ශීත ඍතුවේදී මාලදිවයිනට එන යුරෝපා සංචාරකයින් ශ්‍රී ලංකාවට ද ගෙන්වා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය මාලදිවයින සමග සාකච්ඡා පවත්වයි.
සෑම වසරක් අවසානයේදීම විශාල යුරෝපීය සංචාරකයින් පිරිසක් මාලදිවයින වෙත පැමිණෙන අතර එම සංචාර අතුරතුර ඔවුන් ශ්‍රී ලංකාව වෙත ද ගෙන්වා ගැනීම මෙම ප්‍රවර්ධන වැඩසටහනේ අරමුණයි.
ඒ අනුව ශ්‍රී ලංකාව සහ මාලදිවයිනය වෙත සංචාරකයින් ආකර්ශනය කර ගැනීම සඳහා මේ වන විට විශේෂ ප්‍රවර්ධන වැඩසටහන් කිහිපයක් ද නිර්මාණය කිරීමට සංචාරක ප්‍රවර්ධන අධිකාරිය පියවර ගනිමින් සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ ආරංචියක් (නි)
කාගේ හරි නැට්ටේ එල්ලිලා ගොඩ යන්න බලන ගතිය තමයි අපිට එදා ඉඳලම තිබුනේ. අර පිටිගල මිලානෝ කියල තියනවා වගේ දියුණු රටවල සංචාරකයෝ හිටිගමන් මෙලෝ හසරක් නැතිව සංචාර කරනවට වැඩිය,තමන් යන තැන ගැන කිසියම් අවබෝධයක් සහිතව සහ සැලැස්මක් ඇතිව තමයි සංචාරය සැලසුම් කරන්නේ. අනිත් කාරණය තමයි වියදම් කරන මුදල ගැනත් බොහෝ සංචාරකයින් සැලකිලිමත්. ඒ නිසා කෙලින්ම සංචාරකයින් ලංකාවට ගෙන්වා ගන්න ක්‍රමයක් ගැන උනන්දු වුණොත් නරකද? (අ)
මෙය හොඳ ප්‍රවනතාවක්. (ර)
සංචාරක කර්මාන්තයට හොඳ අවස්ථාවක්. (ර)
කාගේ හරි නැට්ටේ එල්ලිලා ගොඩ යන්න බලන ගතිය තමයි අපිට එදා ඉඳලම තිබුනේ. අර පිටිගල මිලානෝ කියල තියනවා වගේ දියුණු රටවල සංචාරකයෝ හිටිගමන් මෙලෝ හසරක් නැතිව සංචාර කරනවට වැඩිය, තමන් යන තැන ගැන කිසියම් අවබෝධයක් සහිතව සහ සැලැස්මක් ඇතිව තමයි සංචාරය සැලසුම් කරන්නේ. අනිත් කාරණය තමයි වියදම් කරන මුදල ගැනත් බොහෝ සංචාරකයින් සැලකිලිමත්. ඒ නිසා කෙලින්ම සංචාරකයින් ලංකාවට ගෙන්වා ගන්න ක්‍රමයක් ගැන උනන්දු උනොත් නරකද? (ර)
සංචාරකයන් එන්නේ අපිට වඩා දියුණු රටවලින්. ඒ ලස්සන හා පිරිසිදු රටවල් වගේ අපේ රට දියුණු කිරීම අවශ්‍යයි. අපේ දුම්රිය පොළවල් වල වැසිකිළි ඉතා අපිරිසිදුයි. රට පුරා ඇති පරණ රේල්පීලි කන්දරාව විකුණලා හෝ දුම්රිය පොළවලට හුණු තීන්ත ටිකක් ගාමු. වේයන්ගොඩ දුම්රියපොළේ පුවත්පත් කියවීමේ පහසුකම අපි අගය කරනවා. (නි)
සතුටුදායක ආරංචියක් (නි)
අපේ රට ලස්සන රටක් (නි)
සංචාරක වාරය දැන් ආරම්භ වී ඇත. (නි)
සුනිල්ගේ කතාව හරියටම හරි. (නි)
මේක හොද අවස්ථාවක්. (ර)
රටට හොඳක් වෙනවා නම් කවුරු බැල්ම හෙළුවත් කමක් නැහැ (නි)
සංචාරක ව්‍යාපාරය සම්බන්ධෙයන් වෘත්තීය ප්‍රවීනත්වයක් අපිට නැහැ. අපට සංචාරක අාකර්ෂණීය දේවල් ඔනෑතරම් තියනවා. නමුත් මාකටින් අන්තිමයි. අෙනක් රටවලට ගිහිල්ලා හරි සංචාරක ව්‍යාපාර දියුණු කරන්න ක්‍රම හොයා ගන්නවානම් වටිනවා. (බ)
බටහිර සංචාරකයන් වැඩි හරියක් තම ගමන් තීරණය කරන්නේ මාස කීපයකට පෙර සිටයි. සංචාරකයන් රටට ගෙන්වාගන්න නම් ඊට අදාළ ප්‍රවර්ධන කටයුතු කළයුත්තේ ඔවුන්ගේ රටවල මිස ඔවුන්ගේ ගමනාන්ත වලට ගොස් නොවේ. බටහිර රටවල තිබෙන තානාපති කාර්යාල කිසිවක් මඟින් මෙම කටයුතු නිසි පරිදි සිදුවන්නේ නැහැ. පැමිණෙන සංචාරකයෝ ටිකත් පැමිණෙන්නේ ඔවුන් අන්තර්ජාලයෙන් සොයාගත් දත්ත වලින්. මැලේසියාව, තායිලන්තය, මුරුසිය, සීෂෙල්ස් රාජ්‍යය සහ මැඩගස්කරය පවා මේ අතින් අපට වඩා විධිමත්ව සංචාරක ප්‍රවර්ධන වැඩ කටයුතු මේ රටවල කරනවා. (නි)
අන්න එහෙම අලුත් විදියට හිතන්න ඕනි. (ර)
හොඳ දෙයකට සුබ පතමු. (ර)
අපේ සංචාරක කර්මාන්තය දියුණු කිරීමට කැපවෙමු. (ර)
සාර්ථක වෙනවා නම් කොච්චර හොඳ දෙයක්ද? (නි)
අපේ සුබ පැතුම්! (නි)