ජනප්‍රිය ගායක ගායිකා දෙපළක් වන රූකාන්ත ගුණතිලක සහ චන්ද්‍රලේඛා පෙරේරා ගේ ‘ රූ සඳ රූ ‘ සංගීත ප්‍රසංගය සිකුරාදා (18) සවස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හි ඉන්දීය උසස් පාසලේ ෂෙයික් රෂීඩ් ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.
එරට වේලාවෙන් සවස 7.00ට ආරම්භ වන ‘රූ සඳ රූ‘ සංගීත ප්‍රසංගයට රූකාන්ත ‐චන්ද්‍රලේඛා යුවළගේ දිය‚යන් දෙදෙනා වන රයිනි හා වින්ඩි ගායනයෙන් එක්වීම ද විශේෂත්වයකි.ප්‍රවීන සංගීතඥ මහින්ද බණ්ඩාර ගේ සංගීත අධ්‍යක්ෂණයෙන් හා දිවයිනේ සුප්‍රසිද්ධ සංගීත ශීල්පීන්ගෙන් හැඩගැන්වෙන මෙම ප්‍රසංගය මෙහෙයවීම ප්‍රවීන නිවේදක කැළුම් ශ්‍රීමාල් ගෙනි.ප්‍රසංගය සඳහා නර්තන වින්‍යාසය මෙෂාන් දිසානායක රංගායතනයෙනි.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ එකමුතුවෙන් 2012 වසරේ ජූනි මාසයේ සිට ක්‍රියාත්මක වන ‘සහන‘ පදනම ඉදිරිපත් කරන මෙම ප්‍රසංගය සංවිධානය කර ඇත.එරට Community Development Authority ආයතනය යටතේ නීත්‍යානුකූල ලෙස ලියාපදිංචි ප්‍රථම ලාංකික සුබසාධක සංවිධානය වන සහන සංවිධානය එරටදී අසරණතාවයට පත්වන ලාංකිකයින්ට උපකාර කිරීමේ අරමුණෙන් මෙම ‘ රූ සඳ රූ‘ සංගීත ප්‍රසංගය සංවිධානය කළ බව එම සහන සංවිධානයේ සංවිධායක කමිටුව පවසයි. සංගීත ප්‍රසංගය පිළිබඳ වැඩිදුර තොරතුරු [email protected] යන විද්‍යුත් ලිපිනයෙන් ලබා ගත හැක.
2025 දෙසැම්බර් මස 04
284
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
411
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
391
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘රූ සඳ රූ‘ ප්‍රසංගය සිකුරාදා