IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


යාපනයේ අර්තාපල් දඹුල්ලේ දී ගණන් බහී

            

 

කාංචන කුමාර ආරියදාස

යාපනය අර්ධද්වීපයේ වගා කෙරෙන අර්තාපල් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට රැගෙන ආවත් කිලෝව රුපියල් 50 කට හෝ අලෙවි නොවීම නිසා අසීරුතාවයට පත්ව සිටින බව යාපනයේ ගොවීහු පවසති.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ විදේශීය අර්තාපල කිලෝවක් රුපියල් 36 සිට 40 දක්වා වු මිල ගණන් යටතේ කිලෝවක් රුපියල් 50 කට  වත් අලෙවි  කර ගැනීමට නොහැකි බව ගොවිහු පෙන්වා දෙති.

මේ දිනවල යාපනය අර්ධද්වීපයේ විශාල වශයෙන් අර්තාපල් අස්වැන්න ලැබෙමින් පවතින බවත් එම අස්වනු 80% පමණ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට රැගෙන විත් අලෙවි කෙරෙන බවත් ඔවුහු පෙන්වා දෙති.

යාපනයේ සිට දඹුල්ලට පැමිණි අර්තාපල් ගොවීන් කියා සිටින්නේ අර්තාපල් කිලෝවක් නිෂ්පාදනය කිරිම සඳහා රුපියල්  100කට ආසන්න මුදලක් වියදම් වන බවත් විශාල මුදලක් ප්‍රවාහනය සඳහා ද වියදම් වන බවය. එහෙත් කිලෝවක් රුපියල් 50ට හෝ අලෙවි නොවීම නිසා දින කිහිපයක්  දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ගොවීන්ට රැදී සිටිමට සිදුවන බවද ඔවුහු පවසති.

තමන්ගේ රුපියල් 50 කටත් අඩුවෙන් ලබා ගන්නා අර්තාපල් තමන් ඉදිරියේ ම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පිටින් සිල්ලර එළවළු වෙළඳසල්වල කිලෝව රුපියල් 100කට අලෙවි වන බවද වැඩිදුරටත් සඳහන් කර සිටිති. 



අදහස් (10)

යාපනයේ අර්තාපල් දඹුල්ලේ දී ගණන් බහී

Perakum Thursday, 08 February 2018 10:54 AM

මම දන්නවා මේ යාපනේ ගොවියෝ හරිම අසරණයි අහිංසකයි අපේ අය වගේ උද්ඝෝෂණ කරන්නෙ නෑ. ඇයි රජය ඔය කතා කරන සුහදතාවය ගැනවත් හිතල යමක් නොකරන්නේ? වෙන රටවල නම් ගොවියාගේ ආර්ථිකය නගාසිටුවන්න කොයි තරම් දේවල් කරනවද...!

:       0       273

sarath Thursday, 08 February 2018 01:07 PM

ගොවියන් රැක ගැනීම රජයේ වගකීමක්. ගොවිතැන් කරන්න මොවුන්වු වෙන මහන්සිය ලඝු කිරීම නොවැටී. මොවුන් ගොවිතැන් වලින් ඉවත් වුවහොත් ලැබෙන ප්‍රතිපල කියන්න ඕනේ නැහැ නේ. ආර්ථික මධ්‍යස්ථානයට දිනපතා හෝ සති පතා තොග වලට පාලන මිලක් සහ රටේම සිල්ලර වලට පාලන මිලක් ඇති කිරීමෙන් ගොවියාත් අතරමැදියාත් ,පාරිභෝගිකයාත් යන සියලුම දෙනා රැකෙයි.

:       0       121

PerakumThursday, 08 February 2018 10:38 PM

දේශපාලුවෝ කියන්නේ නම් අපිට තියෙන්නේ කෘෂි ආර්ථිකයක් කියලයි. ඒත් ගොවියා නගා සිටුවන්න මොනවද කරන්නේ?

:       0       39

sachithFriday, 09 February 2018 03:07 AM

පැවතුන, පවතින රජයන්ගේ එකම අභිප්‍රාය ආනයන වෙළඳුන්ගෙන් කොමිස් ලබා ගැනීම මිසක් දේශීය ගොවියා නගාසිටුවන එක නෙවෙයි.

:       0       11

hasitha Friday, 09 February 2018 05:57 AM

අර්තාපල් විතරක් නෙමෙයි, මේ රටේ නිෂ්පාදකයාට තමන්ගේ අස්වැන්නට කිසිම අයුරකින් සාධාරණ මිලක් ලැබෙන්නේ නෑ. එළවලු , කුළුබඩු, වී හැම දෙයකිනන්ම අධික ලාභය ලබන්නේ අතරමැදියයි. අඩුම තරමේ පාරිභෝගිකයාට මෙහි වාසිය ලැබෙනවනම් කමක් නෑ. පාඩු වෙනකොට ගොවින් වගාව අතහැරලා දානවා.. එතකොට හුරේ කියාගෙන පිටරට වලින් බාල නිෂ්පාදන ගෙන්වා අධික කොමිස් මුදල් හම්බ කරගන්නෙත් අතරමැදි වෙළෙන්දෝ තමා. මේක ක්‍රමවත් කරන්න කිසිම යාන්ත්‍රණයක් හදාගන්න අපේ දේශපාලුවන්ට අවශ්‍යතාවක් නැ.

:       0       24

PerakumFriday, 09 February 2018 08:41 AM

අපේ රට මේ ගැන අවුරුදු 70ක් තිස්සේ මොනවද කෙරුවේ?

:       0       19

naradha Saturday, 10 February 2018 12:49 AM

කතාවෙන් නම් මඩ සෝදාගත්කල ගොවියා රජකමටත් සුදුසුයි. නමුත් පසුගිය අවුරුදු 70 තුල සිදු වුනේ ගොවියා දුප්පත්කමේ සිරකර තැබීම පමණයි. අතරමැදියන් පලවා හැරීමට ගොවියන් සංවිධානය වී වෙළඳසැල් පවත්වාගෙන යා යුතුයි. මේ සඳහා රජය ගොවීන්හට සෑම සහයෝගක්ම දිය යුතුයි. පිටරටින් ගෙන්වන අර්තාපල් සඳහා වන තීරු බදු වැඩි කල යුතුයි.

:       0       4

ajith Saturday, 10 February 2018 07:36 AM

මේක මාර කතාවක්නේ. අල ළුෑණු මිල ඉහළ ගියත් රජය වැරදියි. මිල පහළ ගියත් රජය වැරදියි.

:       6       0

CHANDA Saturday, 10 February 2018 09:13 AM

හිතක්, පපුවක්, යුක්තියක් සාධාරණත්වයක් නැති රටක් මේක. කෝටි ගණන් මහජන මුදල් වියදම් කරමින් නඩත්තු කරන ආයතන හැට හුටා හමාරක් තිබුණත් බත සවි කරන ගොවියාට නිසි සාධාරණත්වක් නොකිරීම දේවශාපය ලබන්න තරම් බරපතල නපුරකි. උඩරට එළවලු ගොවියාටත්, යාපනේ ගොවියාට නොදෙවෙනි කෙනහිලිකම්ය. ඉතින් ගොඩඑයිද මේ රට?

:       0       6

prabash Saturday, 10 February 2018 09:39 AM

අර්තාපල් වවන කාලෙට සේරම එක්ක අර්තාපල් වවනවා පස්සේ විකුණගන්න බැහැ.

:       2       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 278 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 804 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1217 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site