 



අදහස් (1)

රැකියා අවස්ථා වැඩිකරන්නැයි ජෝර්දානයෙන් ඉල්ලයි

අසංක තිලින Friday, 02 September 2022 12:24 PM

පිරිමි ළමයින්ටත් ජොබ් වැඩි කරන්න..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 677 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17795 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 752 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site