කාංචන කුමාර ආරියදාස
යාපනය අර්ධද්වීපයේ වගා කෙරෙන අර්තාපල් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට රැගෙන ආවත් කිලෝව රුපියල් 50 කට හෝ අලෙවි නොවීම නිසා අසීරුතාවයට පත්ව සිටින බව යාපනයේ ගොවීහු පවසති.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ විදේශීය අර්තාපල කිලෝවක් රුපියල් 36 සිට 40 දක්වා වු මිල ගණන් යටතේ කිලෝවක් රුපියල් 50 කට වත් අලෙවි කර ගැනීමට නොහැකි බව ගොවිහු පෙන්වා දෙති.
මේ දිනවල යාපනය අර්ධද්වීපයේ විශාල වශයෙන් අර්තාපල් අස්වැන්න ලැබෙමින් පවතින බවත් එම අස්වනු 80% පමණ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට රැගෙන විත් අලෙවි කෙරෙන බවත් ඔවුහු පෙන්වා දෙති.
යාපනයේ සිට දඹුල්ලට පැමිණි අර්තාපල් ගොවීන් කියා සිටින්නේ අර්තාපල් කිලෝවක් නිෂ්පාදනය කිරිම සඳහා රුපියල් 100කට ආසන්න මුදලක් වියදම් වන බවත් විශාල මුදලක් ප්‍රවාහනය සඳහා ද වියදම් වන බවය. එහෙත් කිලෝවක් රුපියල් 50ට හෝ අලෙවි නොවීම නිසා දින කිහිපයක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ගොවීන්ට රැදී සිටිමට සිදුවන බවද ඔවුහු පවසති.
තමන්ගේ රුපියල් 50 කටත් අඩුවෙන් ලබා ගන්නා අර්තාපල් තමන් ඉදිරියේ ම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පිටින් සිල්ලර එළවළු වෙළඳසල්වල කිලෝව රුපියල් 100කට අලෙවි වන බවද වැඩිදුරටත් සඳහන් කර සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම දන්නවා මේ යාපනේ ගොවියෝ හරිම අසරණයි අහිංසකයි අපේ අය වගේ උද්ඝෝෂණ කරන්නෙ නෑ. ඇයි රජය ඔය කතා කරන සුහදතාවය ගැනවත් හිතල යමක් නොකරන්නේ? වෙන රටවල නම් ගොවියාගේ ආර්ථිකය නගාසිටුවන්න කොයි තරම් දේවල් කරනවද...!
ගොවියන් රැක ගැනීම රජයේ වගකීමක්. ගොවිතැන් කරන්න මොවුන්වු වෙන මහන්සිය ලඝු කිරීම නොවැටී. මොවුන් ගොවිතැන් වලින් ඉවත් වුවහොත් ලැබෙන ප්‍රතිපල කියන්න ඕනේ නැහැ නේ. ආර්ථික මධ්‍යස්ථානයට දිනපතා හෝ සති පතා තොග වලට පාලන මිලක් සහ රටේම සිල්ලර වලට පාලන මිලක් ඇති කිරීමෙන් ගොවියාත් අතරමැදියාත් ,පාරිභෝගිකයාත් යන සියලුම දෙනා රැකෙයි.
අර්තාපල් විතරක් නෙමෙයි, මේ රටේ නිෂ්පාදකයාට තමන්ගේ අස්වැන්නට කිසිම අයුරකින් සාධාරණ මිලක් ලැබෙන්නේ නෑ. එළවලු , කුළුබඩු, වී හැම දෙයකිනන්ම අධික ලාභය ලබන්නේ අතරමැදියයි. අඩුම තරමේ පාරිභෝගිකයාට මෙහි වාසිය ලැබෙනවනම් කමක් නෑ. පාඩු වෙනකොට ගොවින් වගාව අතහැරලා දානවා.. එතකොට හුරේ කියාගෙන පිටරට වලින් බාල නිෂ්පාදන ගෙන්වා අධික කොමිස් මුදල් හම්බ කරගන්නෙත් අතරමැදි වෙළෙන්දෝ තමා. මේක ක්‍රමවත් කරන්න කිසිම යාන්ත්‍රණයක් හදාගන්න අපේ දේශපාලුවන්ට අවශ්‍යතාවක් නැ.
කතාවෙන් නම් මඩ සෝදාගත්කල ගොවියා රජකමටත් සුදුසුයි. නමුත් පසුගිය අවුරුදු 70 තුල සිදු වුනේ ගොවියා දුප්පත්කමේ සිරකර තැබීම පමණයි. අතරමැදියන් පලවා හැරීමට ගොවියන් සංවිධානය වී වෙළඳසැල් පවත්වාගෙන යා යුතුයි. මේ සඳහා රජය ගොවීන්හට සෑම සහයෝගක්ම දිය යුතුයි. පිටරටින් ගෙන්වන අර්තාපල් සඳහා වන තීරු බදු වැඩි කල යුතුයි.
මේක මාර කතාවක්නේ. අල ළුෑණු මිල ඉහළ ගියත් රජය වැරදියි. මිල පහළ ගියත් රජය වැරදියි.
හිතක්, පපුවක්, යුක්තියක් සාධාරණත්වයක් නැති රටක් මේක. කෝටි ගණන් මහජන මුදල් වියදම් කරමින් නඩත්තු කරන ආයතන හැට හුටා හමාරක් තිබුණත් බත සවි කරන ගොවියාට නිසි සාධාරණත්වක් නොකිරීම දේවශාපය ලබන්න තරම් බරපතල නපුරකි. උඩරට එළවලු ගොවියාටත්, යාපනේ ගොවියාට නොදෙවෙනි කෙනහිලිකම්ය. ඉතින් ගොඩඑයිද මේ රට?
අර්තාපල් වවන කාලෙට සේරම එක්ක අර්තාපල් වවනවා පස්සේ විකුණගන්න බැහැ.