IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


යූනියන් ඇෂුවරන්ස් බෑන්ක් ඇෂුවරන්ස් විශිෂ්ටයන්ට විදෙස් සංචාරයක්

 

  • නොපසුබස්නා උත්සාහයට උපහාරයක්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජීවිත රක්ෂණ සමාගමක් වන යූනියන් ඇෂුවරන්ස්, තායිලන්තය වෙත සුවිශේෂ සිව්-දින විදෙස් සංචාරයක් පිරිනමමින් සිය බෑන්ක්ඇෂුවරන්ස් අංශයේ ඉහළම කාර්යසාධනය පළකළ 60 දෙනකුට වැඩි පිරිසකගේ විශිෂ්ට ජයග්‍රහණ ඇගයීමට සහ සැමරීමට පසුගියදා කටයුතු කළේය. 

ඔවුන්ගේ පවුල්ද ඇතුළත් වන පරිදි පිරිනමන ලද මෙම සුවිශේෂ චාරිකාව සැලසුම් කර තිබුණේ කැපවීමෙන් යුතුව කටයුතු කරන මෙම පිරිසට සිය සාර්ථකත්වය තමන්ගේ ආදරණීයයන් සමඟ සැමරීමට අවස්ථාව ලබාදෙන අතරම මතකයේ රැඳෙන අත්දැකීම් සමඟින් ඔවුන් ඇගයීමේ අරමුණ ඇතිවය. 

මෙම චාරිකාවෙන් විවිධ සංස්කෘතික අංග රැසක් සමඟ එක්ව විචිත්‍රවත් තායි සංස්කෘතියේ මනරම් ඉසව් ඔස්සේ ආකර්ෂණීය දර්ශන නරඹමින්, තායි ආහාරපානවල මිහිර විඳගැනීමට සහභාගි වූවන්ට අවස්ථාව හිමිවිය. රෝයල් ගැලැක්සි නෞකාවේ රාත්‍රී භෝජන සංග්‍රහයක් ද එයට ඇතුළත්ව තිබුණු විශේෂයෙන් කැපීපෙනුණු අංගයක් විය. මෙම චාරිකාවට යූනියන් ඇෂුවරන්ස් හි ප්‍රධාන විධායක නිලධාරී සෙනත් ජයතිලක ද සහභාගි වූ අතර, ජයග්‍රාහී හැඟීමෙන් චාරිකා අත්දැකීම් විඳගනිමින් සිටි පිරිස සමඟ ඔවුන්ගේ විශිෂ්ටත්වය සැමරීමට ඔහුද එක් විය. 

මෙම චාරිකාව පිළිබඳව සිය අදහස් පළ කරමින්, යූනියන් ඇෂුවරන්ස් හි ප්‍රධාන සහකාරත්ව බෙදාහැරීම් නිලධාරිනී, වත්සලා අලු‍ත්ගෙදර මෙසේ පැවැසුවාය: “මේ සුවිශේෂ විදෙස් සංචාර අත්දැකීම අපේ බෑන්ක්ඇෂුවරන්ස් විසින් පෙන්වූ දැඩි කැපවීම, වෙහෙස සහ විශිෂ්ටත්වය වෙනුවෙන් වූ නොපසුබස්නා උද්‍යෝගය උදෙසා පිරිනැමුණු උපහාරයක්. යූනියන් ඇෂුවරන්ස් හි අප ශ්‍රී ලංකාවේ ප්‍රමඛතම බෑන්ක්ඇෂුවරන්ස් සේවා සැපයුම්කරු වන්නට ලැබීම ගැන ආඩම්බර වෙනවා වගේම දක්ෂකම් ඇගයීමට සහ වර්ධනය කිරීමටත් විශාල වශයෙන් කැපවෙනවා. සියලු‍ දෙනාවම සවිබල ගැන්වීමට සහ සැමට එක්ව ජයග්‍රහණ ලබන අතරම තමන්ගේ උපරිම හැකියාව විදහා පාන්නට හැකියාව ලබාදෙන පරිසරයක් පවත්වා ගන්නට අප සතුව පවතින වටිනාකම් මේ වැඩසටහන මඟින් පිළිබිඹු වෙනවා”. 

යූනියන් ඇෂුවරන්ස් යනු විවිධාංගීකෘත කර්මාන්ත අංශ 7ක පවතින සමාගම් 80කට අධික ණයක් සමඟ ක්‍රියාත්මක, කොළඹ කොටස් වෙළෙඳපොළේ විශාලතම ලැයිස්තුගත සමූහ ව්‍යාපාරයක් වන ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පී.එල්.සී (JKH) හි අනුබද්ධ සමාගමකි. වර්ෂ 2024 සැප්තැම්බර් මාසය අවසාන වනවිට රු. බිලියන 27.8ක වෙළෙඳපොළ ප්‍රාග්ධනකරණයක්, සහ රු. බිලියන 74.7ක ජීවිත අරමුදලක් සහිතව දශක තුනකට අධික කාලයක් සාර්ථක ලෙස සම්පූර්ණ කිරීමට මෙම සමාගම සමත්ව ඇත. ජීවිත වෙත රැකවරණය සලසන අතරම සියලු‍ ශ්‍රී ලාංකිකයන් සඳහා පිරිපුන් සුවසෙත සැලසීමට කැපවී සිටින යුනියන් ඇෂුවරන්ස්, ශ්‍රී ලාංකිකයන්ගේ සෞඛ්‍ය, ආයෝජන, රැකවරණ, විශ්‍රාම, සහ අධ්‍යාපන අවශ්‍යතා ආවරණය කරන ජීවිත රක්ෂණ විසඳුම් පිරිනමයි.



අදහස් (0)

යූනියන් ඇෂුවරන්ස් බෑන්ක් ඇෂුවරන්ස් විශිෂ්ටයන්ට විදෙස් සංචාරයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 582 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site